Sunday, May 19, 2024

බලාගෙනයි! සුද්ධ කළ කොස් නරක් නොවීමට වැසිකිළි පිරිසිදුකාරක!

පිළිස්සුම් තුවාල සහිතව රත්නපුර රෝහලට ඇතුලත් කරන ලද පුද්ගලයකු ප්‍රශ්ණ කිරීමේදී තමා කොස් වෙලෙන්දෙකු බවත් ඉතිරිවන කොස් නරක් නොවී පවත්වා ගැනීමට වැසිකිළි පිරිසිදුකාරක දමන බව පිළිගත් බවත් සන්ඩේ පුවත්පත ( 25.03.2018) වාර්තා කරයි.

ප්‍රථමයෙන් සිය පිළිස්සුම් ඇතිවූයේ කෙසේදැයි හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ එම පුද්ගලයා පොලීසියට බාරදෙන බව දැනුම්දීමෙන් පසු පෙරදින කොස් නරක් නොවීම පිනිස දැමූ වැසිකිළිකාරක සෝදා හැරීමේදී සිය දෑත් පිළිස්සුන බව ප්‍රකාශ කර තිබේ.

කෙනෙකුගේ දෑත් පිළිස්සෙන තරම් දරුණූ පිරිසිදු කාරකයක් දැමූ කොස් විකිණීම කොතරම් වරදක්දැය මේ මිනිසා දැන නොසිටියේද යන්න පුදුමය.

තවද මෙම ක්‍රමය රට පුරාම පාවිච්චි කෙරෙන්නේද යන්න සොයා බැලීමට ආණ්ඩුව තවම පියවරක් ගෙන නැත. මහමඟ විකිනෙන මෙවැනි බොහෝ ආහාර සඳහා කල්තබා ගැනීම සඳහා විශකාරක යොදා ගැනෙන බව මෙයට පෙරද ප්‍රසිද්ධියට පත්ව තිබෙ. ඉන් එක් ක්‍රමයක් නම් මාලු කල්තබා ගැනීමට  මියගිය සතුන් කල් තබා ගැනීමට යොදා ගන්නා පෝමලීන් යෙදිමය‍

 

 

Archive

Latest news

Related news