Friday, May 3, 2024

ඡායාරූප කතාව: පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයෝ ඉතිරි කර ගියේ මොනවාද?

  Reuters  ඡායාරූප කතාවක දළ සිංහල පරිවර්තනයකි‍‍‍‍‍.

ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දරුවන් සෙල්ලම් කරන හඩින් පිරි ගිය පටු මාවතක අද නිහඩය.

දරුවන් තිදෙනාද අතුළුව මුලු පවුලම පාස්කු ඉරිදා සන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියහ.

මේ නව වියැති බෙවන්, සය වියැති ක්ලවොන් සහ එකලොස් මසැති අවොන් ක්‍රිඩා කළ අද පාලු පටුමඟයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බාලම වින්දිතයාට මාස එකොළහකි.

නව වියැති බෙවොන් සහ සය වියැති ක්ලවොන් ද අප්‍රෙල් 21 දා මිය ගියේ ය.

ඔවුන්ගේ අට වියැති ඥාති සොයුරා වන ජොෂුවා විපත තේරුම් ගැනිමට පෙර බදයි.

මං මගේ සහෝදරයින්ට ආදරයෙි. මට විශ්වාසයි ඒ ගොල්ල ඉක්මනට ඒවි. එතකොට අපට සයිකල් පදින්නයි පාරේ සෙල්ලම් කරන්නයි පුලුවන්‘. ඔහු කිවේ ය.

පාස්කු ඉරිදා ‌ ‌ෙබෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සම්පත් විහ්වකිර්තිිට (45) අයත් ත්‍රී රෝද රථය ඔහුගේ නිවස ඉදිරිපාට නවතා තිබේ. සම්පත් සහ ඔහුගේ දියණියන් දෙදෙනා මිය ගිය අතර බිරිඳ තුවාල ලැබීය.

මිය ගිය බොහෝ දෙනා ආදරයෙන පාවිච්චි කළ දේ ද ඉවත් කිරීමට ඉතිරි වූ ආදරණියන්ට දුෂ්කරය. ඔවුන් ජීවත් වූ වැඩකළ සහ ක්‍රීඩාකළ අවකාශය ද දැන් හිස් ය.

ක්‍රිතිකාගේ මහණ මැෂිම ඇයගේ නිවස ඇති අයරු.

ප්‍රියන්ත ජයකොඩි සිය පාදයේ වූ තුවාලයක් නිසා එදින සාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ වූ දේවමෙහෙයට ගියේ නැත. නමුත් සිය නිවසේ ප්‍රථම මහලේ දේවස්ථානය දෙසට වූ ජනේලය ඇරගෙන ඔහු දේව මෙහෙයට සවන් දුන්නේ ය.

පිපුරුම වූ වහාම ඔහු සිය අත්වාරු දෙක රැගෙන පහළ මාලයට පැන පැන ආවේ ය. ඔහු පාරට එත්ම ජනයා දේවස්ථානයෙන් පිටතට දුවනු ඔහුට දැක්ක හැකි විය. දේව මෙහෙයට ගිය ඔහුගේ බිරිඳ ක්‍රිතාකා සහ 17 හැවිරිදි පුතාඒ දිව ගිය පිරිස අතර නොවී ය. ඔවුන් දෙදෙනා වෙන කොහේවත් සිටියේ ද නැත.

ඇය මියෑදුනි. පුතා තවම ජීවිතය රැක ගැනීමට ංංංං හි සටන් කරයි. එදා සිට ක්‍රිතිකා ගේ මහණ මැෂිම පවුලේ සාලයේ නිහඩව හිදි. ඊට ඇමුණූ නූල් රෝදය ඇය එනතුරු බලා සිටී.

ලිහිරු ප්‍රසංග ප්‍රනෑන්ඩු (34) සහ ඔහුගේ බිරිඳ දිලනි සංජීවනී (34) ගේ නිවසෙහි මේරි සහ ජීසස්ගේ ප්‍රතිමාවකි. ඒ යුවල සාන්ත සෙබෙස්තියන් දේවස්තානයට එල්ල වූ ප්‍රහාරයේ දී මිය ගියෝ ය.

ඇය හැම විටම මා ගැනත් මගේ පුතා ගැනත් අපේ නිවෙසත් බලා කියා ගත්තා. ඇය අලුත් රෙදි ගෙනැත් අලුතෙන් ජනෙල් රෙදි මහන්න පටන් අරං තිබුණේ.’ කදුළු මැදින් කියන්නේ ප්‍රියන්තා ය.

එක මෙහොතකින් මගේ ජීවිතය වෙනස් වුණා’

විශ්මිගේ නිදින කාමරයේ බිත්තියෙහි පාසලු කාලසටහන තවම එහෙමම ය.

