Tuesday, May 21, 2024

විශ්වාස භංගය , රට අස්ථාවර කර ආණ්ඩුවේ දුර කාලය දියාරු කිරීමකි – චන්දන එදිරිමාන්න

 

ජායාරෑපය : මේ සියවස තුළ අපගේ රටේ ජාතියේ පැවැත්ම තීන්දු වනු ඇත්තේ මින් කුමන ප්‍රවණතාවයක් ජයගනු ඇතිද යන්න උඩය.

අද බල ලොභී ඊනියා එකාබද්ධ මල පුඩුව කඩිමුඩියේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට මහා ප්‍රයත්නයක් දරන බව අද ඉදිරිපත්කර ඇති විශ්වාභංගයෙන් පැහැදිලිය. කඩිමුඩියේ ඉදිරිපත් කරන ලද මෙම විශ්වාසභංග යෝජනාව පදනම් වී ඇති සැගවුණු අරමුණු සහිත යටිකූට්ටු අධම කූට ප්‍රයත්නයකි.

උත්සාහ කරන්නේ, බලය ලබාගැනීමේ චේතනාවෙන් ආතුර වී සිටින ඒකාබද්ධ මල පුඩුව විසින් විශ්වාසභංග කඩතුරාව අල්ලා බැදුම්කරයට මුවා වී ආණ්ඩුව පෙල්ලා තම මනදොල සපුරා ගැනීමටය. එහි සැබෑ උවමනාව වැටීමට නියමිත නඩු කන්දරාවෙන් බෙරීමට බව සක්සුදක් සේ පැහැදිලිය. බලය ඇල්ලීම එකම පරමාර්ථය කරගත් ඒකාබද්ධ විපක්ෂය, ආණ්ඩුවේ ඉදිරිගමන අඩපණ කිරීමටත්, ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාන්විතය සිදදමා, ආණ්ඩුවේ එක්පාර්ෂවයක් වන ජනපතිගේ බල තණ්හාව නිසා ඇතිවී ඇති අර්බුදය හමුවේ, කල දුටුකල වළ ඉහ ගැනීමෙ මෙම කූට ප්‍රයත්නයට සහය දීම ජයක් නොව 2015 ජනවාරි 8 වැනිදා සක්ෂාත්කරගත් සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය නැවත වළලා දැමීමකි. ඉතිහාසයේ කුණු බක්කියට වැටී ඇති රාජපක්ෂවරුන්ට අතදීමකි. අද එකාබද්ධ විපක්ෂ විසින් ඉදිරිපත් කරන්නේ 2015 ජනවාරි 8 පරාජය කළ මුග්ධ බලකාමී එකාධිපති වියරුව, පොහොට්ටුව නම්වු අලුත් බොත්ල්වල දමා අලුත් ලේබල් අලවා අලෙවි කිරීමට තැත් කළ ද එහි අසුරා ඇත්තේ අසුචිවලින් බවත් එය නිසරු ව්‍යායාමයක් බවත් මෙරට සබුද්දික ජනතාව තේරුම් ගතයුතුය.

අග්‍රාමාත්‍යවරායට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණයකර ඇති විශ්වාසභංගය අවුල මුග්ධ දේශපාලන මතිමතාන්තර වලින් සමුපලක්ෂිත ය. මෙම විශ්වාසභංග සංග්‍රාමය දේශපාලන වේදිකා නාට්‍යක් බව ඉදිරි ජවනිකා විලින් පැහැදිලිය.

ඔවුන් එකහෙළා මුලදී ප්‍රකාශ කළේ බැදුම්කර සිදුවීම හේතුවෙන් අග්‍රමාත්‍යවරයාට විශ්වාසභංගයක් ගෙන එන බවකි. දැන් එම ස්ථාවරය වෙනස් වී මහනුවර සිදුවීමත් ඈදෑ ඇත. මහනුවර සිදුවීම අහඹු සිදුවීමක් උවත් එයට ජාතිකවාදී ස්වරූපයත් මුග්ධ ව්‍යායාමයක් බවට පත්කළේ රාජපක්ෂ ප්‍රමුඛ කොටගත් ආගමික, බුද්ධිමත්, දේශපාලන පාර්ෂවයන් විසින් බව අතීතය තුළින් පැහැදිළි වෙයි. එමෙන්ම ඊට මැදිහත් වූ පාර්ෂවයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට දක්වන විරෝධයත්, මහනුවර සිදුවීමේදී පොලිසිය වගකීම පැහැරහැර ඇතැයි කරන චෝදනාවල දෙබඩි බවන් එය තහවුරු වෙයි.

