ජනාධිපති සිරිසේනගේ ගල් පැලෙන බොරුවලට මානව හිමිකම් කොමිසම පිළිතුරු දෙයි

217

ජායාරූපය: මාලි රාජ්‍යයෙහි දී මිය ගිය සෙබළ මෘත දේහ ලංකාවට ගෙන ඒම.

පසුගිය 06දා පාර්ලිමේන්තුවෙහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ජනධිපති සිරිසේන විසින් එල්ල කරන ලද චෝදනා පදනමක් නැති අසත්‍ය බව මානව හිමිකම් කොමිසම විසින් ජනාදිපතිවරයා වෙත යවන ලද ලිපියකින් පහැදිළි වෙයි.

අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට සිරකරුවන් මාරුකර යැවීම පිළිබඳව තමන් විමසා සිටියේ කොමිසම සතු බලාධිකාරය සහ වගකීම අනුව බව එහි සභාපතිනි ආචාරය දීපිකා උඩගම එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එමෙන්ම මාලි රාජ්‍යයෙහිදී ශ්‍රී ලංකා සාම සාධක සොල්දාදුවන් දෙදෙනා මිය ගියේ මානව හිමිකම් කොමිසමෙහි කිසිදු ප්‍රමාදයක් නිසා නොව ත්‍රස්ත ප්‍රහායකින් බවද ඇය පෙන්වා දී තිබේ.

සිරිසේන මානව හිමිකම් කොමිසටම එල්ල කරන ලද ප්‍රහාරය බොරු දේශප්‍රේමී වෙස්මුහුණක් පැළද හුදු ජනප්‍රියවාදියකු වීමට බව දේශපාලන අංශ පෙන්වා දෙති.

සාම සාධක හමුදාවන්ට ඉල්ලුම් කරන සොල්දාදුවන් ඉට යෝග්‍යදැයි පරීක්ෂා කිරීම ලෝකයෙහි අනෙක් රටවල දී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින්ම කරන නමුත් එම වගකීම ලැබී ඇති එකම මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමයි.

මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට යවනලද ලිපිය පීඩීෆ් ගොනුවක් සේ කියවීමට මෙම දිගුවට ක්ලික් කරන්න:මානව හිමිකම් කොමිසම ජනාධිපතිට යැවූ ලිපිය