Tuesday, July 16, 2024

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට යළි මතක් කරයි.

ජයාරූපය: ශ්‍රී ලංකා විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපද නියයෝජ්‍ය රාජ්‍ය  ලේකම්  තෝමස් ෂැනන්. 

ශ්‍රී ලංකා- එක්සත් ජනපද සහයයෝගිතා සංවාදය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත‍ාංශය සහ එක්සත් ජනපද රාජ‍්‍ය  දෙපාර්තමේන්තුව ඒකිබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ 2017 මාර්තු සැසිවාරයෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීමට දෙරටම බැඳී සිටින බවයි. මෙමගින් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට යළි මතක් කර දෙන්නේ එම  යෝජනාවෙහි අඩංඟු සංක්‍රමණී්‍ය යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවීම අතහැරීමට නොහැකි බවය.

එම ඒකාබද්ධ නිවේදනයෙහි අදාළ කොටස මෙසේය:

‘ කල් පවතින සාමය සහ සමෘද්ධධිය ළඟා කරගැනීම පිණිස සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම ගැන යළි ප්‍රතිඥාවක් දෙමින්, 2017 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාවකට තමන් සම-අනුග්‍රාහකත්වය සැපයූ අයුරු ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය  ආවර්ජනය කළේය. අතුරුදන්වූවන්ගේ පවුල්වලට   අතුරුදන්වූවන් ගැන තථ්‍ය තොරතුරු සැපයීම සහ ආරක්ෂක ආයතනවල වෘත්තීමයභාවය ඉහළ නැංවීම සඳහා යෝග්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ආදිය ඇතුළත්  සත්‍ය  සෙවීම, යුක්තිය, හානිූර්ණය සහ
ගැටුම් යළි ඇති නොවීම පිණිස වන සහතිකවීම් වැනි, එක්සත් ජාතින්ගේ මානව     හිමිකම් කවුන්ත්‍සිල යෝජනා සම්මතතයෙන්  එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහයයෝගය ලබා දෙන බව එක්සත් ජනපදය ප්‍රකාශ කයළ්ය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාෂය පිළිබිඹු කෙරන මෙම ප්‍රතිඥාවන් ක්‍රියාත්මක කිරීම සඳහා, සංහිඳියා ක්‍රියාකාරකම්වලට ලොලබා දෙන සහය ඔස්යස්, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද ඒජන්ත්‍සිය (USAID) ශ්‍රී ලංකා රජයට සහය වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ව්‍යවහාරයන්, යහපාලනය, නීතියේ ආධිපතයය, යුක්තිය, සංහිඳියාව, වගවීම සහ පාර්ලියම්න්ත්‍තු ක්‍රියාදාමයන්ත්‍ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය තුළ ඇති කැපවීම මෙහිදී අවධාරණය කැරිණි.   ආණ්ඩුක්‍රම වයවස්ථා ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය, ආරක්ෂක හමුදා විසින් අත්කර ගෙන සිටින පෞද්ගලික ඉඩම් යළි ඒවායේ අයිතිකරුවන් වෙත ලබාදීම  සහ අතුරුදහන්වූවන් වෙනුවෙන් ස්වාධීන සහ නිත්‍ය කාර්යාලයක් පිහිටුවීම එක්සත් ජනපදයේ ප්‍රසාදයට ලක්විය.‘

ශ්‍රී ලංකා- එක්සත් ජනපද සහයයෝගිතා සංවාදය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත‍ාංශය සහ එක්සත් ජනපද රාජ‍්‍ය  දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනය සම්පූර්ණයෙන් පීඩිඑෆ් ගොනුවක් ලෙස කියවන්න:JS__SL_US_2_Amended_JS_06.11.17-Sinhala-pdf

 

Archive

Latest news

Related news