Tuesday, May 21, 2024

“යුද්ධය නම් නිමයි ඒත් සාමය තව දුරයි” – දේශාන් පෙරේරා.

තිස් වසරක යුද්ධයක් නිම වී දශකයකයක කාලයක් ගෙවී ඇතත් නැවත මෙවැනි භයානක තත්වයක් මේ මහා පොළොව මත මින් මතුවට ඇති නොවනු බව සනාථ කරලීමට අපට නොහැකි වී තිබීම අභාග්‍යට කරුණකි.

මෙහි ලා පුර්ණ වගකීම රජයකට ලඝු කර දැත් පිසදා ගැනීමට සර්ව ජන චන්ද බලය හිමි පුරවැසියන් වන අපට නොහැකි බව පසක් කරලීමට කැමැත්තෙමු. සැබෑ සංහිඳියාව තුළින් ස්ථිර සාමය ඇතිකරලීමට රජයකට මෙන්ම පුරවැසියන් වූ අපටද ඇත්තේ සාමූහික වගකීමකි.

අහන්න මේ ඇහෙන්නේ සාමය ගැනයි”

හන්න, கேளுங்கள், Listen එවකට (2018 අගෝස්තු) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවතින සංහිඳියා යාන්ත්‍රණ සම්බන්දීකරණ ලේකම්කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව මෙන්ම සිවිල් පුරවැසි සංවිධාන එකමුතුව නිර්මාණය කරන ලද වැඩසටහනකි.

සැබෑ සංහිඳියාව තුලින් පමණක් තිරසර සංවර්ධනය” යන්න තේමාව කොට ගත් අහන්න වැඩසටහනේ මුලික අදියරය මොණරාගල ප්‍රදේශයේ පැවති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ ගම්, නගර දනව් හතළිස් හතරක (44) පුරවැසියන් පහළොස් දාහකට (15,000) අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්වුණි. එක් කණ්ඩායමක් දෙහිවල නගරයෙන් ගමන් අරඹා මුහුදුබඩ මාර්ගය ඔස්සේ මොණරාගල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණ භූමියටද, අනෙක් කණ්ඩායම කඩවත නගරයෙන් ගමන් අරඹා මහා නුවර හරහා මොණරාගල, ඔක්කම්පිටිය නගරයෙන් ද අවසන් වුනි.

ගම් නියන්, නගර දනව් කරා මෙලෙස ගමන් කල “අහන්න ” වැඩසටහනට ලැබුණේ මහගු ප්‍රතිචාරයකි. ජනසමාජය තුල, ජනමාධ්‍ය තුල මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුලද “අහන්න ” පිළිබඳ වුයේ මහත් උද්යෝගයකි. “අහන්න ” නිසාවෙන් පුරවැසියන් අතර සංහිඳියාව පිළිබඳ කතිකාවතක් ඇතිවුණි.

අහන්න මුලික අදියරේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වනුයේ පශ්චාත් යුධ සමයෙදී ජාතින් සහ ආගම් අතර ගැටුම් සිද්ධ වූ ප්‍රදේශ බොහෝමයක් ආවරණය වන ලෙස අහන්න මුලික අදියර සකස් කිරීමයි. එලෙස ගැටුම් ඇතිවූ ගිංතොට, දිගන, අලුත්ගම, වැනි නගරවලදී පැවති අහන්න වැඩසටහනේදී ප්‍රදේශවාසීන් එවැනි අප්‍රසන්න ගැටුම් නැවත ඇති නොවීමට මෙවැනි වැඩසටහන් ඉතාමත් කාලීන බව අවධාරණය කරන ලදී. අහන්න වැඩසටහන තුල ක්‍රියාත්මක වන වීදී නාට්‍යයයෙන් කියැවෙන “අළු යට ගින්දර තවමත් ඇති බව” සංකල්පය ඇහැක් කරලීමට අහන්න වැඩසටහනේ ජාතින් අතර ගැටුම් සිදුවූ ප්‍රදේශවල මිනිසුන්ගේ අදහස් ප්‍රමාණවත් විය. පමාවී හෝ අප මෙය තේරුම් ගනීවී නම් “අළු යට ගිනි” සදාකාලීකවම නිවා දැමිය හැක.

