Saturday, April 27, 2024

අරඹේපොල රතනසාර: ගිහි පැවිදි හැඳුනුම් පත් තියාගත් අපූරු (හොර) දේශප්‍රෙමියා!

පසුගිය 26 වැනි දා ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් පොලිසියට අවශ්‍යව සිටිය දී පොලිසිය මඟහරිමින් සැඟවී සිටි අරඹේපොල රතනසාර  ඊයේ අලුයම ගිහි පැවිදි හැඳුනුම්පත් දෙකක් ද සහිතව මහනුවර සිට කොළඹට යමින් සිටිය දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංඟුවට ගන්නා ලදී.

අරඹේපොල රතනසාර මෙසේ හැඳුනුම් පත් දෙකකින් පෙනී සිට ඇති අතර, ඉන් එක් හැඳුනුම්පතක් ගිහි ජීවිතයට අදාළ එකක් වන අතර, අනෙක් හැඳුනුම්පත පැවිදි ජීවිතයට අදාළ හැඳුනුම් පතක් වෙයි. මෙමගින් සිය ආගමික ජීවිතයට නොහොබිනා ක්‍රියාවන්හි යෙදීමට රතනසාරට හැකියාව ලැබී තිබේ.

[alert type=”success or warning or info or danger”]මෙම රතනසාර රෝහින්ග්‍යා සරණාගතයින්ට පහර දීමට ගියේ රට ජාතික බේරා ගැනීමේ නාමයෙනි.  රතනසාරගේ දේශප්‍රේමය දැන් කලිසම පලලෙන් බේරෙයි. එහෙත් රතනසාර ග්‍රෝත්‍රයේ අනෙක් චීවරධාරීන් කටක් හැර නැත.[/alert]

රතනසාරගේ එක් හැඳුනුම්පතක සඳහන් වෙන්නේ අරඹේපොල රතනසාර හිමි, උපන් දිනය 1992. 12. 05, උපත කුරුණෑගල, ලිපිනය- අංක 226 පූර්වාරාම පාර කිරුලපන කොළඹ 05 යනුවෙනි. එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2011 දෙසැම්බර් මස 9 වැනි දින වෙයි.

රතනසාර විසින් භාවිත කර ඇති අනෙක් හැඳුනුම්පතේ සඳහන් වෙන්නේ තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර තෙන්නකෝන්, දූව පන්සල පාර, කලුතර දකුණ යනුවෙනි. එහි සඳහන් උපන් දිනය ඉහත සඳහන් හැඳුනුම්පතේ උපන් දිනයම වෙයි. එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2017. 07. 05 දින වෙයි. එනම් මීට මාස දෙකකට පෙර එම හැඳුනුම්පත නිකුත් කර තිබේ.

 

අත්අඩංගුවට ගත් රතනසාර හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී උන්වහන්සේ විසින් හැඳුනුම්පත් දෙකක් භාවිත කළ බව පිළිගෙන ඇත. එම ව්‍යාජ හැඳුනුම්පත භාවිත කර රතනසාර හිමියන් විසින් කරන ලදැයි සැක කරන යම් යම් සිද්ධීන් කිහිපයක් ගැන ද පොලිසියට මේ වන විට තොරතුරු ලැබී ඇති බව  ජනමාධ්‍ය වාර්තා කරයි.

හැඳුනුම්පත් දෙකක් භාවිත කිරීම බරපතළ වරදක් බව දැන දැනම රතනසාර  විසින් මේ ආකාරයෙන් හැඳුනුම්පත් දෙකක් භාවිත කිරීම සඳහා එම හැඳුනුම්පත් සකස් කර දීමට ක‍ටයුතු කළේ කවුද? යන්න සහ මේ පිටුපස ක‍රගෙන යන අපරාධ මොනවාද යන්න ආදී වශයෙන් මේ සියලු වංචා සහගත සිද්ධීන් ඇතුළු සියලු දෑ අනාවරණය කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්මින් සිටී.

( දිනමිණ වාර්තාවක්ද ඇසුරිනි)

Archive

Latest news

Related news