Tuesday, May 7, 2024

ලක්බිම මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ඝාතනය: යුද හමුදා සෙබළ චින්තක වර්ණ කුමාර රිමාන්ඩ්

ඒ, සැකකරු අත්අඩංගුවට ගෙන අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන යුද හමුදාවේ ගැමුණු රෙජිමේන්තුවේ එවකට ලුතිනන්වරයෙකු වන නිරෝෂන් ඇන්තනි නමැති සැකකරු විදේශගත වී ඇති බව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව එම සැකකරු විදේශගතව ආපසු එන විට අත්අඩංගුවට ගැනීමට හැකි වන සේ ආගමන විගමන පාලක ජනරාල්වරයාට රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කළේ ය.

තව ද එම සැකකරුට වරෙන්තුවක් නිකුත් කළ අධිකරණය, ඔහු අත්අඩංගුවට ගෙන වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගන්නා ලෙස ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ ය.

2006 වසරේ ජුලි මස 02 වන දා දෙහිවල, ජයවර්ධන පෙදෙසේදී මාධ්‍යවේදී සම්පත් ලක්මාල් සිල්වා මහතාගේ සිරුර සොයා ගනු ලැබී ය.

නඩුව ලබන 20 වන දා යළි කැඳවීමට නියමිත ය.

Archive

Latest news

Related news