චනුදම යසවර්ධනට ඔහුගේ බිරිඳ ද තරුණ දියණියන් දෙදෙනාද මීගමුව දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් නැති විය.

විශ්මිගේ ඇඳ උඩ පාසලු් බෑගය ලැහැස්තිව තිබේ.

ප්‍රහාරයෙන් සතියකට පසුත් ඔහුගේ 14 හැවිරිදි බාල දියණිය විශ්මිගේ පාසැල් බෑගය ඇඳ උඩ නැවතී තිබේ. එය එතැනින් ඉවත් කිරීම ඇය යළි නොඑන බව පිළිගැනීමකි.

මගේ දුවල දෙන්න මාව දාල ගියා කියළ මට හිතෙන්නේ නැහැ. මට බැහැ ඒක පිළිගන්න.’ යැයි කියන්නේ චන්දිම ය. ඔහුගේ මුහුණ බෝම්බ කැබැල්ලකට කැපී ගොසිනි.

ශාන්තා මායාදුන්ගේ සූප ශාස්ත්‍ර වැඩසටහනක් සඳහා එළිමහනේ සකස් කළ ස්ටුඩියෝවක්.

රැපවාහිනී ඉවුම් පිහුම් වැඩසටහනක් පවත්වා ගෙන ගිය ප්‍රසිද්ධ සූප ශාස්ත්‍රවේදිනී ශාන්තා මායාදුන්න සහ ඇයගේ දියණිය, ශංග්‍රිලා හෝටලයෙහි උදෑසන ආහාරය ගන්නා අන්දම දැක්වෙන සෙල්පියක් යවා විනාඩි ගණනාවකට පසු බෝම්බ ප්‍රහාරයට හසු විය.

එම වැඩසටහන සම්පාදනය කළ සිරිමලී ඒ සදහා සකස් කළ ස්ටිඩියුවෝව පෙන්වමින් කියන්නේ ‘ ඇය වැඩ සටහන සදහා අවශ්‍ය හැම දෙයක්ම වලං, එළවලු යනාදී හැම දෙයක්ම ගෙදරින් ගෙ ආවා’ කියා ය.

මේ ඇයගේ මුලුතැන්ගෙට ඇය අයෙම එන්නේ නැහැයි හිතන්න අපට බැහැ’

මඩකලපුවෙහි සියොන් දේවස්ථානයට එල්ල කල ප්‍රහාරයෙන් මිය ගිය 29 ‌දෙනා අතර දරුවන් 14 දෙනෙකු විය.

ජැක්සන් ක්‍රීඩා කරන්නට ආ පැසි පන්දු පිටය අද පාලු ය.

දීප්තිමත් පැසි පන්දු ක්‍රීඩකයකු වූ ද පාසලේ පැසි පන්දු කණ්ඩායමේ නායකයා වූ ද ජැක්සන් බෝමබ ප්‍රහාරයෙන් එතැනම මිය ගියේ ය.

ඒ මගේ එකම දරුවා. මං ඔහුට පැසි පන්දු ක්‍රීඩා කරන්න ඉගැන්නුවා. අපි දෙන්න එකට ක්‍රීඩා කරල හරියට සතුටු වුණා. දැන් මගේ අනාගත පරම්පරාවම ඉවරයි. කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ’ යැයි කීවේ ඔහුග‌ේ පියාවන අර්සරත්නම් ජැක්සන්ගේ ජර්සි සහ පැස් පන්දුව දෙස බලමිනි.

මාත් එදා ඔහුත් එක්කම පල්ලියට යන්නයි තිබුණේ’ ඔහු කීය.

කෙවින් කුවෙන්තිරාසා ගිය හතරවෙනි වසරේ පන්ති කාමරය.

ශ්‍රී ලංකාවේ පාසල් යළි අරඹුණ විට මඩකළපුවෙහි එක් දරුවකු එනම් කෙවින් කුවෙන්තිරාසා යළි කිසි දිනෙක පාසළඑ නොඑනු ඇත. සියොන් දේවස්ථානයේ ඉරිදා දහම් පාසැලට සහභාගිවෙමින් සිටි ඔහු බෝම්බ ප්‍රහරයෙන් මිය ගියේ ය.

එයා හරි ක්‍රියාශූර, ත්‍යාගශීලී සහ හැමෝටම උදව් කරන දරුවෙක්.’ යැයි කීවේ ඇය ඔහුට ඉගැන් වූ පාලු පන්තිකාමරයෙහි සිට ගුරුවරියක වන විජිතාකුමාරී ය. ‘ මං දන් නෑ ඔහුගේ යහලුවන්ට මේක කොහොම තේරුම් කරන්න ද කියලා’

රූප රාමු ‌‌පෙළ

An art file belonging to Kevin Kuventhirarasa.

