Tuesday, July 16, 2024

තමුත්තේගමට ආ කොටි කණ්ඩායමක් පොලීසිය වට කර පහර දී පලා යති.

ඊයේ තඹුත්තේගම නගරයට කඩා වැදුණූ ගල් මුල් වලින් සන්නද්ධ කොටි කණ්ඩායමක් පොලීසියට පහර දී දේශප්‍රේමී පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට තුවාල සිදු කළ බව දිවනය පුවත් පත වාර්තා කරයි. මෙම කණ්ඩායම සතුව ආයුධ තිබූ බවද සැකකරන බව දිවනය පුවත් පත සොයා ගෙන තිබේ. ඔවුන් අත තිබූ කොටි සංවිධානයේ ජායරූප  පොලීසිය විසින් අල්ලා ගෙන ඇති බවත් වාර්තා වේ.

එම දේශප්‍රේමී නිලධාරීන්ට පිරිත් පැන්වඩා සෙත් පැතීම පිනිස බංගමුවේ නාලක හිමි ඇතුළු මහා සංඝයා දැන්ටමත් එහි පැමින සිටිති.

මෙම ප්‍රහාරයට පැමිණි කොටි පිරිස සිංහල ගම්මුන් සේ වෙස්වෙලා ගෙන පැමිණි ඇති බවත් ඔවුන්ට රැවටී තඹුත්තේගම ගැමියන්ද පොලීසියට පහර දීමට පැමිණ ඇති බව තමා ඇසින් දුටු බවට කීර්ති වලකුලසූරිය ජිනීවා සිට වාර්තා කර තිබේ. සිංහලයා කිසි දිනෙක පොලීසිට පහර නොදෙන බවට වලකුලසූරිය මානව හිමිකම් කවුන්සිලයේ කක්කුසියක ලියා ඇති  ජායාරෑප ද දිවනය පුවත් පත පළ කර තිබේ.

මෙම ප්‍රහාරය සඳහා සිංහල එන්ජිඕ කන්ඩායමක් ද පැමිණ ඇති අතර මේ දිනවල ජිනීවා හි පැවත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත් කිරීම පිනිස මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව කීර්ති වලසූරියගේ රහස් අංශ විසින් සැක කරයි.

වලකුලසූරිය තවදුරටත් කියන්නේ මෙවැනි ප්‍රහාරයක් සඳහා උසස් පුහුණුවක් අවශ්‍ය බවත් එම පුහුණුව සඳහා ඩයස්පොරාවෙන් කණ්ඩායමක් පැමිණි බව මීට පෙර තමා වාර්තා කල බවත්ය.

පොලීසිය බාර ඇමැති රනිල්ගේ උපදෙස් මත සියළු කොටි ප්‍රහාරකයින්ට යන්නට දී පොලීසිය විසින් තමුත්තේගම අසරණ ගොවි ගෙවිලියන් 54දෙනෙකු අත් අඩංඟුවට ගෙන තිබේ. එනමුත් මෙම සිංහලයින් වහාම නිදහස් කර පලා ගිය කොටි අත් අඩංඟුවට ගන්නා ලෙස සරිසේන කොළඹ සිට නියෝග කර තිබෙන බවද දිවනය පුවත්පත වාර්තා කරයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්  ප්‍රකාශයක් කරන මහන්ද රජා කියා සිටින්නේ කිසි දිනෙක පොලීසියට පහර නොදෙන ලෙසට තමා ඉගැන්වූ රතු පස්වල පාඩම දැන රතුපස්වල ජනයාද පි‍ළිගෙන තමාට ජන්දය දී ඇති බැවින් බොරු කදුළු ගෑස් වෙනුවට වෙඩි තබා ප්‍රහාරයට ආ කොටි කණ්ඩායම තමා බලයේ සිටියේ නම් ඝාතනය කරන බවයි. අත් අඩංඟුවට ගත් අසරණ සිංහලයින් වහාම නිදහස් කරන ලෙස රජා ආණ්ඩුවට බල කරයි.

ඔහු තවදුරටත් කියන්නේ තමා චීන ආණ්ඩුව සමඟ ඇති කරගන්නට යන සබඳතාවය කඩා කප්පල් කිරීම චීන සමාගමකට විරුද්ධ මෙම කඩාකප්ලකාරී ප්‍රහාරයේ අරමුණ විය හැකි බවයි. කොටි සංවිධානයේ ප්‍රචාරයන්ට රැවටී මෙවැනි අරගල වලට සහාය නොදෙන සේ ද රාජා විසින් කියා සිට තිබේ.

මෙහි සම්පූර්ණ සත්‍ය වාර්තාව  මෙහි දැක්වේ.

©SLB

Archive

Latest news

Related news