Monday, May 20, 2024

මේ ආණ්ඩුව බලයේ සිටීමේ යුක්ති සහගත බව දිනෙන් දින ඈත් වෙයි. – දයාපාල තිරාණගම

ජායාරූප නිර්මානය මුහුණු පොතෙනි්‍: සිරිසේන රාජපක්ෂට තෙල් ගැසීම.

තමන් බලයට පත්කරන ලද 62 ලක්ෂයක් ජනතාවගේ සිතුම් පැතුම් බොඳ කරමින් මේ ආණ්ඩු ව ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් අකාර්යක්ෂම සහ අලස වූ ආකෘතියක් නිර්මාණය කොට ඇත.ඔවුන් සත්තකින්ම තම ආණ්ඩුවේ ම ගෙල මිරිකමින් ප්‍රජාතන්ත්‍රවිරෝධී,චවුර, දුෂිත සහ ජාතිවාදය දේශප්‍රේමය වශයෙන් හුවා දක්වන ඒකාබද්ධ විපක්ෂයට මග හෙළි කරමින් සිටි.මේ ආණ්ඩුවේ සැඟව සිටි සොරදෙටුවන්ගේ පැවැත්ම හෙළි වූ විට ඉන් සසල වුයේ මේ රටේ ජනතාව ය.ඔවුන් එතරම්ම රාජපක්ෂ පාලනයේ දුෂිත බැවින් පීඩා විඳ ඕනෑම ව්‍යාජ දේශපාලන කරුවෙකුට තම විශ්වාශය තැබීමට තරම් අසරණ වුහ.

පිටරටින් ලැබෙන තෙල් ටික බෙදා හැරීමට තරම් හැකියාවක් නැති ඇමතිවරු මේ රටේ ජනතාවගේ සමාජ සහ දේශපාලන විමුක්තිය උද නොකරන බව දැන් පැහැදිලිය.ඔවුන් තමන්ගේ අලසකම සහ මේ රටේ සම්පත් සොරගැනීමේ අරමුණුවල පිහිට ඇති වා මිස තමන්ගේ අඩුපාඩු සහ වැරදි හෙළි වූ විට ඉල්ලා අස්වීමට තරම් ආත්ම අභිමානයකින් හෙබි පුද්ගලයන් නොවෙති.ඔවුන් ගෙදර යැවීමට තරම් ආණ්ඩුවේ කෙරුමන්ද සුපිරිසුසුදු නොවෙති.

සයිටම් විරෝධී දෙමාපියන් දැනට ආරම්භ කොට ඇති මාරාන්තික උපවාසය මේ ආණ්ඩුවේ මුග්ධ භාවය නිසාම සිදු වුවකි.මේ ආණ්ඩුවට ජනතාවගේ දුක් කම්කටොලු ඇසෙන කන් නැත.තවමත් වැලිකඩ හිරගෙදර තුල දැමු හිරකරුවන් ගැන පරීක්ෂණයක් නැත.මිනි මරුවන් නිදැල්ලේ ය. දෙමල දේශපාලන සිරකරුවන් ආරම්භ කල මාරාන්තික උපවාසය තවමත් අවසන් වී නොමැත.උතුරේ ජනතාවගේ කොල්ල කන ලද ඉඩම් සහ නිවාස තවමත් ආපසු අයිති කරුවන්ට පවර දී නැත.ආණ්ඩුව ඉතාමත් තීරණාත්මක ප්‍රශ්න ගනනාවකට විස දුම් නොදී මැදිව සිටි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම මේ රටේ උතුරු නැගෙනහිර තවදුරටත් ලංකාවේ කොටසක් ලෙස පවත්වා ගැනීම සඳහා කරන අවසාන ව්‍යවස්ථාමය ඉඩ ප්‍රස්ථාව විය හැකි බව පෙනේ.

එබඳු කාර්යක් ඉටු කල හැකි වන්නේ ජනතා පොරොන්දු ඉටුකරන ජනප්‍රිය ආණ්ඩුවකට පමණි.මේහා සම්පන්න ප්‍රශ්න වලට මැදි වූ ආණ්ඩුවකට එය ඉටු කල නොහැකිය.

1957 බණ්ඩාරනායක -චෙල්වනායගම් ප්‍රතිසංස්කරණ හමස් පෙට්ටියට යැව්වේ එම ආණ්ඩුව ප්‍රශ්න ගණනාවකට මැදිව සිටි බැවිනි.

– දයාපාල තිරාණගම මුහුණු පොතෙනි.

Archive

Latest news

Related news