Monday, May 20, 2024

ඇමති ඩිලාන් ඇතුළු සැකකරුවන් ගැන හොයන්න අභියාචනාධිකරණය FCID යට පවරයි

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  මෑත කාලයේ සිදුව ඇති මූල්‍ය වංචා පිළිබඳ විමර්ශනය කරන ලෙස අභියාචනාධිකරණය විසින් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැවරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සතුට පළ කරයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින්   පෙන්වා දෙන්නේ රාජ්‍ය නිළධාරීන් බිල්ලට දී දේශපාලනඥයින් අත පිහිදාගැනීමේ න්‍යාය මෙම තීන්දුව මඟින් අහෝසි කර ඇති බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවයේ නියුක්තව සිටින ප්‍රසාද් ප්‍රියදර්ශනසුමිත්‍ර ප්‍රියදර්ශනි සහ නීලිකා සිල්වා යන පෙත්සම්කරුවන් විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද CA(Writ) 165/2018 යන නඩුව සලකා බලන ලද අභියාචනාධිකරණය  අද (18) මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය. 2012 වර්ෂයේදි  එකී කාර්යාංශයේ නොපවත්වන  ලද රටවිරු සංවිධාන දැනුවත් කිරීමේ උත්සවයක් වෙනුවෙන් ආහාර සැපයුම්කරුවෙකුට ගෙවන ලද මුදල තමන් විසින් ලබා ගත් බවත්   ආහාර ලබා නොදුන් නමුත් එකි සැපයුම්කරු රුපියල් 661,445/- මුදලක් ලබාගෙන එය ආමාත්‍ය කාර්යාංශයේ දෙදෙනෙකුට ලබා දෙන ලද සැපයුම්කරු විසින් පරීක්ෂණ දෙකකදී පිළිගෙන තිබිණ.  නමුත් එම කාරණය සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ අංශය (FCID) වෙත පැමිණිල්ලක් කිරීමට  විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපොහොසත් වීම පිළීබඳව සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය එම කාරණය පිළිබදව පරික්ෂා කරන ලෙසට අද දින(2018.07.18) මුල්‍ය අපරාධ විමර්ශන Yකොට්ඨාශය (FCID) වෙත නියෝග කරන ලදි.

2012 වර්ෂයේදි විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාරව සිටි ආමාත්‍යවරයා වන්නේ ඩිලාන් පෙරේරා මහතා වන අතර ඔහු එකී නඩුවේ 20 වන වගඋත්තරකරු වන්නේය. මෙම නඩුව අද දින (2018.07.18) කරුණු තහවුරු කරන ලද්දේ අභියාචනාධිකරණ සභාපති පද්මන් පී සූරසේන මහතා සහ විනිසුරු අර්ජුන ඔඛෙසේකර මහතා ඉදිරියේදිය. මෙම නඩුවෙහි පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ඩි. කේ විකුම් ජයනාත් මහතාගේ උපදෙස් පරිදි නිතීඥ මිහිරි කොළඹගේ මෙනවිය සමඟ ඡ්‍යෙෂ්ඨ නිතිඥ කේ. ජි ජිනසේන මහතා පෙනි සිටින ලදි.

උක්ත තීන්දුව සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශකරන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කළේ  මෙම වංචාව ඉහළම දේශපාලනඥයෙකු සහ ඉහළම නිලධාරීන් කිහිප දෙනක් එක්ව සිදුකළ එකක් වන බවත් නමුත් පසුව සිද්ධිය හෙළිදරව්  වීමත් සමඟ රාජ්‍ය නිලධාරීන් බිල්ලට දී දේශපාලනඥයින් අත පිස දමාගැනීමට උත්සහ  කළ ද මෙවැනි නඩු තීන්දු තුළින්  එවැනි අවස්ථා අහෝසි කර දමා ඇති බවයි.

(ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කරන ලද නිවේදනයකි)

Archive

Latest news

Related news