Saturday, April 20, 2024

එක්නැලිගොඩගේ සාක්ෂි සම්බන්ධයෙන් සන්ධ්‍යාට ලියුමක්!

“මීට සතියකට ඉස්සෙල්ලා රෙජිස්ටර් තැපෑලෙන් ලියුමක් ආවා මේ හමුදාවේ එක්තරා නිලධාරියෙක් ළග මේ අතුරුදහන්වීම සම්බන්ධව තොරතුරු සියල්ල තියෙනවා කියලා. ඒ නිලධාරියා මේ වෙනස වෙනකන් සිරිසේන සහ රාජපක්ෂගේ බලය එනකන් බලන් ඉන්නවා අපරාධකරුවන් නිදහස් කරන්න ඒ අපරාධ සඟවන්න කියලා.” යැයි සන්ධ්‍යා එක්නැළිගොඩ පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේය.

”කවුරු ආණ්ඩු කළත්, යුක්තියේ හඩ පාගා දැමීමට ඉඩ නොදෙනු” යන මැයෙන් සාමයික සහ සමාජීය කේන්ද්‍රයේදී පසුගිය 05 වනදා පැවති මාධ්‍ය හමුවේදී ඉල්ලීම් කිහිපයක් ප‍්‍රධාන වශයෙන් මතු කළේය. එනම් යුක්තිගරුක ආණ්ඩුවක් ඇති කර වැලිකඩ සිරකරුවන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ හා උසාවි කටයුතු අවසන් කිරීම හා  තාජුඩීන්, එක්නැලිගොඩ, රොෂේන් චානක, රතුපස්වල, ලසන්ත හා සිසුන් පැහැරගත් ඝාතකයන්ට දඩුවම් ලබා දීම ඉන් ප‍්‍රධානය. එහිදී අදහස් දැක්වූ ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මෙසේ අදහස් දැක්වූවාය.

“….2016 ඉඳලා අපි කිව්වා හෝමාගම අධිකරණය පුරාම හැමදාම කතා වෙච්ච කාරණාවක් තමයි ප‍්‍රගීත්ගේ අතුරුදහන්වීමට සම්බන්ධ හමුදාවේ තියෙන තොරතුරු අධිකරණයට ලබා නොදී මේ හමුදා නිලධාරීන් ඉන්නවා කියලා. ඒ අය අධිකරණයට ඇවිත් ඉතාමත් නරක විදියට බොරු කිව්වා. ඒත් මීට සතියකට ඉස්සෙල්ලා රෙජිස්ටර් තැපෑලෙන් ලියුමක් ආවා මේ හමුදාවේ එක්තරා නිලධාරියෙක් ළග මේ අතුරුදහන්වීම සම්බන්ධව තොරතුරු සියල්ල තියෙනවා කියලා. ඒ නිලධාරියා මේ වෙනස වෙනකන් සිරිසේන සහ රාජපක්ෂගේ බලය එනකන් බලන් ඉන්නවා අපරාධකරුවන් නිදහස් කරන්න ඒ අපරාධ සඟවන්න කියලා. ඉතින් ඒ තත්ත්වය තමයි අද උදාවෙලා තියෙන්නේ. මේ රටේ කාටද, මොන අම්මටද, සහතික වෙන්න පුළුවන් හෙට දවසේ රාජපක්ෂලා ආවොත් ඔබේ දරුවන්ගේ ජීවිත අතුරුදහන් නොවී තියෙයි කියලා…”

සම්පුර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් ……. 


2018-11-08 / අයිතිය අඩවියෙනි

Archive

Latest news

Related news