Monday, May 20, 2024

ගම්මන්පිලගේ භීක්ෂු නායක බියගම සූසීලගේ අශ්සීල කෙරුවාව

ජායාරූපය: බියගම සුසීල අත් මිටිකරගෙන ඉන්න් ධර්ම දේශනාවකටද?

මේ කතාව ඔබගේ ඇඟ සීතල කොට දත කට පූට්ටු වන කතන්දරයක් වන්නට පුළුවන. එහෙත් මෙය සුරංඟනා කතාවක්ද නොවේ….ඉන් අනාවරණය වෙන තොරතුරු අතිශයින් පුදුම එළවන සුළුය…..මෙම සියළු තොරතුරු විස්තර සාක්ෂි සහිතව දක්වා අැත්තේ….ඊතලය සඟරාවේ අටවන වෙළුමේ තුන්වන කාණ්ඩයේය…තේරෙන භාෂාවෙන් කියනවානම් 2018 මාර්තු කළාපයේය…

(ඊතලය සඟරාව ශ්‍රී ලංකා ජනරජයේ ලියාපදිංචි සඟරාවකි.ලියාපදිංචි අංකය.issn 1391-000…සංස්කරණය මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත….සඟරාවේ මිල රුපියල් සියයි)

කතාවේ කතා නායකයා…බියගම සුසීල හිමියන්ය….⁣උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ භික්ෂු බල මණ්ඩලයේ ශාසනික කටයුතු බාර ලේකම් වරයාය…බියගම සූසීල හිමියන් ⁣රජයට එරෙහි වීදි සටන්වල පෙරමුණ ගෙන පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් තර්ජනාත්මක හැසිරුණ ආකාරය ඔබ බොහෝ අවස්ථාවලදී ජනමාධ්‍යයන් තුළින් දැක ඇති බවට සැකයක් නැත….

ඊතලය සඟරාව පල කර ඇත්තේ මේ සටන්කාමී බියගම සුසීල හිමියන් පිළිබඳව කළ ගවේෂණයක තොරතුරුය…
ඊතලය සඟරාව සොයාගත් තොරතුරු අනුව බියගම සුසීල යනු 1960 සැප්තැම්බර් දොලොස්වෙනිදා බදුල්ල කැප්පෙටිපොළ කොට්ඨාශයේ උපන් මොහොමඩ් ෂිහාන් හසන්ය…ඔහුගේ පියා මොහොමඩ් ඉන්සියාස් හසන් නම් වේ….

මුස්ලිම් ජාතිකයකු බුදු දහම වැළඳගැනීම වරදක් නොවේ…එහෙත් ප්‍රශ්නය ඇත්තේ මෙම භික්ෂුව සිය මුස්ලිම් පවුල්පසුබිම සඟවමින් පැවිදි ජීවිතයට ඇතුළත් වීමය.ඒ මෙම භික්ෂුව සිය සාමනේර සහතිකයේ සිය නම හඳපාන්ගොඩ මුදලිගේ දොන් ශ්‍රියාන් චමින්ද ලෙස සඳහන් කිරීම නිසාය……

එය එසේම වේවා …දැන් මේ වීර භික්ෂුවගේ කෙරුවාව අසමු…බියගම සුසීල හිමියන් විහාරාධිකාරී ධුරය දැරුවේ කටාන බෝගල ශ්‍රී විජයාරාම විහාරස්ථානයේය….
මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන විට මීගමුව තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි වෘත්තීය ගණිකාවක වන සුවර්ණමාලී පෙරේරා නැමැත්තිය සමග සිය ආවාස කුටියේ අනාචාරයේ හැසිරී දායකයන්ට හා ගම්වාසීන්ට හසුවී ප්‍රශ්නයක් මතු විය…මෙහිදී තැතිගැන්මකට ලක්වූ සුසීල තමන් ගණිකාවක් සමඟ සිය ආවාස කුටියේ සිටි බවට සිය අත් අකුරින්ම ලියා අත්සන් කොට ප්‍රධාන දායකයාට දුන් ලිපියක ඡායාරූපයක්ද මේ විශේෂාංඟය සමග පල කර ඇත.

