Thursday, April 25, 2024

ජවිපෙ නායකයින් ‌තොත්ත බබාලා කරන ‘ගින්නෙන් උපන් සීතල’ – සමල් විමුක්ති හේමචන්ද්‍ර

ජයාරූපය: ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ජවිපෙ සටන්පාඨයක්.

මෙම චිත්‍රපටිය නැරඹීමෙන් පසුව ආවේ බොහොම අසන්තෘශ්ටියට පත් හැගීමකි. මන්ද මීට වඩා ලොකු දෙයක් එමගින් මම බලාපොරොත්තු වු බැවිනි. ඒ ගැන කීමට පෙර සදහන් කල යුතු කාරණය වන්නේ විජේවීර ප්‍රතිබුද්ධිමය කතිකාවක් වෙනුවෙන් තිබු පෙලඹවීමයි. ඒය චිත්‍රපටය හරහා නිරුපනය වන්නේ ඒ අසීරු කාලවකවානුවේ ඔහු දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් පොතක් ලිවීමයි. මෙය 20වෙනි සියවසේ ලෙනිනියානු දේශපාලනයේ තිබූ මූලික ලක්ශනයකි. අද වන විට මෙම භාවිතාව සහමුලින්ම වාගේ අභාවයට ගොස් ඇත.

1. 80 දශකය යනු පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ ඉතාම සංකීර්නම කාල පරිච්චේදයකි. උදාහරනයකට, යාපනේ පුස්තකාලය ගිනි තැබීම, කලු ජුලිය, උතුරේ දෙමළ අරගලය, ජූලි වැඩවර්ජනය වැනී ලන්කා ඉතිහාසය වෙනස් කල සිදු වීම් ගනනවාක් සිදු වුනේ මෙම කාලයේදීය. නමුත් මේ සන්කීර්ණ සමාජ සන්දර්භය මෙම චිත්‍රපටය තුල නැත.

2. ජවිපෙ 2 කැරැල්ලද ඉතාම සංකිර්ණ ක්‍රියාවලියකි. උදාහරනයකට ඔවුන් හිටපු ජවිපෙ අය සමග ගනුදෙනු කල ආකාරය, සෙසු වාමාන්ශික පක්ශ සමග ගනුදෙනු කල ආකාරය, යුඑන්පිය සමග විශේශයෙන් ප්‍රේමදාස ගනුදෙනු කල ආකාරය පිලිබද කිසිදු සටහනක් මෙහි නැත.

3. එමෙන්ම විජේවීර යනු ලන්කා ඉතිහාසයේ සුවිශේශි චරිතයකි. ඔහු පිලිබද විවිධ මත එනම් ඔහුගේ දක්ෂතා සහ දුර්වලතා පිලිබද විශාල තොරතුරු ප්‍රමාණයක් අද ඇත. නමුත් විජේවීර කිසිම දුර්වලතාවයක් නොමැති චරිතයක් ලෙස නිරුපණය කිරීම දුර්වලතාවයකි. එමෙන්ම කලින් දැක්වු පරිදි පොත ලිවීම හැරුණු කොට ඔහු දේශපාලනික වශයෙන් සිදු කල වැදගත්යැයි සැලකිය හැකි කිසිම සිදුවීමක් මෙහි නැත. උදාහරණයකට ඔහු රැස්වීම්වල කතා කිරීමත්, ‘අපි පොස්ටර් ගහමු, අපි රැස්වීමක් තියමු’ වැනි දේවල් කියනවා හැර වෙන සිරියස් දේශපාලනික දෙයක් කතා කරන්නේ නැත.

4. මම දැඩි අසන්තෘශ්ටියට පත් වූයේ සෙසු නායකයින්ගේ චරිත පෙල ගස්වා ඇති ආකාරයි. උදාහරණයකට ගමනායක, ඩි.එම් ආනන්ද, කීර්ති විජයබාහු වැනි නායකයින් මේ චිත්‍රපටියේ පෙන්වන ආකාරයේ හා පැටවුන් නොවේ. ඔවුන් රාජ්‍යයකට විරුද්ධව කැරලි ගසනා නායකයින් පිරිසකි. ඔවුන් තුල පැවති සමානතා සහ විශමතා පිලිබදව ඔවුන්ටම ආවේණික වු පෞරුශයන් පිලිබදව මේ චිත්‍රපටිය තුල කිසිදු සාකච්චාවක් නැත. සිටින්නේ එක වගේ පිරිසකි.

5. අනෙක් කාරණය වන්නේ මතවාදි සහ වෙනත් කාරණා නිසා ජවිපෙන් විවිධ අය කැඩීයැම සම්පුර්ණයෙන් අමතක කර දැමීමයි. උදාහරණයකට ලයනල් බෝපගේ කැඩෙන්නේ දෙමළ ප්‍රශ්නය පිලිබද මත ගැටුමකින්. නන්දන මාරසින්හගේ වෙන්ව යැමද ඉතා තීරණාත්මක එකකි. එවැනි කිසිම දෙයක් මෙහි නැත.

6. මෙම චිත්‍රපටයේ ඇති සුවිශේශිම මග හැරීම වන්නේ ඔවුන් සමාජය මත මුදාහල ප්‍රචණ්ඩත්වය සම්පුර්ණයෙන් අමතක කිරීමයි. නන්දන මාරසින්හගේ මරණයෙන් පටන් ගෙන දයා පතිරණ හරහා දියත් කල මර්දන යාන්ත්‍රණය මෙහි නැත. කොටින්ම ජවිපේ මරණ යාන්ත්‍රණය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ගැන සදහන් වන්නේ මේ ප්‍රචණ්ඩබාවයෙන් තොරවය. කොටින්ම මේ මර්දන යාන්ත්‍රණයේ නායකයා වු කීර්ති විජයබාහු තොත්ත බබෙකි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙම චිත්‍රපටියේ තිර රචකයා සිය කාර්ය නිසි ලෙස සිදු කර නැති බවයි. මේ පිලිබද විශාල සාහිත්‍යය්ක් තිබෙන අතර ඔහුට තොරතුරු ගවේශනයේදි ජවිපේ නිල අනුග්‍රහය ලැබෙන පසුබිමක මීට වඩා හොද තිරපිටපතක් ලිවීමට හැකි විය යුතුව තිබුණි. මේ පිලිබද නොසලකා හැරීමට අධ්‍යක්ශකවරයා ද වගකිව යුතුය.

( මුහුණු පොතෙනි)

Archive

Latest news

Related news