Friday, May 17, 2024

පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප්‍රතිශතය 40%යි – චම්පික

පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප්‍රතිශතය 40% ක් බවත් මාධ්‍ය ආයතන ප්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප්‍රතිශත ගණනයන් වැරදි බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි .

පොහොට්ටුවේ සැබෑ ජාතික ප්‍රතිශතය 40.66% ක් වන අතර මාධ්‍ය ආයතනවලට එය වාර්තා කර තිබුණේ 44.65% ක් ලෙසද බව පවසන අමතා්‍යවරයා ‍මේ වරද සිදුවූයේ කෙසේ දැයි ප්‍රශ්න කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, බොහෝ මාධ්‍ය ආයතන ජාතික ප්‍රතිශත ගණනයේ දී සළකා බලා ඇත්තේ මූලික පක්ෂ කීපයක් (ශ්‍රි.පො.ජ.පෙ, එ.ජා.පෙ, ශ්‍රි.ල.නි.ප + එ.ජ.නි.ස, ජ.වි.පෙ, දෙමළ සන්ධානය ආදිය) ලබාගත් ඡන්ද 11, 069, 417 සියලු වලංගු ඡන්ද ලෙස ගැනීමෙන් වුවත් සෙසු පක්ෂ හා ස්වාධින කණ්ඩායම් සියල්ලේ වලංගු ඡන්ද ප්‍රමාණය ද සමඟ සියලු වලංගු ඡන්ද ප්‍රමාණය 12, 214, 901ක් වන අතර මේ අනුව ඒ ඒ පක්ෂවල ජාතික ප්‍රතිශතය වෙනස් විය යුතු බවත්ය. මෙහි දී වැදගත් වන්නේ ආණ්ඩු හැදීමට කතා කරන මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ 40%ක් පමණක් වීම බවත් පෙන්වා දෙයි.

මේ අනුව ගත් කළ එජාප හා ජනාධිපතිතුමාගේ ශ්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණ යටතේ එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත. මේ අනුව තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක්‍රියාමාර්ග ගැනීම යනුවෙන් පවසයි.

-Dinamina

Archive

Latest news

Related news