Saturday, April 20, 2024

නිදහසින් පසුව වැඩිම ප‍්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දිනාගත් වසර 4ක් – සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව

ජායාරූපය: සිර්සේනගේ

නමුත්, කුමන්ත‍්‍රණය අදටත් අවසන් නැත. එය මේ මොහොතෙත් විවිධ ස්වරුපයෙන් දියත් වෙමින් පවතී.

(අයිතිය/2019-02-21)

ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වැඩිම දේශපාලණ ප‍්‍රථිසංස්කරණ ප‍්‍රමාණයක් දිනාගත් වසර 4ක් ලෙස පසුගිය 2015-2018 කාලය හදුන්වා දිය හැකි බවට සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
පසුගිය පෙබරවාරි 04 වන දිනට අපට නිදහස ලැබී වසර 71ක් සම්පුර්ණ විය. නමුත් අපට තවමත් ජාතීන් අතර සමානාත්මතාවය, වාර්ගික සුහදත්වය ඇතුලූ අනෙකුත් මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ස්ථාපිත කර කරගැනීමට නොහැකි වී තිබේ.
දිගින් දිගටම රට තුළ ඇති වූ මෙම දේශපාලනික පරිහානිය පිළිබදව, විශේෂයෙන් ප‍්‍රගතිශීලී සිවිල් සමාජය තුළ විශාල කථිකාවක් නිර්මාණය වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස රටට අවශ්‍ය මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ දිනා ගැනීම ස`දහා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටත්, රාජ්‍ය පාලනය ස`දහා ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමටත් අවශ්‍ය සැලැසුම් සකස් විය. අවසානයේ මෙම සැලැස්ම 2015 ජනවාරි 08 දා සාර්ථක විය. 2015 අගෝස්තු මාසයේ දී ලංකාවේ කි‍්‍රයාත්මක ප‍්‍රධාන පක්ෂ දෙක එකට එක් කරමින් ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට මේ රටේ ප‍්‍රගතිශීලී ජනතාව විසින් පියවර ගනු ලැබීය.
පොදු අපේක්ෂකයෙකු ජනාධිපති ධූරයට පත්කිරීමත්, ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ සැලැස්මේ ප‍්‍රායෝගික ගැටලූ රාශියක් පැවතියත්, නිදහසින් පසුව ගත වූ වසර 67ට සාපේක්ෂව, මෙම ජාතික ආණ්ඩුවේ මුල් කාර්තුව තුළ රටට ඉතා වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ විශාල ප‍්‍රමාණයක් දිනා ගැනීමට ඉන් හැකි විය. යහපාලන ආණ්ඩුවේ දින 100 යේ වැඩසටහන තුළ ඇති කරනු ලැබූ, විශේෂයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයත්, ඒ හරහා ඇති කරනු ලැබූ ස්වාධීන කොමිෂන් සභා ඇති නොවෙන්නට පසුගිය ඔක්තෝබර් 26 දා සිට දියත් වූ කුමන්ත‍්‍රණය සාර්ථක වන්නට ඉඩ තිබුනි. එසේ වුයේ නම්, නැවත පැරණි ප‍්‍රපාතයටම අප ඇද වැටෙන්නට බොහෝ ඉඩ තිබුණි.

නමුත්, මේ රටේ ප‍්‍රගතිශීලී ජනතාවගේ කැපවීම හා කි‍්‍රයාකාරීත්වය මත, ඔක්තෝම්බර් කුමන්ත‍්‍රණය පරාජය කිරීම නිසා, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තව දුරටත් ශක්තිමත් වූ අතර, අධිකරණයේ ස්වාධීනත්වයත්, ස්වාධීන කොමිෂන් සභාවල කි‍්‍රයාකාරීත්වයත් තව දුරටත් ශක්තිමත් විය. එය මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ලැබූ එක්තරා ජයග‍්‍රහණයකි.

නමුත්, කුමන්ත‍්‍රණය අදටත් අවසන් නැත. එය මේ මොහොතෙත් විවිධ ස්වරුපයෙන් දියත් වෙමින් පවතී. දිනූ අයිතීන් තව දුරටත් රැුකගැනීමත්, මෙතෙක් දිනා ගැනීමට නොහැකි වූ අනෙකුත් අයිතිවාසිකම් දිනා ගැනීමෙත් වගකීම තව දුරටත් මේ රටේ ප‍්‍රගතිශීලීන්ගේ කර මත පවතී. ඒ වෙනුවෙන් අප තවදුරටත් සංවිධානය වෙමින් ශක්තිමත් විය යුතුව ඇත. එම අරමුණෙන් මේ රටේ ප‍්‍රගතිශීලී සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එක පෙරමුණක සිට කටයුතු කිරීමට මුල පුරා ඇත. එහි එක් පියවරක් ලෙස සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ දිස්ති‍්‍රක් කමිටු ගොඩනැගීමත්, ඒ හරහා රට පුරා රැුස්වීම් හා සම්මන්ත‍්‍රණ පැවැත්වීමටත් සැලසුම් කර තිබේ. මේ සදහා ඔබගේ අදහස් යෝජනා මෙන්ම සකී‍්‍රය දායකත්වය අප බලාපොරොත්තු වෙමු. දිනූ අයිතීන් ආරක්ෂා කරමින් අනෙකුත් ප‍්‍රජාතන්තවාදී අයිතීන් දිනා ගැනීමට එක්ව කටයුතු කරමු.

Archive

Latest news

Related news