කෙවින් කුවෙන්තිරාසාගේ චිත්‍ර ගොනුවක්.

Christian decorations hang on the door to the house of brothers Bevon, aged nine, Clavon, aged six, and 11-month-old Avon. The three brothers and their parents were killed during the during Easter Sunday bombings at St. Anthony Church.

නම වියැති බෙවින්, නම වියැති කලේවන් සහ ඒකොළොස් මසැති අවොන් යන සොයුරන්ගේ නිවසෙහි දොරෙහි ඒල්ලා ඇති ක්‍රිස්තියානි සැරසිළි. එම සොයුරන් තිදෙනාත් මාපියන් දෙදෙනාත් සාන්ත අන්තෝනි දෙව් මැදුරට පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියහ.

An empty bedroom belonging to Rangana Fernando, 41, his wife Danadiri, 37, their daughters Fabiyola, 6, Leona, 4, and 11-month-old son, Seth, who were killed during Easter Sunday bombings at St. Sebastian Church. "We will lock this house after donating everything belonging to family. There is no one to take care of it. It was such a perfect happy family but everyone is gone because of one person," said a relative who had arrived from overseas to attend the funeral of the family.

රංගන පුනාන්දු (41) බිරිඳ දනාදිරී (37) ෆබියෝලා (6) සහ ලියෝනා (4) යන දියණියන්ගේ සහ යන ඒකළොස් මසැති පුතා සෙත් නිදා ගත් අද හිස් නිදන කාමරය. සාන්ත අන්තෝනි දෙව් මැදුරට ඒල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පවුලම මියදුනි. ‘ ඔවුන්ට අයත් සියළු දෙ දන් දී අප මේ නිවස වසා දමනවා. එය බලා ගන්න කව්රැවත් නැහැ. ඒ් ගොල්ලො අපූරු ප්‍රීතිමත් පවුලක්. ඒත් ඒක මිනිහෙක් නිසා ඒ් ඔක්කොම යන්න ගිහින්. ‘ යැයි කීයේ පවුලේ අවමඟලට සහභාගිවිම පිනිස එතෙර සිට පැමිණි ඥාතියෙකි.

Toy dolls are seen inside the house of Rangana Fernando and his family.

රංගන ප්‍රනාන්දු සහ ඔහුගේ පවුල ජීවත් වූ නිවසෙහි බෝනික්කන් තවම සිටී්‍.

An empty kitchen is seen inside the house of Verlini Suranga, a 35-year-old housewife, who was killed during Easter Sunday bombings at Zion Church. Verlini Suranga was killed with her husband and nephew while attending the Easter mass.

සියොන් දේව්මැදුරට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය 34 හැවිිරිදි වර්ලනී සුරංගගේ පාලු මුළුතැන්ගෙය. දේව මෙහෙයට සහභාගි වෙමින් සිටි වර්ලනී සුරංගද ඇයගේ සැමියාද බෑනා ද බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියෝය.

An empty bed belonging to Chamodh Parera, eleven, a sixth grade student who was killed during Easter Sunday bombings at St. Sebastian Church. Chamodh was killed with his aunt, Mary Sheila who accompanied him for the mass as his father had a fever.

11 වියැති චමෝද් පෙරේරාගේ පාලුවට ගිය ඇ. ඔහු හයවන වසරේ සිසුවකු විය. චමෝද දේව මෙහෙයට එක් කරගෙන ගිය ඔහුගේ නැන්දා වූ මෙරි ෂෙයිලා ද ඔහු සමග මියෑදුණි.

Photos of Rashini, thirteen, her sister Shalomi, ten, and brother Shalom, seven, who were killed during Easter Sunday bombings at St. Sebastian Church, are seen inside their house. Pradeep Thusantha who lost his wife and children was outside the church. He rushed towards his family when he heard the explosion. "Me and my wife were deeply in love for the last 15 years. Our family was bonded together. All five of us slept in one bedroom. I remember how beautiful they all looked when they left for the church. I worked hard to keep my family happy. Now I just want to leave this country and work for God for the rest of my life."

