Friday, April 26, 2024

විජයකලා සම්බෝලයට ගැනීම සහ  ජාතිවාදයේ නරුම සවභාවය – දයාපාල තිරාණගම

ද්‍රවිඩ කොටි සංවිධානය නැවත හිස එසවීම සඳහා ඇති ඉඩකඩ නැත්නම් ඒ සඳහා අවශ්‍යවන දේශපාලන අවකාශය හුදෙක්ම අද පවතින්නේ සිංහල ජාතිවාදයේ බියකරු සිහිනයක් ලෙස පමණක් වුවද ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වුවමනා වෙන් ම මග හැරිම නිසා ජාතිවාදීන් බියට පත්වී ඇති බව පෙනේ.විජයකලාගේ දේශපාලන නොමෙරුම් කමේ මේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මහත්වරුන්ගේ අශෝභන සහ ද්වෙෂීය හැසිරීම මගින් පෙන්වුයේ එයයි.එබඳු සැහැසි දර්ශන මේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ උරුමය ලෙස පවතින්නේ නම් අපේ රටේ ජනවාර්ගික සමගිය ට ඇති අභියෝගයන් කල්ප ගණනකට ඉවත් කල නොහැකි වනු ඇත.

කොටි සංවිධානය විසින් කරනලද තිරස්චීන ඝාතනයන් සහ ජනතා පීඩනය මම හෙලා දකින්නෙමි. මගේ බිරිඳ රාජනී මර දැමුවේද ඔවුන් විසිනි .එ නමුදු 2009 දී ඔවුන් පරාජය කිරීම සමගිය සහ සංහිඳියාව ගොඩ නැගීමේ එකම කොන්දේසිය ලෙස පවත්වා ගැනීමට සිංහල දේශපාලන පංතීන් කැස කැවීම ද්‍රවිඩ ජනතාව අතර ප්‍රජතන්තරවාදය සහ සමානාත්මතාවය සදහා වූ සටන අති විශාල ලෙස ශක්තිමත් කරන සහ වලංගු කරන දේශපාලන අවකාශයක් නිර්මාණය වනු ඇත.මෙය විජය කලාගේ නන් දෙඩවීමට වඩා බලවත්ය.වලංගුය.

ද්‍රවිඩ කොටිසංවිධානයේ නොපනත්කම්වලට වලට සහ විජයකලා වැන්නවුන්ගේ ලාබාල ප්‍රකාශයනට මුවා වී යුධයෙන් පසුව ද්‍රවිඩ ජනතාවගේ ජීවිතයට එල්ලවී ඇති බරපතල ප්‍රශ්නයන් අමතක කිරීම ද්‍රවිඩ අන්තවාදී කොටස්වල අභිප්‍රයනට ජීවය ලබා දීම හැර වෙන යමක් කල නොහැකිය.සිංහල ජාතිවාදය මෙයට දශක ගණනාවකට කලින් සහ අද පවා තේරුම් නොගන්නා ප්‍රශ්නය මෙයයි. ඔවුන්ගේ නිවාස සහ දේපල අපසු ලබා ගැනීම,ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කරනලෙස ඉල්ලා සිටීම,අතුරුදහන් කල දහස් ගණනකගේ ප්‍රශනය,පියෙක් නැති මව් වරුන් පමණක් ඇති දස දස දහස් ගානක් පවුල්වල දුෂ්කර පැවැත්ම මෙන්ම අපේක්ෂා බංගත්වය විජයකලා නොමේරු ප්‍රකාශයට වඩා දේශපාලන ගතිකත්වයක් ඇති කරගත් දාට සිංහල ජාතිවාදයට නැවතත් ඉතිරිව ඇත්තේ ප්‍රචණ්ඩත්වයේ විසඳුම පමණක් බව පෙනී යනු ඇත.

( දයාපාල තිරාණගම මුහුණු පොතෙනි)

Archive

Latest news

Related news