ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලූ පිළිබද 27 දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ජාවේදීය.
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වැටුප් සහ දීමනා පිළිබද ගැටලූව මෙහිදී විශේෂ අවධානයට යොමු කෙරුණු අතර මාධ්‍යකරණයේදී ඔවුන් මුහුණ පා ඇති සෙසු ගැටලූ පිළිබදව ද අවධානය යොමු කෙරිණි.
එමෙන්ම පසුගියදා පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වන නියෝජිත සමුළුවේදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද සංදේශයේ ඇතුළත් කරුණු පිළිබදව ද මෙහිදී සාකච්ජාවට ලක් විය.
රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් සුදර්ශණ ගුණවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කරුණාරත්න ගමගේ, ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි යන මහත්වරුන් ඇතුළු එහි නියෝජිත පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.