Monday, May 20, 2024

අපේ යකා අපට හොඳා – බණ්ඩාගේ වාක්කිය

 

බණ්ඩයිය අනුරාජපුරේ ගියෙ නැද්ද?

යකඩ මරං අහපි….. ඒක ඇහෙන කොට තරු විසිවුණා ආයිබොවන්ඩ…… ඒ කාලෙ කෙළි මතක්කුණා ….

“ප්‍රබාකරන් මතක්වුණා බොලං” මං කීවා….

“ඒ මොක ද බණ්ඩයියෙ?‘‘

“සිංහල මිනිස්සුන්ට දෙමාසෙං ඔක්කොම අමතක වෙනවා කියලා එයානෙ කීවෙ”

“ඒ කතාව වැරදියි” අබිලිං කීවා.

“එහෙනං මොකද්ද හරි?”

” දැං දැං සුමානෙන් අමතක වෙනවා.” ඔය කතා බතා මැද්දෙ නිමලෙත් ආවා….

“වෙනසක් වෙන්ඩ කාලෙ ඇවිත්” මයික් විජේ කියපි.

“මොකද්ද මලේ වෙනස?”

” මෙහෙම ඉන්න එකේ කිසි ලකයක් නෑ නෙවැ..”

” ඒ කීවෙ?‘‘

“දැං බලන්ඩ… නායකයො දෙන්නෙක් ඉඳලත් ඉන්නවද නැද්ද කියල නෑනෙ. විරුද්ද පාක්සිකයො ආණ්ඩු පාක්සිකයන්ට පාට් දාන්නෙ ආණ්ඩුව උන්ගෙ වගේ” “ඉතින් මොකද්ද කරන්ඩ කියන්නෙ?‘‘

“ඉඳල හිටල සුදු වෑන් එකක් එව්වොත් තමයි ගැම්මක් එන්නෙ…ආණ්ඩුවක් තියෙනෝ කියල දැනෙන්නෙ” “දෙයි හාදුරුවනේ වෙන මොනවද?‘‘

“නඩුකාරයො වුණත් පොතේ හැටියටම තීන්දු දෙන එක වැරදී. මන්දිරේ පැත්තෙ එහෙම ගිහිල්ලා අදහස් විමසන්ඩ දැනගන්ඩෝනැ.. නඩු තීන්දුවක් දුන්නම ඒකට විරුද්දව මාළු පාංකාරයො බස්සන්ඩ බැරි පාලකයො මොකටද මං අහන්නෙ?

තමන්ගෙ පුතාල දාල රගර් ටීම් එකක් හදාගන්ඩ කොන්දක් නැති පාලකයො රටක් පාලනේ කොරන්නෙ කොහොමද? මල්ලිලා පුතාලා රටේ වැදගත්ම තනතුරුවලට පත්කරන්ඩ මනුස්සකමක් නැති නායකයන්ගෙන් මනුස්සකමක් බලාපොරොත්තු වෙන්ඩ පුළුවන්ද?

ඔය කතා අහද්දි මගෙ ඇඟේ ඉතිරි වෙලා තියන මයිල් ගස් ටිකත් කෙළින් වුණා ආයිබොවන්ඩ. කකුල් දෙක මැඩිලිං ගහන්ඩ පටං ගත්තා ඕං…..

– සිළුමිණ

Archive

Latest news

Related news