Monday, May 20, 2024

රාජපක්ෂලා නැතිව ඝාතනයේ තිදෙනෙකුට අධි චෝදනා ගොනු කළ කිරීමට නීතිපති ලැහැසිතියිලු!

 ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන තිදෙනා චෝදනා දෙකක් යටතේ වැරදි සිදුකර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වී ඇතැයි නිතිපතිවරයා උපදෙස් ලබාදුන් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ (23) කරුණු ගොනු කර ඇත.

ඒ අනුව මෙම සිද්ධියේ සැකකරුවන් තිදෙනා ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 198 සහ 215 යන වගන්ති යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බැවින් ඔවුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ හැකිව ඇතැයි නිතිපතිවරයා ඉකුත් 21 වැනිදා තමන් වෙත උපදෙස් ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනි දින නාරාහේන්පිට පොලිස් වසමේ පාර්ක් පාරේ ශාලිකා ක්‍රීඩාංගනය අසළ මාර්ගයේදී රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මෝටර් රථයක් තුළ සැක සහිත ලෙස පිලිස්සී මිය යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිලි කර තිබුනේ අංක 20,  මුරුගන් පෙදෙස, කොළඹ 06 පදිංචි අයේෂා තාජුඩීන් යන අය විසිනි.

තිජුඩීන් ඝාතනයට සිරිලිය ඩිපෙන්ඩර් රථය යොදි ගත් බව අධිකරණයට වාර්තා කළේ රහස් පොලීසියයි

වසීම් තාජුඩීන් ඝාතනයට යොදාගෙන ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය පුද්ගලික පරිහරණය සඳහා යොදාගත් සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය බවද මේ වනවිට අනාවරණය වී තිබෙන අතර එය රතු කුරුස සංවිදානය විසින් සිරිලිය සවිය නැමති සංවාධානයට පරිත්‍යාග කර තිබූ ඩිෆෙන්ඩර් රථියකි.

මෙහි එක් චූදිතයෙකු වන ආනන්ද සමරසේකර මහතා මුදලට වෛද්‍ය උපාධිය විකුණීමට ආරම්භ කළ මාලඹේ සයිටම් ආයතනයේ උප කුලපතිවරයෙකු ලෙසද කටයුතු කළේ ය.

( ලංකා ට්රුත්)

Archive

Latest news

Related news