(අම්බලන්තොට, බරණගම ගරු නන්දසිරි ස්වාමින් වහන්සේ සංහිදියාවේ වටිනාකම පිලිබඳ අදහස් දැක්වූ ආකාරය පහත වීඩියෝවෙන් බලන්න

https://www.facebook.com/Ahanna.Official/videos/vl.345710906175694/376159862918595/?type=1

සංහිඳියා ප්‍රවර්ධන වැඩසටහනක් වූ “අහන්න ” සමාජ කතිකාවත අතර පුරවැසි ඉල්ලීම් වලින් ප්‍රමුක ඉල්ලීම් වුයේ “අහන්න වැඩසටහන පාසැල් මට්ටමින්, තරුණ ප්‍රජාව අතර මෙන්ම සමාජ නායක නයීකාවන් අතරට රැගෙන යන යන ලෙසටය.

අහන්න පාසලට” කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇරඹෙන්නේ අහන්න මුලික අදියරේදී පුරවැසියන් විසින් සිදුකල ඉල්ලීම්වලට එක් ප්‍රතිචාරයක් ලෙසිනි. අහන්න පාසලට වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙ පාසල් දහයක් (10) ආවරණය කරනලදී.

(හංවැල්ල රාජසිංහ මාධ්‍යමහා විද්‍යාලයේ ශිෂ්‍යාවකු විසින් වැඩසටහන පිලිබඳ අදහස්දැක්වීමකදී)

අහන්න පාසලට වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දහයක (10) වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හාරදහසකට (4,000) අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවුණි.

අහන්න පාසලට” විශේෂ වැඩසටහන පාසල් සිසුදැරියන්ගේ සිත් දිනාගත් එකක්විය. සිසුදැරියන් ප්‍රශ්ණ අසමින්, අදහස් උදහස් දක්වමින් අන්තර් ක්‍රියාකාරීව වැඩසටහන්වලට සහභාගී විය.

අහන්න පාසලට සුවිශේෂීම වැඩසටහනක් වුයේ, දරු දැරියන් සමඟ සංහිඳියාව පිළිබඳ කතිකාවේ නියැළීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් වන චමින්ද ගුණසිංහ, ප්‍රසංග ප්‍රනාන්දු, රවිඳු උස්වැටකෙයියාව යන අයට අමතරව එක් වූ තවත් සුවිශේෂ චරිතයක් වන ශ්‍රී විභූෂණ විශ්වකීර්ති ජනාධි නන්දන ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සිසු දැරියන් සමඟ මෙම වැඩසටහනට එක්වීමයි.

සිසු දැරියන් අහන්න පාසලට වැඩසටහන තුල ඇසු කියූ කරුණු කරණා වැඩිහිටියන් වන අපටද සංහිඳියාව ඇතිකිරීමෙහිලා බෙහෙවින් අත්‍යවශ්‍ය පණිවුඩ රැසක් පසක්කරලීමට සමත්වූ තෝතැන්නක් විය. සිසු දැරියන් සංහිඳියාවට ඇති ප්‍රධාන බාධාව සොයාගෙන අවසන්ය, , ඊට තුඩු දුන් මුලික කරණාවූ භාෂාව, ජාතින්වලට බෙදුණු පාසල්, ආගම් මුල්කරගෙන බෙදී ඇති පාසල් සහ රටක් දැයක් පාලනය වන ව්‍යවස්ථාවේ පවතින සුවිශේෂ දුර්වලතා වන ජාතීන්, ආගම්, ලිංගිකත්වය මත මිනිසුන් බෙදා ඈත් කර ඇති ආකාරයන්ය. අනාගතයේදී මේ දරු දැරියන් වැඩිහිටියන් බවට පත්වී ඔවුන්ට අවශ්‍ය ස්ථානයට අද අප සිටිනා රට පරිවර්තනය කරණු නොඅනුමානයි. අප සැමගේ දු දරුවන්ට අවශ්‍ය එම සංක්‍රාන්තිය කරා පියනැගීමට අවශ්‍ය අඩිතාලම දැමීමට අහන්න වැඩසටහන මහඟු තෝතැන්නක්වූ බව අවදාරණය කළයුතුය.

අහන්න නිමි නැත, අහන්න යාල්පානම් (යාපනය) බලා ගිය සුන්දර ගමන මෙන්ම, අහන්න යොවුන්පුරයට (වීරවිල) වැඩසටහන් පිලිබඳ මාගේ මීළඟ ලිපියේදී ඔබ දැනුවත් කිරීමට පොරොන්දුවෙන් සමුගනිමි.

2019 බක්මස 8 වැනිදා

Archive

Latest news

Related news