සාන්ත සෙබෙස්තියන් දෙව්මැදුරේදී මිය ගිය රශිනි (13), ඇයගේ සහෝදරිිය ශලෝමි (10) සහෝදරයා ශලෝම් (07) ගේ ඡායාරූප ප්‍රදීප් තුසන්තගේ නිවෙසෙහි දැක්ක හැකි ය. ප්‍රදීප් තුසන්තගේ බිරිිඳ සහ දරුවන් දෙව්මැදුරෙන් පිටත දී බෝම්බයට බිලිවිය. බෝම්බ පිපිරුම ඇසූ සැනෙන ඔහු සිය පවුල කරා දිව ගියේ ය. ‘ මාත් බිරිදත් වසර 15ක් ආදරයෙන් ජිවත් වුණා. අපේ පවුල එකට බැදිල හිටියෙ. අපි පස් දෙනාම නිදා ගත්තේ එක කාමරයක. මට මතකයි ඔවුන් කොයිතරම් ලස්සනට හිටියද කියළ දෙව්මැදරට යන කොට. මං මහන්සි වෙලා වැඩ කරා මගේ පවුල සතුටෙන් තියන්න. දැන් මට ඕන මේ රට දාල ගිහින් මැරෙන තුරු දෙවියන්ට සේවය කරන්න’.

An empty bedroom belonging to Rasika Dilrukshi, thirty, her daughters Rashini, thirteen, and Shalomi, ten, and son Shalom, seven.

රසිකා දිල්රුක්ෂි (30), ඇයගේ දියණියන් වු රශීනි (13), ශලොමි (10), සහ පුතා ශලෝම් (7) නිදාගත් අද පාලු නිදින කාමරය.

A photo of Janisha Vidushan, sixteen, a student who was killed during Easter Sunday bombings at St. Sebastian Church. Janisha was killed with his cousin, aunt and grandmother.

ජනීසා විදර්ශන් (16) ගේ ඡායාරූපය.  සාන්ත සෙබෙස්තියන් දෙව්මැදුරට පාස්කු ඉරිදා එල්ල වූ බේම්බ ප්‍රහාරයට  ජනිසා සමඟ ඇයගේ මස්සිනා, නැන්දා සහ ආච්චී ද මිය ගියෝය.

An empty bed belonging to Janisha Vidushan.

ජනීසා විදුර්ශන්ට අයත් පාලු නිදන කාමරය.

An empty workshop of Dulip Kumar, 46, a carpenter who was killed during Easter Sunday bombings at St. Sebastian Church. He and his two teenage children died while his wife survived with an injury to her right eye. "He was known all over the town for his skills. We used to work together. He was suppose to open the workshop the next day of Easter after a few days break. It feels strange to come here without him," said his younger brother Jude Prasad Appuhamy.

වඩු කාර්මියකු වූ දුලිප් කුමාර් (43) ගේ වැඩ පල හිස් ය. ඔහු සාන්ත සෙබෙස්තියන් දෙව්මැදුරට එල්ල වූ ප්‍රහාරයෙන් මියෑදුණි. ඔහු සහ ඔනුගේ තරුණ පුතුන් දෙදෙනා ද මිය ගිය අතර බිරිිදගේ ඇසට තුවාල වීය. ‘ ඔහු ප්‍රසිද්ධයි දක්ෂ වැඩකාරයෙක් විදිහට. අපි එකට වැඩ කරේ. පාස්කු විවේකයෙන් පස්සේ දින කිහිපයක් ගිහින් වැඩපල අරිින්නයි ඔහු හිටියෙ. ඔහු නැති මෙතැනට එක හිතා ගන්න බැහැ’ යැයි ඔහුගේ සහෝදරයා වන ජූඩ් ප්‍රසාද් අප්පුහාමි කියයි.

A bike stands outside the unfinished house of Lahiru Prasanga Fernando, 34, and his wife Diliini Sangeewani, 34, who were killed during Easter Sunday bombings at St. Sebastian Church. "They had been married for more than 15 years and were so happy together. They were childless but treated this house as their kid. They were building it slowly for the last few years. Now they've left me alone in this house," said Sudarshni Fernando, mother of Lahiru.

සාදා නිම නොකල ලහිරු ප්‍රසංග ප්‍රනාන්දු (34) ගේ නිවෙස ඉදිරිිපිට යතුරු පැදියකි. ඔහු සහ ඔහුගේ බිරිද දිලනි සංජිවනි (34) සාන්ත සෙබෙස්තියන් දෙව්මැදුරට එල්ල වූ ප්‍රහාරයෙන් මියැදුණි. ‘ එ දෙන්න බැදල අව්රුදු 15ක්. දරුවො නැහැ. ත් මේ ගෙදරට සැළකුවෙ තමන්ගේ දරුවෙකුට වගේ. පහුගිය අව්රුදු ගානෙම ඒ දෙන්න හිමිහිට මේ ගේ හැදුව. දැන් ඒ දෙන්න මං තනි කරළ යන්න ගිහිං’ යැයි කියන්නේ ලහිරුගේ මව වන සුභාෂිනී ප්‍රනාන්දු ය.

WRITING BY ALASDAIR PAL
Reuters 

දළ අනුවාදය සුනන්ද ‌‌දේශප්‍රිය විසිනි.

Archive

Latest news

Related news