Monday, May 20, 2024

අන්‍ය මතධාරීන් කපා කොටා ඝාතනය කළ යුතු බව කියන බ්‍රිතාන්‍ය-සිංහල අන්තවාදිනිය ගැන පරීක්ෂනයක්!

බ්‍රිතාන්‍යයේ ජීවත්වන පත්මිනී නිස්සාංග නම් අන්තවාදී අදහස දරන ශ්‍රී ලංකික කාන්තාවක් මුහුණු පොතෙහි දක්වන ලද වෛර ප්‍රකාශයක් හේතුකොට ගෙන පරීක්ෂනයකට මුහුණ දී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඇය සංක්‍රමණික විරෝධී පක්ෂයක් වන UKIP නමින් හැදින්වේ්න බ්‍රිතාන්‍ය නිදහසේ පක්ෂයේ Swale Borough හි පාලාත් පාලන ආයතන නියෝජිතවරියකි.

එමෙන්ම ඇය ජානීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සිංහල අන්තවාදී පිරිස් නියෝජනය කරන ලෝක බෞද්ධ සංවිධානය නම් රාජ්‍ය නොවන ආයතනයේ ප්‍රධානියකුද වෙයි. එමෙන්ම එවැනි පිරිස් සමඟ ඇය මානව හිමිකම් කවුන්සිලයට සහභාගිවීම පිනිස සරත් විරසේකර යනාදීන් සමඟ අවස්ථා ගණනාවකදීම පැමිණ තිබේ.

බ්‍රි‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රැදී සිටිය යුතු බව කියන පිරිස් ද්‍රොහීන් බවත් ඔවුන් අතුගා දැමිය යුතු බවත් ඇය සිය මුහුණූ පොතෙහි සටහන් කර තිබේ.

එවැනි පිරිස් එල්ලා මැරීම හෝ මැර කල්ලි ලවා මහා මන්න පිහිවලින් කපා කෙටිය යුතු බවත් ඇය සිය මුහුණූ පොතෙහි ලියා ඇති බව එම බීබීසී වාර්තාව දක්වයි.

මෙම සටහන් සත්‍ය බවට සකාථ කර ගැනීමෙන් පසු ඇයගේ නම ජන්දහිමි නාමලේඛනයෙන් කපා හැරිය යුතු යැයි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නියෝජිතවරයකු ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවෙහි දී ද දෙමළ ජනයාට සමාන අයිතීන් සහ මානව හිමිකම් අයිතිවිය යුතු බව කියන පිරිස් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමිය යුතු බව වරක් සරත් වීරසේකර කියා තිබුණි.

ඒ අතින් පත්මිනී නිස්සාන්ග සහ ඇය සමඟ එක්ව කටයුතු කරන මෙරට අන්තවාදීන් අතර එතරම් වෙනසක් නැත. තමාද බ්‍රිතාන්‍යයේ වෙසෛන විදේශිකයකු වන අතරම සිය මුහුණූ පොතෙහි ඇය මෙසේ ලියා තිබේ. ‘ යුරෝපා සංගමයේ රැදී සිටිය යුතු බව කියන බාගයක්ම පිටරැටියෝ. එතකොට අපේ ඉංග්‍රිසි මිනිස්සුන්නට වෙන්නේ මොකක්ද ? ඔවුන් කොහේද ජීවත් වෙන්න යන්නේ?”

ඇය විසින් මුහුණු පොතෙහි පළ කරන ලද එක් සටහනක් පහත පළවේ.

(c) SLB.

ඡායාරූපය: SWALE BOROUGH COUNCIL.

Archive

Latest news

Related news