කතා නායක අසුන සහ ජනාධිපති අසුන – වසන්ත සිරි වටෙගාඩ

531
Arundika Fernando, a lawmaker supporting disputed Prime Minister Mahinda Rajapaksa, takes the Speaker's chair as a sign of protest, as others shout slogans against Speaker Karu Jayasuriya inside parliament in Colombo, Sri Lanka, Friday, Nov. 16, 2018. Pandemonium reigned in Sri Lanka's Parliament as lawmakers supporting Rajapaksa violently demonstrated in the house to prevent the proceedings from taking place on Friday, a day after a fierce brawl between rival legislators. They threw books and chairs at police who escorted Jayasuriya into the chamber and did not allow him to sit in the speaker's chair. Jayasuriya, using a microphone, adjourned the house until Monday. (AP Photo/Lahiru Harshana)

කතානායක අසුන යනු පාර්ලිමේන්තුව තුල කතානායකට නිකංම නිකං ඉඳගෙන පුක රත් කර ගැනීමට ඇති ආසනය පමනක් නොවේ.

එය මෙරට මිනිසුන්ගේ ව්‍යවස්ථාපිත බලතල හොබවන පාර්ලිමේන්තු ස්වාධිපත්‍යෙය් සංකේතය ය.

කතානායකවරයා නොමැති විට එහි අසුන් ගත විය හැක්කේ ඔහුව නියෝජනය කරන නියෝජ්‍ය කතානායකවරයා ට හෝ කාරක සභා සභාපතිවරයා ට පමනි.

නමුත් ඉපැරණි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ට අනුව රාජාසන කතාව ( වර්තමාන ප්‍රතිපත්ති ප්‍රකාශය ) කිරීමට පාර්ලිමේන්තුව ට පැමිනෙන රටේ විධායක ජනාධිපතිවරයා ට ඉඩ දී කතානායකවරයා එකී ආසනය ඔහුට භාර දිය යුතු අතර , සාමාන්‍ය පාර්ලිමේන්තු සැසිවාර සදහා පැමිනෙන ජනාධිපතිවරයා ට පවා විශේෂ අසුනක් වෙන් කර දෙනවා මිසක, ඔහුට කතානායක අසුන භාර දෙන්නේ නැත.

අවම තරමේ ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස සිය අය වැය වාර්ථාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට පැමිනෙන අවස්ථාවේවත් කතානායකවරයාට හිමි ආසනය ඔහුට ලබා දෙන්නේ නැත.

ඒ ඔහු එහිදී සලකන්නේ කතානායකවරයාගේ පාර්ලිමේන්තුවට වග කියන මුදල් ඇමතිවරයා ලෙස පමනක් සලකන නිසා ය.

පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යයට මුල් තැන දෙමින් පිහිටුවන ලදැයි කියන 78 ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික වගන්ති මෙසේ ය.

……………………

ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 03 වෙනි වගන්තියට අනුව ..

සිරි ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය.පරමාධිපත්‍යය අත් හල නොහැක්කේ ය.පරමාධිපත්‍යයට පාලන බලතල,මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුලත් වන්නේ ය..

ඒ අනුව ජනතාව සතු ව්‍යවස්ථාදායක, විධායක, හා අධිකරන බලතල ක්‍රියාත්මක කිරීමේ සෘජු අයිතියක් මහජනතාවට නොමැති අතර එය ක්‍රියාත්මක විය යුත්තේ ඔවුන් විසින් පිහිටුවා ගන්නා පාර්ලිමේන්තුවක්, ජනාධිපතිවරයෙක් හා හා ඒ හරහා පත් කරනු ලබන ස්වාදීන අධිකරන පද්ධතියක් හරහා ය.

එකී පරමාධිපත්‍ය බලතල ක්‍රියාත්මක වීමේ දී..

04 අ. වගන්තියට අනුව ජනතාව සතු ව්‍යවස්ථාදායක බලතල පාර්ලිමේන්තු මැතිවරනයකදී මහජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන පාර්ලිමේන්තුව හරහා ද, ජනමත විචාරනයකදී ජනතාව විසින් ද ක්‍රියාත්මක කල යුත්තේ ය.

විධායක බලතල සදහන්ව ඇත්තේ දෙවනුව ය..

ඒ අනුව..

04 .ආ . වගන්තියට අනුව , ජනරජයේ ආරක්ෂාව ඇතුලු විධායක බලතල ජනරජයේ විධායක බලතල ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කල යුත්තේ ය.

ජනතාව සතු පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන අධිකරනය ගැන සදහන්ව ඇත්තේ ඉන් අනතුරුව ය.

ඒ අනුව..

04.ඇ. නීතිය අනුව පාර්ලිමේන්තුව විසින්ම ක්‍රියාත්මක කල හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර බලතල සම්බන්ධයෙන් හැරුනු කොට….ජනතාවගේ අධිකරන බලය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් යම් ලිඛිත නීතියක් මගින් පිහිටුවන ලද අධිකරන මගින් …පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කල යුත්තේ ය..“

උපුටනය නිමි.

…….

අනෙක් අතට කොහේවත් තැනක ජනාධිපති අසුන කියා විශේෂ අසුනක් ගැන ව්‍යවස්ථාවේ කොහේවත් කිසිම සදහනක් නැත.

ඒ්කේ බල්ලෝ බලල්ලු නිදා ගත්තත් අවුලක් නැත.

එනමුත් …පහු ගිය දින කීපයේදී..කතානායක අසුනට වතුර වත්කර කතානායකට හුජ්ජ ගියා කියපු ඇමතිවරයෙක් ද, කතානායක අසුනේ බලහත්කාරයෙන් ඉඳගෙන සිටින අරුන්දික පෙනෑන්ඩු වැනි කසල ශෝදකයෙක්ද , ඒම ගොබ්බයෙක් ඒ අසුනෙහි වැඩ හිදින විට ඕ ගොබ්බයාට වැද නමස්කාර කරන පවිත්‍රාෙද්වි රාජපස්ස වැනි ඇමතිවරියක්ද , ඇමතිවරු ලෙස පත් කර පාර්ලිමේන්තුව ට යවා..රාජාසන කතාව පවත්වන තමංට ගෞරවාන්විත ව පුද දෙන ආසනය පවා කිලිටි කල , ඇමතිවරුන්ට විරුද්ධව වචනයක් කතා නොකර, අඩුම ගානේ තමංගේ ඇම්බැට්ටයෝ යොදා..මේ විකාර නාටකය නටවන මහින්ද රාජපක්ෂ , තමංගේ වැදගත් අගමැතිවරයා ලවා හරි… මේ විකාර වැඩ නවත්තන්ඩ කියලා කියන්ඩ තරං කොන්ද පන නැති ජනාධිපතිවරයෙක් එක්ක..සාකච්ඡා කිරීම තේරුමක් නැතැයි කී..

ගරු කතානායක තුමනි,

ඔබට අපගේ උත්තමාචාරය ..!!

( මුහුණු ෙපාෙතනි)