Monday, May 20, 2024

ලේක්හවුස් ආයතනය  ඉදිරිපිට සිදුකළ කළහකාරි හැසිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි.

ඡායාරූපය: ‌‌දෙහිවල ප්‍රදේශීය සභා එජාප සභිකයකු ප්‍රහාරයක් එල්ල කරන අයුරු.

මාධ්‍ය නිවේදනය/ 2018 දෙසැම්බර් 15.

ලේක්හවුස් ආයතනය ඉදිරිපිට රැස් වු කණ්ඩායමක් කලහකාරී ලෙස හැසිරෙමින් එම මාධ්‍ය ආයතනයට එරෙහිව සිදු කළ තර්ජනාත්මක හැසීරීම  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. එමෙන්ම එකී සිදුවිම් පිළිබඳ නිසි පරික්ෂණ පවත්වා නීතිය සාධාරණව ඉටු කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිය යුත්තනන්ගෙන්  ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූළ නොවන බවට දෙසැම්බර් 13 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ලබාදීමෙන් අනතුරුව මෙම සිද්ධිය සිදු වි තිබේ.පසුගිය ඔක්තෝම්බර් 26 දා සිට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය මෙම නඩු තීන්දුව ප්‍රකාශවීමත් සමග  අවසන් වනු ඇතැයි, සමාජයෙහි වු අපේක්ෂාවද මෙතෙක් එලෙසින්ම ඉටු වී ඇති බවත් නොපෙනේ. එවැනි පසුබිමක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී හැසීරිම් පිළිබදව අපේක්ෂාවන් තවදුරටත් බිදවැටිමට මෙවැනි සිදුවීම් හේතුවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි. එසේම කවර හෝ දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ පිරිස් මෙලෙස හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හා මාධ්‍ය නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට හා මාධ්‍ය නිදහසට තර්ජනයක් ලෙස සලකමු.

එබැවින් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා ලේක්හවුස් ආයතනයට එරෙහි මෙම තර්ජනාත්මක හැසිරීම සම්බන්ධයෙන් නිසි පරික්ෂණ පවත්වා සාධාරණ ලෙස නීතිය ඉටු කිරීමට පියවර  ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටියි.

කැඳවුම්කරු
සි.දොඩාවත්ත

Archive

Latest news

Related news