Wednesday, April 24, 2024

ජාතික ‍‍‍‍‍‍‍ ‍‍‍‍‍විද්වත් සංවිධානය සම්මත කළ ‌‌යෝජනා

(ලංකා ට්රුත්) ජාතික ‍‍‍‍‍‍‍ ‍‍‍‍‍විද්වත් සංවිධානය රට පුරා ගමන් කරමින් ජනතා අදහස් ලබාගනිමින් රට සුබවාදී දිසානතියකට හැරවීම සඳහා පසුගිය කාලය තුළ සකස් කළ මූලික ප්‍රතිපත්ති මාලාව  ජනගත කිරීමේ මහ සමුළුව අද (19) පෙරවරු 10ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

මේ සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් ආචාර්ය මහාචාර්වයරු, කලාකරුවන්, ගොවි නායකයන්, ව්‍යාපාරිකයන් ආදී විශාල පිරිසක් ඊට එක්වී සිටියහ.

එම සමුළුවේදී විශේෂ යෝජනාවලියක්ද සම්මත කරගන්නා ලදී.

ඒ අනුව,

සමුළු යෝජනා

“ශ්‍රී ලාංකේය ජන සමාජයේ සුවිශේෂී වූ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් 2019 පෙබරවාරි 19වන දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මුළුදෙන මෙම ජාතික සමුළුවට ඉදිරිපත් කරන ජාතික විද්වත් සංවිධානයේ යෝජනාවලිය. සබුද්ධික ජන සමාජයක්, ආචාර්ය ධාර්මික පාලනයක්, හා නොසැලෙන ආර්ථිකයක් සහිත යුක්තිගරුක සහ ප‍්‍රජාතන්තවාදය සහිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම්වස් නව දේශපාලන, ආර්ථික පරිවර්ථනයක් සිදුකිරීමේ මුඛ්‍ය පර්මාර්ථය ඇතිව මෙම ජාතික මහා සමුළු යෝජනාවලිය ඉදිරිපත් කෙරේ.

දරිද්‍රතාවයේ පතුළටම ඇද දමා ජාති, ආගම්, පක්ෂ, කුල හා ප‍්‍රාදේශීය වශයෙන් බෙදා වෙන්කොට ව්‍යසනයේ පතුළ වෙත තල්ලුකර ඇති ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම සඳහා විද්වත්, වෘතික පුරවැසියන් විසින් මෙම සමුළුව වෙත ඉදිරිපත් කරනු ලබන ප‍්‍රතිපත්ති මාලාව සහ ක්‍රියාකාරී සැලැස්ම මහජන සංවාදයට ලක්කරමින් වැඩිදියුණු කිරීමටත් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම යථාර්ථයක් බවට පත්කිරීමේ කටයුතු වෙනුවෙන් ජාතික විද්වත් සංවිධානය කැපවෙන බවට යෝජනා කරමු. අවුරුදු 70කට අධික කාලයක් රට පාලනය කළ පිරිස් සමස්ත ශ්‍රී ලාංකීය සමාජය දියුණු කරනවා වෙනුවට තනි පුද්ගලයන්, කණ්ඩායම් හා අවස්ථාවාදීන් පෝෂණය කළ, අධූර දර්ශී දූෂිත දේශපාලනය ප‍්‍රතික්ෂේප කර, මෙම සමුළුවේදී ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රතිපත්ති මත පදනම් වෙමින් ඒවා ක්‍රියාවට නැංවීමේ අවශ්‍ය දැක්ම, වුවමනාව, හැකියාව සහ නිවැරදි නායකත්වය සහිත පුළුල් මහජන පෙරමුණක් ගොඩනැඟීම සඳහා ආගමික නායකයන්, දේශපාලන බුද්ධිමතුන්, සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සමස්ත ජනතාව සමග එක්ව කටයුතු කිරීම සඳහා ජාතික විද්වත් සංවිධානය කේන්ද්‍රීය නායකත්ව සපයමින් පෙරමුණගෙන ක්‍රියාකරන බවටත් යෝජනා කරමු.

නිදහස් අධ්‍යාපනය තුළින් අප ලැබූ දැනුම හා කුසලතාවයන් අවභාවිතයකින් තොරව ශ්‍රී ලාංකික ජනතාවට සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන සාධාරණත්වයක් ලබාදීම සඳහා ඉතා වගකීමෙන් හා ඕනෑකමින් ක්‍රියාකිරීමටත් ඒ අනුව ජනතාවට නිදහසේ අභිමානයෙන් යුතුව වංචාවෙන් හා දූෂණයෙන් තොර, ප‍්‍රතිපත්ති ගරුක, ආචාර ධාර්මික හා සබුද්ධ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අප සතු සියලු හැකියාවන් හා ශක්තීන් උපරිමයෙන් යොදා කටයුතු කරන බවට ද යෝජනා කරමු.”

 

Archive

Latest news

Related news