Saturday, April 20, 2024

රාජපක්ෂ පොදු ජන පෙරමුණට; දැන් සිරිසේන කොයිබටද?

කෞටිල්‍ය විසිනි.

රාජපක්ෂවරු සිරිසේනට කොකා පෙන්නීමට සූදානම් . මහ මැතිවරණයක් පැවැත්වුව හොත් සිරිසේනගේ කල්ලිය කුජීත කර තේරී පත්වනු ඇත්තේ රාජපක්ෂවාදී පොහොට්ටු නායකයින් . සිරිසේන රනිල් වික්‍රමසංහ සමඟ එක්ව රාජපක්ෂවරුන්ට පහර ගසත්දී රාජපක්ෂවරු සමඟ එක්වූ පොහොට්ටු සාමාජික සාමාජිකාවන් අත හැරීමට රාජපක්ෂවරු සූදානම් නැත.

මෙම ජන්දය ජනවාරි මාසයේ නැත්නම් ලබන අගොස්තුවේදී පැවැත්වුවද රාජපක්ෂගේ සැළැස්ම එයමවනු ඇත.

රාජපක්ෂට ඉහළ ධුරයක් පිරිනැමීමට සූදානම් කළ සිරිසේනගේ ශ්‍රීලනිප සමුළුවට රාජපක්ෂ ගියේ නැත. වෙනුවට ඔහු කළේ ශ්‍රිලනිපයෙන් ඉවත් වී පොහොටටු පක්ෂයට බැදීමයි. දැන් ආරම්භ වනු ඇත්තේ රාජපක්ෂට තනි වී සිටි සමයේ ඔහු සමඟ සිටි පිරිස් ඉදිරයට ගනිමින් සිරිසේන කල්ලිය හොම්බෙන් යැවිමේ කාලයයි

විරවංශ වෙබ් අඩවිය කියන්නේ පොදු ජන පෙරමුණ තනිව තරඟ කරන අතර ශ්‍රිලනිපය තනිව තරඟ කළ යුතු යැයි සාකච්ජාවක් ඇතිවෙමින් තිබෙන බවයි. එය ඇත්ත වුව හොත් සිරිසේන කල්ලිය හමාරය. මෙම

බැසිල් රාජපක්ෂ යටි වැඩකරුවෙකි. ඔහු සිය පක්ෂය බලයට ගෙන එනු විනා සිරිසේනට බලයක් දීමට සූදානම් නැත. සියයට හතරකවත් ජන්ද බලයක් නැති සිරිසේනගෙන් දැන් රාජපක්ෂවරුන්ට වැඩක් නැත. දැන් සිරිසේන යනු අලුයම ලූ කෙළ පිඩකි.

මෙම තත්වය යටතේ සිරිසේනගේ හෙංචයියන්ටද චක් ගෝ්ලයින්ටද දේශපාලන පැවැත්මක් අවශ්‍ය නම් රාජපක්ෂ වන්දනාව පටන් ගැනීමට සිදුවනවා ඇත. රාජ්‍ය ජනමාධ්‍යයන්ට පත් කරන ලද සිරිසේන හෙංචයියන් නම් දැනටමත් ස්ත්‍රෝත ගායනය පටන් ගෙන තිබේ. එසේ වෙතත් රාජපක්ෂවරු බලයට පැමිණය හොත් මේ සියලු දෙනා අතුගා දැමෙනු ඇති බව නිසැකය.

සිරිසේනගේ දේශපාලන සව්වන්ට 2015 අගෝස්තු මාතිවරණයේ දී අත් වූ ඉරණම මතකද? කියිවාරු එස්.බීදිසානායකලා පරාජය කර රාජපක්ෂවාදීන් බලයට ගැනීමට බැසිල් සිය යාන්ත්‍රණය අපුරුවට මෙහෙයවුයේ .

බණ්ඩාරනායකවරුන් සමඟ ජන්ම වෛරයකින් පසුවන රාජපක්ෂ මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මැරෙන්නට යවා රාජපක්ෂවරුන් විසින් ගොඩ නඟන ලද පොදු ජන පෙරමුණ ඉදිරියට ගෙන එනවා ඇත. එහි ඉතිහාසය ලියැවෙනු ඇත්තේ රාජපක්ෂවරුන් විසින් ගොඩ නඟන ලද පක්ෂයක් ලෙසය. බණ්ඩාරනායක නාමය හුදෙක් ඉතිහාසය බවට පත්විම දැන් ඇරඹෙනාවා ඇත.

මෙම මැතිවරණය ඉදිරියට ගිය හොත් රාජපක්ෂවරු ජයගැනීමට බොහෝ දුරටම ඉඩ තිබේ. එසේ වුවහොත් සිරිසේනගේ බෙල්ලට තොණ්ඩුවක් දමා රාජපක්ෂවරුන් විසින් පාලනය කරන අන්දම දෙස බලා කාලකන්නි සතුටක් විදීමට අපට අවස්ථාව ලැබෙනවා ඇත.

( කාලතන්නි සතුට පිළිබද ජනකතාව මෙසේය: වරක් අල්ලසට දූෂණට විරුද්ධ රජ කෙනෙකු සිටියේ යැයි කියති. ඔහු තමාට අල්ලස් ලෙස කවරකු හෝ ගෙනන දෑ ඔවුන්ගේ පස්සා පැත්තෙන් ඇතුල් කිරිමට රාජ වධකයින්ට අණ දී එමවධය නිරික්ෂණය කලෝය. වරක් එක් පුද්ගලයයකු රජතුමාට අනමාලු කෙසෙල් තෑගි වශයෙන් ගෙන ගියේ . වධකයින් එම කෙසෙල් ඔහුගේ පසුපසින් ඇතුල් කරන විට එම පුද්ගලයා එකවිමට කෙදිරිගාමින් සිනහසෙන්නට ගත්තතේය. වහාම වධය නවතා තෝ කෙදිරිගාමින් සිනහ සෙන්නේ මට දැයි රජතුමා කේන්තියෙක් විචාලෝය. එකළ එකි පුද්ගලයා කියන්නේ මෙසේ ය’ ගැත්තාට සමා වුව මැන මහරජ තුමනි. මට සිනහ යන්නේ මා පසු පසින් පුද්ගලයා ඔබ තුමාට විශාල අන්නාසි ගෙඩියක් ගෙන එනු දුටු නිසාය’

සිරිසේන විඳිනු ඇත්තේ අන්නාසිි ගෙඩියේ වධයයි. එවිට අපට ඇතිවන සතුට කාලකන්නි සතුටක් යැයි කළක් ඇත්ත පත්තරයේ කර්තෘව සිටි කුලසිරි මාමා කියනු මා ඇසූයේ කළකට පෙරය.

Archive

Latest news

Related news