ඊළඟ කථාව මතුවන්නේ ඔවුන්ගේ ස්ථාවරයන්හි වරින්වර සිදුවන වෙනස්වීම්ය. රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔවුන් ඉදිරිපත් කරන විකල්පය මුල දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  විය. පසුව මහින්ද රාජපක්ෂ යෝජනා කළේය. දැන් විකල්පයක් නොමැති අතර ජනපතිගේ වගකීමක් බව පැවසේ.

2004 වසරේ සිට 2015 දක්වා රට පාලනය කළේ ශ්‍රීලනිපය ප්‍රමුඛ කෙටගත් සංධාන විසිනි. එම පාලන කාලසීමාට චෝදනා රැසක් ඇත. හෙල්පින් හම්බන්තොට චෝදනාවේ සිට චෝදනා රැසකි. හෙල්පින් හම්බන්තොට සුනාමි අධාර මුදල් වංචාවට අදාලව ‘හෙල්පින් හම්බන්තොට නඩුවෙන්’ මහින්ද රාජපක්ෂ නිදහස් කළ සරත් නන්ද සිල්වා පසුව කියා සිටියේ මහින්ද රාජපක්ෂ සිරගෙට නොයැවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ තමා සමාව අයැද සිටින බවයි.  හෙජින් ගනුදෙනුව මඟින් කොටි 5000 කට වැඩි පාඩුවක් සිදුවිය. ග්‍රීක බැදුම්කර මිලදී ගැනීමෙන් හා සේවක අර්ථසාධක අරමුදලෙන් මුදල් අවභාවිතා කිරීමෙන් පාඩුව කොටි 1000 කට වැඩිය. මිග් ගනුදෙනුව මඟින් කෝටි 950 ක පමණ අලාභයක් සිදුව ඇත. බැදුම්කරය පිළිබඳ ජනාධිපති විමර්ශනයෙන් හෙළිවී ඇති පරිදි 2008 -2015 කාලසීමාව තුළ සිදූවී ඇති දූෂණ හෙළි කරයි. එම බැදුම්කර වංචාවලට සම්බන්ධ පිරිස්ම මෙම ආණ්ඩුව යටතේ ද ක්‍රියාත්මක වී ඇති අතර, වෙනස වන්නේ ඔවුන්ට එරෙහිව දැන් නීතිය ක්‍රියාත්මක වී ඇත.

[alert type=”success or warning or info or danger”]ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලියයගොඩ අතුරුදහන් කිරීම, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම, රතුපස්වල පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කළ පිරිස් ඝාතන, රොෂේන් චානක ඝාතනය, හලාතවත ඇන්තනි ප්‍රනාන්දු ඝාතනය පැවති ආණ්ඩුව කාලසීමාව තුළ සිදුවු ම්ලේඡ්ච සිදුවීම් එම ආණ්ඩු සමයේ නිසි පරික්ෂණ සිදුවනවා වෙනුවට ඒවා යට ගැසීමට පියවර ගැනිණ.[/alert]

එම මුග්ධ ව්‍යායාමයන්ට එරෙහිව නීතියේ දෑස් යොමුව ඇත. නීතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගෙන එන නෛතික ප්‍රතිසංස්කරණ උදෙසා රාජපක්ෂවරු ප්‍රමුඛ එකාබද්ධ විපක්ෂයේ දැඩි විරෝධයක් ඇත. පසුගිය දින කිහිපයේ පොහොට්ටුකාරයන් රැසක් නීතියට අභියෝග කළේය. රාජපක්ෂ සහචරයකුවන දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.කසුන් මන්ත්‍රීවරයා සහ බිරිය විසින් අවි අමෝරා මහමග කළ රංගනය, රාජපක්ෂ පාලනයක අනාගත මංසලකුණුය. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ජයන්ත සමරසිංහ, පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණවීර අධිකරණය මගහැර කටයුතු කිරීමට ගත් උත්සාහයන් සුළුකොට තැකිය නොහැකිය.

