Tuesday, July 16, 2024

ආණමඩුව මදීනා හෝටලයට ගිණි තබයි, පිළිසකර කිරීම සහයෝගයෙන් ඇරඹේ.

ආණමඩුව මදීනා හෝටලයට  ගිණි තබයි. අද රාත්‍රී 7 ට පෙර ආපන ශාලාව නැවත පිළිසකර කර විවෘත කරනවා  – ආණමඩුව ව්‍යාපාරික සංගමය  කියයි

ආණමඩුව නගරයේ තිබූ මදීනා මුස්ලිම් හෝටලයට අද අලුයම 2 ට පමණ පිරිසක් ගිණි තබා ඇත. බයිසිකල් 4 කින් පැමිණි පිරිස් විසින් මෙම ගිණි තැබීම සිදු කර ඇති අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත.

මෙම සිදුවීමත් සමගම දේශපාලනඥයින්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයින් එක්ව අද දවස තුල නැවත මෙම වෙළද ස්ථානය තිබූ තත්වයට පත් කර එය විවෘත කරන බවත් පවසයි.  මේ වන විට ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වෙච්ඡාවෙන් මෙම වෙළදසැල ප්‍ර‍තිසංස්කරණය කරමින් සිටී.  පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංග බණ්ඩාර, ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ දේශපාලන පක්ෂවල සභිකයින් පොලීසිය, ද ආගමික නායකයින් ද මෙම අවස්ථාවට එක් වී සිටී.  අද රාත්‍රී 7 ට පෙර අපි මේ ආපන ශාලාව නැවත විවෘත කරනවා.  ආණමඩුව නගරයේ තිබෙන්නේ මේ මුස්ලිම් හෝටලය පමණයි.  අපි හැමදාම සාමයෙන් ජීවත් වූ පිරිසක් යැයි ද, මෙම අවස්ථාවට එක්වී සිටින පුද්ගලයෙකු පැවසීය.

ප්‍ර‍හාරයට පැමිණි මෝටර් සයිකල්කරුවන් ගේ දර්ශන සීසීටීවී කැමරාවන්ගේ සටහන් වී ඇති බව ද තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වයි. 

කීර්ති තෙන්නකොන් විසිනි.

Archive

Latest news

Related news