Saturday, April 20, 2024

ජවිපෙට ලව් කරන අයට වචනයක් – දයාපාල තිරාණගම

පළාත්පාලන මැතිවරණය ලංකාවේ දේශපාලන අනාගත දිශානතිය තීරණය කරන්න වූ අතිශය තීරණාත්මක ජනමත විචාරණයක් ලෙස රාජ්‍ය බලය සඳහා කෙටි මාවත් සොයන්නන් ගේ සිහිනයේ චායාවක් ලෙස සනිටුහන් වී ඇති බවක් පෙනේ.

යහපාලන ආණ්ඩුව ජනවාරි අටවෙනිදා පොරොන්දු පත්‍රය බොඳ කර දැමීමත්, මහා බැංකුව තුල කරන ලද රහසිගත කොල්ල කෑම මෙන්ම රාජපක්ෂ ලගේ හොර මැරකම් ගැන සෙවීම අත්හැර දැමීමත් ජනිත කල අප්‍රසාදය මේ සිහින මවන්නන්ගේ උද්යෝග දෙගුණ තෙගුණ කර ඇත. නමුත් ඔවුන් සිතන තරම් තත්වය ලෙහෙසි නැත.

මහ බැංකුවේ දුෂණය අපේ රටේ ධනපති පංති නායකයාගේ ප්‍රතිරූපයට එල්ලකළ කාලතුවක්කු පහරක් මෙන් බලවත්ය.ඔහුගේ මුදල් ඇමතිවරයා ජීවත් වූ නිවාසය ට කුලිය ලැබුනේ කෙසේද යි නොදන්නා තරමට ඔවුන් දුෂිතය.ජනාධිපතිවරයා ඔහුගේ කඩුව මුවහත් කරන්නේ දැන්ය.රාජපක්ෂලා දුෂණය සමාජගත කොට ඇත.ඔවුන් සල්ලි ගැහැව්වත් වැඩක් කර බව ට ජනවිඥානය ගොඩනගා ඇත.

එමනිසා ජවිපෙ පළාත්පාලන සිහිනය සහ 2020 පලන බලය ලබා ගැනීම භයානක ලෙස විශ්වාශ බංගත්වය ඇතිකරන ආත්ම මායාවක් වනු ඇත.දුෂණයට එරෙහි සටන් පටය පමණක් පළාත්පාලන මැතිවරණ ජය ගැනිම සඳහා ප්‍රමානවත් ප්‍රබල වූ සාධකයක් නොවනු ඇත.

තවමත් ලක්ෂ ගණනින් ජනතාව රොක්වන්නේ ප්‍රධාන පක්ෂ දෙක වටා බව පෙනේ.මෙය කඩ දැමීම ජවිපෙට ඇති අභියෝගය වුවද ඔවුන් දැනට තරඟ කරන්නේෙ  මෛත්‍රීගේ ශ්‍රීලනිපය සමග තුන්වැනි හෝ හතරවැනි තැනටය.මැතිවරණයෙන් පසුව රාජපක්ෂලාගේ සිංහල ජාතිවාදය හිස ඔසවමින් 2020 ට පදනම දමනු ඇත.

වම ගොඩ නැගීමේ කාර්ය සඳහා ඇති මග වැටි ඇත්තේ ජවිපෙට දෙන විවේචන විරහිත සහයෝගය මත නොවන අතරම සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපීය රටවල පැවතී ප්‍රජා පීඩක සමාජවාදයෙන් කොතරම් දුරට ඔවුන් දුරස් වී ඇත්ද යන්න අපේ ජනතාවට ප්‍රසිධියේ ප්‍රකාශ කිරීම මතය.

නැතිනම් අපේ ජනතාවද කවදා හෝ තනි පක්ෂ ආණ්ඩුවක් යටතේ දඩු අඩුවට හසු කොට පීඩාවට පත්වනු ඇත.ජවිපෙට අලුතින් ආදරය කරන්නන් ගෙන් අපට ඉල්ලීමට ඇත්තේ එබඳු තත්වයක් ඇති වීම වලක්වන ලෙසය.

Archive

Latest news

Related news