විශ්වාසභංග යෝජනාවේ කථාව යට ඇති නිවරදි දැනීම කුමක් ද. “ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මගුල් කීවාසේ එයින් ප්‍රයෝජන ගැනීමට එක්බද්ධ ක්‍රියාකාරීන් ක්‍රියාත්මක වී ඇත. ජනධිපති විසින් ඊළඟ ජනාධිපතිවරණයේ වාසිය ලබාගැනීමට ආණ්ඩුව තුළ නිර්මාණය කර ඇති  අර්බුදය එකාබද්ධ විපක්ෂය තම වාසියට හරවා ගැනීමක් බව කිසිදු සැකයක් නැත. බලලෝභය, ප්‍රතිගාමීත්වය හා ආත්මාර්ථකාමීත්වය ආසනන් සිදුවීම්වලින් පැහැදිලි වෙයි.

දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් යථාර්ථවාදී සිදුවීම් රහිතව තම අභිමතාරථ වුදෙසා ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන යොදාගැනීමට සහායවීමට 2015 සම්මුතිවාදී අරගලයේ හවුල් කරුවන්ට නොහැකිය. කවර ආකාර වූ විවේචන ඇතත් ශ්‍රී ලංකා ප්‍රජාව විසින් ජනවාරි 8 වැනිදා ඇති කළ වෙනසට සැබෑ අර්ථයක් ලබාදෙමින් ජනතාවගේ අදහස් උදහස් පරිදි, ජනතා සිතුම් පැතුම් තහවුරු කරමින් ඉදිරියට ගෙනයාම වගකීමකි. මෙම සම්මුතිවාදී ආණ්ඩුව විවේචන පසෙක ලා ප්‍රජාවගේ උන්නතිය සඳහා ජනතා අදහස් පරිදි ප්‍රජාව උදෙසා ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කරන මාවතකට ප්‍රවිෂ්ඨ විය යුතුය. ජනතාව විසින් ගොඩනගන ලද සම්මුතිවාදය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ජනතාවට දැනෙන ප්‍රතිඵල අත්කර දිය යුතුය.

 

මේ සියවස තුළ අපගේ රටේ ජාතියේ පැවැත්ම තීන්දු වනු ඇත්තේ මින් කුමන ප්‍රවණතාවයක් ජයගනු ඇතිද යන්න උඩ යයි මම විශ්වාස කරමි. මින් ජාතික ප්‍රවණතාව ජයගෙන අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරමින් ආර්ථිකයත්, දේශපාලනයත් අප රැකගතහොත් අපගේ ජාතියේ පැවැත්ම තවදුරටත් රැකෙනු ඇත.

 

එබැවින් මෙම නිමක් නොමැති රැල්ල තුළ අවස්ථාවාදීත්වය ක්‍රියාත්මකව ඇත. පසුගිය පාලන සමයේ සිදුකරන ලද දුෂණ වංචා වලින් ගැලවීමේ මග වශයෙන් මෙය තෝරාගෙන ඇති බව මෙම විරෝධතා මෙහෙයවන පිරිස් වල අභිමතාර්ථ දෙස විමිසිලිමත්වීමේ දී හැඟී යයි. නව යහපාලන ආණ්ඩුව රට ආර්ථික පුනර්ජීවනය කරා ගෙනයාමට ගන්නා අපමණ උත්සාහයක් කඩාකප්පල් කර තම එකාධිපති අඥා චක්‍රය නැවත අත්පත්කර ගැනීමේ ප්‍රයත්නයක එකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා විපක්ෂ කොටසේ නිශ්ඵල උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනයට තරම් නොවෙතියි හඟිමි.

 

චන්දන එදිරිමාන්න

[email protected]

Archive

Latest news

Related news