මෙම ප්‍රශ්ණය කොච්චිකඩේ පොලිස් ස්ථානයේ පොකො සුනිල් විසින් සටහන් කරගෙන ඇති අතර පොලිස් තොරතුරු පොතේ 279 පිටුවේ ඡේද අංක 210 ලෙස එය සටහන් වී තිබේ….

ඉන් අනතුරුව බියගම සුසීල නුගේගොඩ උඩහමුල්ල බෝධිය පාරේ පිහිටි ශ්‍රී බෝධි විහාරස්ථානයට පැමින ඇත…(සමාවෙන්න වැඩම කර ඇත??)

එහිදී බියගම සුසීල චීවරය දරද්දීම 2016 නොවැම්බර් මස 10 වන දින අනුරාධපුර මැදවච්චිය පදිංචි තිලණි වත්සලා නම් තරුණියක හා විවාහ වී ඇති බව ඊතලය සඟරාවේ දැක්වේ…එම විවාහය ලියාපදිංචි කොට ඇත්තේ ගම්පහ නැගෙනහිර සියනෑ කෝරලයේ උඩුගොඩ විවාහ රෙජිස්ට්‍රාර් ආර්.කේ.අයි.ඥාණකාන්ති රාමනායකය…..එහිදී මෙම භික්ෂුව විවාහ වී ඇත්තේ සිය සැබෑ නමෙනි…ඒ මොහොමඩ් ෂිහාන් හසන් නමනි.මේ විවාහයෙන් ජාතක වූ දරුවෙකුද මොහුට සිටී….මොහු ඔවුන් නඩත්තු කරන්නේ විහාරස්ථානයේ දායක කාරකාදීන් පින් පෙට්ටියට දාන මුදලින් බව ඊතලය තහවුරු කර තිබේ………

මේ කතන්දරය බොහෝ විස්තර සහිතව ඊතලය සඟරාවේ දැක්වේ….

ඊතලය සඟරාව බියගම සුසීල නම් චීවරධාරියාගේ අසික්කිත ජීවිතය අනාවරණය කරමින් ලියා ඇති මෙම ලිපියේ අවසන් ඡේදයයි මේ…..

“පසුගිය කාල පරිච්ඡේදයේදී අන්තවාදී බලවේග සිංහල ජාතිය බුද්ධාගම විනාශ කිරීමට පිඹුරුපත් සකසන බව මෙම බලසේනා විසින්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ දෙයකි……දැන් බලන කොට හැඟෙන්නේ කිසියම් බළල් අතක් උපයෝගී කරගෙන මුස්ලිම් ජාතිකයෙක් බෞද්ධ භික්ෂු වෙස් ගෙන බුදු දහම අපකීර්තියට ලක්කරමින් කටයුතු කර ඇති බවය……

ජාතිය වෙනුවෙන් කඩු පිහි ගෙන සටන්වැදීමට පෙරමුණ ගෙන සිටින උදය ගම්මන්පිල උපාසක මහතා සිය පක්ෂයේ ශාසනික කටයුතු බාර මහ ලේකම් ගණින්නාන්සේගේ මේ දෙබිඩි ජීවිතයේ කාලකණ්නි කෙරුවාව ගැන වමාරන්නේ කවරේද යන්න අපි දැන් ඇස් කන් කට ඇර ගෙන බලා සිටිමු…

ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ මේ තොරතුරු නොදැන සිටියේ මන්ද….එසේත් නැතහොත් සියල්ල දැන නොදන්නවා වාගේ සිටියාද…

කෙසේවෙතත් මේ දූපතේ අතිවිශාල මාධ්‍යවේදී පොරවල්ද කොරවී යන මාධ්‍ය ගවේෂණයකි ඊතලය සඟරාව කර ඇත්තේ

හරියට කූඹියෝ ටෙලි ඩ්‍රාමා එක වගේ

ජාතිය රන්විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙළොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

(ලොකු ලියන කිර්ති මුහුණු පොතට එක්කළ සටහනකි්)

Archive

Latest news

Related news