Tuesday, July 16, 2024

ජනාධිපතිට වසර 6ක් අරන් දෙන්න උසාවි ගිය නීතිඥයා අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිකමට!

ජනාධිපති සිරිසේනගේ ධුර කාලය වසර පහක් බව 19වන සංසෝධනයෙන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබියදී එය වසර හයක් විය යුතු බවට තර්ක කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිිස් මහතා  ජනාධිපති විසින්ම අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති වශයෙන් පත් කර තිබේ.

තතුදත් ආරංචි මාර්ග දක්වන්නේ සාලිය පීරිස්ගේ  ව්‍යවස්ථා මණ්ඩලය විසින් අතුරදහන්වූවන් පිළිබඳ කාර්යාලයට යෝජනා කරන ලද මුල් නම් ලැයිස්තුවෙහි නොසිටි බවයි. එම මුල් ලැයිස්තුව තෝරා ගන්නා ලද්දේ එම තනතුරට ඉල්ලුම් කරන ලද සියයකට අධික පිරිසක් අතුරිනි. මෙම ඉල්ලුම් කරන ලද පිරිස අතර පවා සාලිය පීරිස් නොසිටි බවට අනුමත නොකළ වාර්තා සඳහන් කරයි.

අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලය පිහිටුවීමට ජනාධිපති සිරිසේන අනවශ්‍ය ඇඟිළි ගැසිම් කරන බවට ් සිකුරාදා මණ්ඩපය‘ නම් විද්වත් කණ්ඩායම මෙයට සති කිහිපයකට පෙර ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ය.

ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලද අනෙක්  නම් මෙසේය:ජයදීපා පුනියමූර්ති, මේජර් ජෙනරල් මොහන්ති ඇන්ටොනෙට් පීරිස්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරාක් රහීම්, සෝමසිරි කේ ගියනගේ, කනපතිපිල්ලෙයි වන්තන්.

අතුරුදහන්විම් නිසා වැඩිපුරම වින්දිතයින ්බවට පත්ව ඇත්තේ ස්ත්‍රීන් වුවද මෙම කමිටුවට පත් කර ඇත්තේ ස්ත්‍රීන් දෙනෛකු පමණි.

 

Archive

Latest news

Related news