Thursday, May 2, 2024

බුද්ධි අංශ වාර්තා තිබෙන බැවින්, මාධ්‍යට තොරතුරු නොදෙන බව යුද හමුදාව කියයි!

යුද හමුදාව විසින් පවත්වාගෙන යන වෙළද සැල්, ආපන ශාලා, හෝටල යනාදියේ සංඛ්‍යා ලේඛන ඉල්ලා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමක් ඉටු නොකරන ලද්දේ එම ඉල්ලීම කළ ජනමාධ්‍යවේදියා පිළිබඳව තමන්ට ලැබී ඇති රහස්‍ය වාර්තා නිසා යැයි යුද හමුදාව පවසයි.

යුද හමුදාව මෙසේ පවසා ඇත්තේ තමන්ගේ තොරතුරු ඉල්ලීම ඉටු කිරීම වෙනුවට සිය ජාතික හැදුනුම් පත ග්‍රාමසේවක ලවා සහතික කර එවැන්නැයි යුද හමුදාව තමන්ට දැනුම් දැන් බවට. එම ඉල්ලීම කළ ජනමාධ්‍යවේදී දිලීප් අමුදන් විසින් තොරතුරු කොමිසමට පැමිණිළි කිරීමෙන් පසුවය.

යාපනයේ උදයන් පුවත්පතෙහි මාධ්‍යවේදියකු වන දිලීප් අමුදන් විසින් සිය තොරතුරු ඉල්ලීම කර ඇත්තේ 2017 සැප්තැම්බර් 28වන දිනය.

මෙම පැමිණිළ්ල පිළිබඳව තොරතුරු කොමිසම විසින් පවත්වන ලද පරීක්ෂනයේ වාර්තාව එම වෙබ් අඩවියෙහි දැත්වේ.

මෙම පැමිණිළ්ල පිළිබඳ විභාගය තවමත් අවසන් නැති අතර මීළඟ විභාග දිනය ලබන අගොස්තු 08වනදාට යෙදී තිබේ.

මේ අතර මෙතාක් පැවැති විභාගය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන කොමිසම මෙසේ සඳහන් කර තිබේ.

‘ මූලධාර්මිකව, කවර හෝ පුරවැසියකු  තොරතුරු දැනගැනීමේ පනතහෙි යුක්ති යුක්ත සහ නීතිමය ක්‍රියාදාමයක් වන තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීම නිසා එම පුරවැසිය පිළිබඳව යුද හමුදා බුද්ධි අංශ වාර්තා ලැබා ගන්නේ නම් පනතෙහි මූලික අරමුණ නිශේධ වේ.’

 

 

Archive

Latest news

Related news