Tuesday, May 21, 2024

වර්ගවාදී ප්‍රහාරයන්හි වින්දිතයන්ට සංක්‍රමණීය යුක්තිය ඉටුකරනු! 

ජායාරූපය: ෙද්වස්ථානය ගින තැබූ නිසා  පිට්ටනියක ෙදවියන් යැදිම, දිගන.

(ස්ටුට්ග්‍රාඩ්, ජර්මනිය. 18 මාර්තු 2018.)

ශ්‍රී ලංකාවෙහි මෑත සිදුවූ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්හි වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම යනු හුදෙක් මූල්‍ය ආධාර ලබාදීම නොව අදාළ මානව හිමිකම් කෙළෙසීම් එල්ල කළ සහ ඒවාට මගපෙන්වූ  එමෙන්ම ඒවා උසිගැන්වූ  සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමයි.

එවැනි ප්‍රහාරයන් නැවත එල්ලවීම වැළැක්විය හැක්කේ එවැනි සමස්ත ක්‍රියාමාර්ගයකින් පමණක් බවද ජාත්‍යන්තර ශ්‍රී ලාංකික ජාලය අවධාරණය කරයි. එවැනි ක්‍රියාමාර්ගයක් යනු මෙකී ප්‍රහාරයන් අරභයා ද සංක්‍රමණීය යුක්ති වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමයි. එවැනි සමස්ත ක්‍රියාවළියක් දියත් කරන ලෙස අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය ආණ්ඩුවට බල කරයි.

ඉතිහාසය පුරාම මානව හිමිකම් කෙළසීම්වලට ලක් වූ සියළුම ජනවර්ගයන්ට අයත් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩුව දක්වා ඇති අසමත්කම සම්බන්දයෙන්  අන්තර් ජාතික ශ්‍රී ලංකික ජාලය සිය අවධානය යොමුකරයි. ඒ අතර වඩාම කැපි පෙනෙන්නේ සිංහල -බෞද්ධ ස්වෝත්තමවාදීන්ගෙන් ප්‍රහාරයන්ට ලක්වූ සුළුතර ජනකොටස් වලට යුක්තිය ඉටුකිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩු සහ එහි යුක්ති පසිදලීමේ යාන්ත්‍රණයන් දක්වා ඇති විශමාකාර සහ මන්දගාමී ස්වභාවයයි.

තවද ජනාධිපති සිරිසේනගේ මෑත කාලීන දේශපලන භාවිතය මෙරට සුළුතර ජනයාට එරෙහි වෛරය වැපිරීම් සධාරණ කරන බවද ජාත්‍යන්තර ශ්‍රී ලාංකික ජාලය සටහන් කරයි. ඊට උදාහරණ නම් පසුගිය කාලය පුරාම ලංකාවේ සුළුතර ජන කණ්ඩායම් ඉලක්ක කරගනිමින් වෛරී ක්‍රියාවලට මූලිකත්වය ගත්තාවූ ගලබඩඅත්තේ ඥානසාර වැනි අන්තවාදී භීක්ෂූන්ද, පසුගිය කාලයපුරාම ජාතිවාදය සිය දේශපාලනය කරගත් පියසිරි විජේනායක වැනි අන්තවාදී දේශපාලඥයන්ද ජනාධිපති සිරිසේනගේ විදෙස් සංචාරයන්හි කොටස්කරුවන් බවට පත්ව සිටීමය. එමෙන්ම බෞද්ධාගමට නිගා දෙමින් අශිෂ්ඨ සහ ජාතිවාදී හැසිරීම්  වලට කුප්‍රසිද්ධියක් උසුළන අම්පිටියේ සුමන භික්ෂුව සමඟ ආලාප සල්ලාපයේ යෙදීමයි. දිගන වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට කෙලින්ම සම්බන්ධ වූ අම්පිටියේ සුමන මෙන්ම තවත් චීවරධාරීන් ගණනාවක්ම වෙතත් ඒ කිසිවකු මේ තාක් අත්අඩංඟුවට ගෙනද නැත.

එසේම පසුගියදා මහනුවර දිසාවෙහි මුස්ලිම් ජනයාට එරෙහිව එල්ලකල ජාතිවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ බවට ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයකුට මෙන්ම තවත් ආරක්ෂ අංශවලට පිරිස්වෙත සාක්ෂි සහිතව වෝදනා එල්වී තිබේ. එවැනි කිසිවකු තවම අත් අඩංඟුවට ගෙන ද නැත.

කවර ජනවාර්ගයකට හො එරෙහිව වර්ගවාදී ප්‍රචණ්ඩත්වයන් දියත් කරන හෝ ඒවාට අනුබල දෙන පිරිස් තරාතිරම සහ වාර්ගිකත්වය නොසළකා නීතිය හමුවට පමුණූවන ලෙස අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය බල කර සිටී.

අන්තර් ජාතික ශ්‍රී ලාංකික ජාලය ලෙස අප මර්දනකාරී රාජපක්ෂ රිජීමය පැරදවීමට කටයුතු කළේ තවත් මර්දනකාරී පාලනයක් ගොන ඒමට නොවේ. එබැවින් වර්ථමාන ආණ්ඩුවේ ජනතා විරෝධී සහ මර්දනකාරී ක්‍රියාවන්ට අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය එකහෙළා විරුද්ධ වෙයි. එමෙන්ම එම අරමුණින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම අන්තර් ජාතික වශයෙන්ද පුළුල්තම සහයෝගිතාවයක් ගොඩ නැගීමට අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය කැපවෙයි.

විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය

ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන්

සුනන්ද දේශප්‍රිය / පද්මි ලියනෙග් / ක්‍රිශාන් රාජපක්ෂ

Archive

Latest news

Related news