Monday, May 20, 2024

අප්‍රිකානු තරුණයින් මුදලට විකිණෙන ලිබියාවේ නූතන වහල් වෙළදාම (වීඩියෝ)

ජායාරූපය: මුහුද මැද  අප්‍රිකානු සංක්‍රමනිකයින් බේරා ගැනීමේ මෙහෙයුමක් ,2016. (AFP/Getty)

යුරෝපයට සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් ලිබියාව බලා  අප්‍රිකාෙවෙහි  උප සහරා රටවලින් පැමිණෙන තරුණ පිරිස් වහලුන් ලෙස අලෙවි කරනු බව සනාථ විමෙන් පසු අප්‍රිකානු සංගමය ඒ පිලිබඳව සිය  කෝපය පළ කර තිබේ.

මෙම තරුණයින් අලෙවි වන්නේ  ලිබියානු  ඩිනාර් හාර පන්සියයකට වන අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 40,000 – 50,000 පමණ වේ. යුරෝපයට සංක්‍රමණයවිමේ අපේක්ෂාවෙන් ජාවාරම්කරුවන්ට මුදල් ගෙවා මෙසේ පැමිණි හත් ලක්ෂයක් පමණ දැනට ලිබියාවෙහි රැදී සිටිති. ඔවුන්ට ආපසු සිය රට යෑම හැර වෙනත් විකල්පයක් දැනට නැත.

මැද පෙරදිග සිසාරා ගිය වසන්ත විප්ලවය පසුපසින් බටහිර ජාතින් විසින් ලිබියාවෙහි කැරලිකාරී කණ්ඩායම්වලට සහය දී ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමෙන් පසු එරට පවතින්නේ විවිධ සන්නද්ධ කන්ඩායම් විසින් බලය පාවිච්චි කරන අරාජික තත්වයකි. එරට මධ්‍යම ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සහයෝගයෙන් පවත්වා ගෙන යනු ලැබේ.

යටත්විජිතවාදීන් විසින් අප්‍රිකානු ජනයා දහස් ගණනින් වහලුන් ලෙස  අලෙවි කරන ලද අතර ඇමෙරිකාවෙහි පදංචි කලු ජාතිකයින් පැමිණෙන්නේ  වහල් සේවයට ගෙන ගිය එම ජනයාගෙනි. ඊට පෙර අප්‍රිකාව තුලම වහල් සේවය පැවැත ඇති බව ද වාර්තාවේ.

මෙළෙසින්ම සවුදි අරාබියෙහි ද වෙනත් අප්‍රිකානු රටවලින් පැමිණෙන් තරුණ මුස්ලිම් කාන්තාවන් වහලුන් ලෙස අලෙවි කැරෙන බව මෑතදී වාර්තා විය.  එවැනි වහලියන් විදේශ රටවල තානාපති සේවාවන්ට යන සවුදි නිලධාරීන් විසින් රැගෙන යන බවද සනාථ වී තිබේ.

ශ්‍රී ලංකාවේද ළමා ගෘහ සේවකයින් ලෙස වහල් සේවයක් මෑතක් වන තුරුම පැවැති අතර තවමත් වතුකර ලාබාල දෙමළ තරුණයින්  හෝටල් සේවාවෙහි වහලුන් ලෙස යොදා ගනු ලැබේ.

 

ලිබියාවෙහි නූතන වහල් වෙළදාම මෙම සාක්ෂි රහසිගතව වීඩියෝ ගත කරන ලද්දේ සීඑන්එන් පුවත් සේවාව විසිනි.  ඉංග්‍රිසි බසින් ඇති එම වීියෝව මෙම දිගුවෙන් නැරඹිය හැකිය:  an exclusive CNN report earlier this week,

 

Archive

Latest news

Related news