Tuesday, May 7, 2024

සිරිසේන, ඔබ දිනවීමට දිවිදුන් රත්නපුර තරුණයාගේ මාපියන්ට ඔබ දැන් කුමක් කියන්නේද? – උපුල් කුමාරප්පෙරුම

ජනාධිපති තුමනි,

මා මේ සටහන තබන්නේ ඔබ වෙනුවෙන් චන්දය ලබා දුන් ලක්ෂ 62ක ජනතාව වෙනුවෙනි.

මා දන්නා තරමට ඔබට කතිරය ගැසූ ලක්ෂ 62ක ජනතාව 2015 ජනවාරි 8 දිනයෙහි එසේ ඔබට මනාපය පල කලේ තමන්ගේ චන්ද අයිතිය ප්‍රකාශ කල හැකි නිදහස් හා සාමකාමි පරිසරයක නොව තමන්ගේ වගකීමක් ඉටු කිරීමට පමනි.

ඔබ සමහර විට නොදැන සිටි හැකි වුවද මේ මිනිසුන් ඔබ වෙනුවෙන් ඔවුන්ගෙ ජීවිතය පරදුවට තබමින් ඔවුන් සතු සම්පත ඔබ වෙනුවෙන් පරිත්‍යාග කරමින් ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටියේය. ඔබ වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සුලුවෙන් හෝ සම්බන්ධ වූවෙකු ලෙස ඔවුන් ගැන විශාල අනුකම්පාවක් අද මට ඇතිවේ. ඔබගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අම්පාර, මොනරාගල වැනි ප්‍රදේශවලට 2014 දෙසැම්බර් මාසයේ සංචාරය කල අවස්ථාවේ අප කණ්ඩායම පිලිගත් ආකාරය අපට සැලැකූ ආකාරය අපට තවමත් මතකය. ඔවුනට තිබුනේ අහිංසක බලාපොරොත්තු පමණි.

ඔබ නොදන්නා වුවද අපගේ වියදමෙන් ඔබ සහ සමස්ත ලාංකිකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කල දෑ බොහෝය. ඒ බොහෝ දෑ ඔබට වාර්තා වූයේ හෝ කලේ නැත. එයට හේතුව වූයේ අප එදා සිතුවේ ඔබගේ ජයග්‍රහණය අපගේද ජයග්‍රහණයක් ලෙසයි.

ජනාධිපති තුමනි,

ජනවාරි 8 දින ඔබ වෙනුවෙන් චන්දය දුන් මම මාතර බලා පිටත් වූ යේ ඔබ වෙනුවෙන් චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරි කිරීමටයි. ඔබ කියන ලෙසම එදා ඔබ සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ සැගවිලාය. මා එසේ ගියේ ජීවිත අවධානම ද නොසලකාය. මාගේ කුඩා දරුවන් දෙදෙනාගේද ආරක්ෂාව හෝ අනාගතය නොසලකාය. පොදු අරමුණක් වෙනුවෙන් මා වියදම් කල මුදල මෙතැන සටහන් කිරීමට උවමනාවක් මා හට නැත. එහෙත් මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පුද්ගලිකව මා විශාල මුදලක් වැය කොට ඇත. එසේ මුදල් වියදම් කල, වෙනත් කැපකිරීම් කල අය බොහොමයකි. අවදානම දැරූ අයද බොහෝ යි .

ජනාධිපති තුමනි,

එදා පැවැති තත්ත්වය ගැන යම අදහසක් ලබා ගැනීමට ඔබට කුරුණෑගල , කුබුක්ගැටේ ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක් නැවත මතක් කරමි. එ දා ඔබ වෙනුවෙන් පහර කෑමට ලක්වූවන් නව පරපුරෙ කලා කරුවන්ය. තරුණ තරුණියන්ය. ඔවුන් එදා පහර කෑවේ ඔබ වෙනුවෙනි. එදා ඔවුන්ට පහර දුන් අයට ඔබ පත් වීමක්ද ලබා දුන්නේය.
ඔබ එදා කියු ලෙස ඔබ නිර්පාක්ශික රජ්‍ය නායකයා ලෙස සිටීව් යැයි බොහො දෙනා විශ්වාස කලහ, එහෙත් බොහො දෙනට සිතූ දේ ඔබට සිතුනේ නැත.ඔබ සියල්ලට පෙර නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගත්තේය. එතැන් සිට සියල්ල වෙනස් විය. වෙනස් කලේය

ජනාධිපති තුමනි

දැන් සියල්ල සිදු වී හමරය. එදා ඔබව විවිධ අපහාසයන්ට ලක්කළ වුන් හා ඔබ එක් වී ඇත. ඔබ වෙනුවෙන් චන්දය දුන් සියල්ල ඔබ විසින් ලඝු කොට ඇත. ඔවුන්ගේ ප්‍රාර්ථනා විනාශ වී ඇත. එදා ඔබ වෙනුවෙන් මෙරටෙහි අහිංසක මිනිසුන් ප්‍රහාරයන්හි ගොදුරු බවට පත්විය . ඇත්තෙන්ම ඔවුන් පහර කෑවේ ඔබ වෙනුවෙනි. රත්නපුර නගරයේදී ඔබ වෙනුවෙන් වේදිකාව තනන්නට ගොස් මිය ගිය තරුණයා මිය ගියේ ඔබ වෙනුවෙනි. අද ඒ මියගිය තරුණයාගේ දරුවන්ට බිරියට හෝ දෙමාපියනට ඒ මරණය ගැන උදම් ඇනීමට හෝ ආඩම්බරයට පත්විය නොහැකිය . ඒ තරුණයා අශීලාචාර දේශපාලනයක එක ගොදුරක් බව පමණක් ඔවුනට කිව හැකිය. ඔබට මේ දෑ කියන්නේ ඔබ වෙනුවෙන් මෙ රටෙහි මිනිසුන් කල පරිත්‍යාග ඔබට වඩාත් හොඳින් පැහැදිලි කර දීමටයි. ඔබ ලක්ෂ 62ක් වූ ලාංකිකයන් හට පිටුපෑ බව පෙන්වා දීමටයි. රටක ජනතාවගේ බලාපොරොත්තු එක රැයකින් අවසන් කල බව දැන්වීමටය.

ස්තූතියි ,

උපුල් කුමරප්පෙරුම

මුහුණු පොතෙනි.

Archive

Latest news

Related news