Wednesday, April 24, 2024

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබද පරික්ෂණවලට බාධා නොකරනු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍ය නිවේදනය/ 2018- නොවැ– 19.

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරික්ෂණ කටයුතු දැනටමත් මන්දගාමීව පවතින පසුබිමක් තුළ, ඊට ආදාළ විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබා දීමෙන් එම පරික්ෂණ කටයුතු තවදුරටත් අඩාල විය හැකි බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි.

ලසන්න වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම, උපාලි තෙන්නකෝන් හා නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබඳව හැරුණු විට, කොළඔ දී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටියේ ද පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාය.එවැනි පසුබිමක් තුළ මෙම ස්ථාන මාරුව අදාල පරික්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට විශාල බාධාවක් වන බව පැහැදිලිය.

ජනමාධ්‍යව්දීන්ට එරෙහිව පසුගිය වකවානුවේ සිදුවු අපරාධ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මේ සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක වීම මේ වන විටත් ඇත්තේ පසුගාමි තත්වයකය. එවැනි පසුබිමක් යටතේ මෙවැනි ස්ථාන මාරුවීම් වැනි බාධාකිරීම මගින්, මෙම ක්‍රියාදාමය තවදුරටත් අඩාල කිරීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වන්නේදැයි සාධාරණ සැකයක් මතුවේ.

එබැවින් ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ මෙවැනි බාධාකිරීම වලින් තොරව කඩිනමින් පවත්වා යුක්තිය ඉටු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි.


කැවුම්කරු

සි.දොඩාවත්ත

Archive

Latest news

Related news