Thursday, May 2, 2024

මරණ දඩුවම ජීවිතයට ඇති අයිතිය කෙළෙසීමකි – මානව හිමිකම් කොමිසම

2016 වර්ශයෙහි ජනවාරි 01 දින ජනාධිපති සිරිසේන වෙත මරණ දඩුවම දීම නොකළ යුතු ක්‍රියාවක්සේ දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත යවන ලද ලිපියක් එම කොමිසම විසින් යළි ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම ලිපිය මෙසේ කියයි.

‘මරණ දඩුවම ජීවිතයට ඇති අයිතිය ද කෘර සහ අවමන් සහගත දඩුවම්වලින් මිදී සිටීමට ඇති අයිතියද වෙනත් මානව හිමිකම් ද ප්‍රබල ලෙස උල්ලංඝනය කරනු ලබන දඩුවමක් ලෙසින්ද අන්තගාමී වූත් වෙනස්කළ නොහැකිවූත් අපරාධ මර්දන ක්‍රමයක් ලෙස ප්‍රතිඵල විරහිත ක්‍රමයක් ලෙසින් ද ලොව පුරා ඇති පිලිගැනීමෙන් මිදී සිටීමට ශ්‍රී ලංකාවට නොහැකි බව මානව හිමිකම් කොමිෂන් සභාව ගරු ජනාධිපතිතුමා සහ රජය වෙත මෙම නිර්දේශ ඉදිරිපත් කරමින් අවධාරණය කරයි.’

සම්පූර්ණ ලිපිය  පීඩීඑෆ් ගොනුවක් ලෙස කියවන්න: මරණ දඩුවම සම්බන්ධයෙන් නිර්දේශ

Archive

Latest news

Related news