ජායාරුපය: ඉන්දියාවේ මුම්බායිහි දුගී දරු දෙනෛකු නිදන අයුරු.( gabriellefreak)
ශ්‍රී ලංකාව, අහා එය කළකට පෙර ඉන්දියන් සාගරයේ මුතු ඇටය යි! රාජපක්ෂ සමයෙහි පාරාදීස දිවයින යි! වත්මනෙහි යහපාලන යි!
නමුත් ඇත්ත ලංකාව කොයිතරම් වෙනස්ද? පොල් ගෙඩි කිහිපයක් අනවසරයෙන් පොල් වත්තකින් අහුලාගත් නිසා ලාබාල පාසල් ශිෂ්‍යාවකට පොලීසියේ ළගින්නට සිදුවෙයි. අඹගෙඩි තුනක් ගහකින් කඩා ගත්තේයැයි මවක් පොලිස් කූඩුවට දැමෙයි. උදෑසන හිස්බඩ පාසල් පැමිණියෙන් වමනය කළ දියණියක ගැබ්ගෙන ඇතැයි පාසැලෙන් නෙරපෙයි. ඇය රොහලට ගෙන ගොස් පරීක්ෂා කරයි.
මේ සියලු ගැහැටට හේතුව ප්‍රධාන එකකි. එනම් දුප්පත්කමය. අනෙක පසුගාමී සමාජ ආකල්පයන්ය. වමනය ගිය දරුවා ගමේ මුදලාලිගේ දියණිය වි නම් එම අසාධාරණය සිදු වන්නේ නැත. ශ්‍රී ලංකාව දුගී බාවය පිටු දැකීම අතින් දකුණූ ආසියාවේ අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටියද අන්ත දුගී බාවය තවමත් රටෙහි තිබේ.
අඹගෙඩි තුනකට මවක සිරගත කරන ආණ්ඩුවක් කෝටි ගණනාවක මුල්‍ය වංචාවක ධනවත් බලවත් තරුණ සැකකාරිනියක අත් අඩංඟුවට ගත් සැණින් ඇප ලබාදී නිවෙසට යවයි.
පංතිය පීඩිත නම් එය නීතියට ද දේශපාලනයට ද බලපායි. සෑම අතකින්ම තැලෙන්නේ පීඩිත ප්‍රජාවයි. ප්‍රජාව ආර්ථික විය හැක. සමාජී්‍ය විය හැක. පීඩිත නම් තැලෙයි.
මෙරට ධනවත්ම සියයට 20 ජාතික ආදායමෙන් සියයට 52ක හිමිකරුවෝ වන අතරවාරයෙහි දුප්පත්ම සියයට 10 සතුවන්නේ ජාතික ආදායමෙන් සියයට 02ක් පමණි. 1970 ගණන්වලදි සමසමාජ නායක ඇන්. ඇම් පෙරේරා කියූ විදිහට එකළ රටේ ආර්ථිකය පාලනය කළේ පවුල් 50ක පමණ පිරිසකි. අද එවැනි සංඛ්‍යා ලේඛන සොයා ගත නොහැකිය.
ලෝක බැංකු සංඛ්‍යා ලේඛන වලට අනුව 2013 වර්ශයෙහි මෙරට ජනගහණයෙන් සියයට 1.8ක් ජීවත්වූයේ අන්ත ද්‍රරිද්‍රතාවයෙහිය. එය දකුණූ ආසියාවෙහි අවම ප්‍රතිශතයයි. එම වාර්තාවම පෙන්වා දෙන්නේ, එසේ වුවද රටෙහි ජීවන තත්වය තිබෙන්නේ පහළ තත්වයක බවයි. 2013 වර්ශයෙහි ජනගහණයෙන් සියයට 45කම දිනක ආදායම රුපියල් 1300 (ඩොාලර්05)කට වඩා අඩුවිය.
ශ්‍රී ලංකාවේ එක් මුල්පෙළ ධනවතකු වන කැසිනෝ හිමිකාර ධම්මික පෙරේරගේ ප්‍රසිද්ධ වත්කම් රුපියල් මිලියන 100,000 ඉක්මවයි. ඔහු සිය ධනය උපයා ගැනීම පටන්ගත්තේ සූදු කෙළවීමෙනි. අදත් ඔහු මෙරට ප්‍රධාන කැසිනෝ හිමියෙකි. දේශපාලන වශයෙන් ඔහු රාජපක්ෂවාදී්‍ය. ධම්මික පෙරේරාට අනුව ශ්‍රී ලංකාවේ සමාගම් මගින් රජයට ලැබෙන බදුවලින් සියයට -5ක්ම ගෙවන්නේ ඔහුය. ඒ තරම්ම ධනවතෙකි.
මෙරටද ලෝකයෙහි මෙන්එම න්න එන්නම ඇති නැති පරතරය උග්‍ර වෙයි. ලෝකයෙහි හරි අඩක් ජනයා සතු වත්තම්වලට සමාන වත්කම් හුදෙක් සුපිරි ධනපතියන් 08 දෙනෙකු සතුය.
අප කැකිරාව පාසල් දැරිය විදුහල්පතිනිය විසින් අපවාදයට ලක් කිරීම තැබිය යුත්තේ මෙරට පවත්නා මෙන්න මේ අදායම් බෙදී යාමේ විශමතාවය උඩය.
10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාළ සිසුවිය දිළිඳු පවුලක දැරියක වන අතර මවුපියන්ට ස්ථිර රැකියාවක් නැත. දෛනික අවශ්‍යතා කෙසේ වෙතත් ආහාරවේල සොයා ගැනීම සඳහා ද දැවැන්ත අරගලයක නිරත වීමට මේ පවුලට සිදුව තිබුණි. ශිෂ්‍යාවට වමනය ගොස් ඇති බව මා පියන්ට දන්වා යවන විට දෙදනාම කුලී වැඩට ගොස් සිටියේය. ඇය ගමේ මුදලාලිගේ දියණිය වි නම් විදුහල්පතිනිය ඇය කැටුව මුදලාලිගේ නිවෙසටම ගොස් බාර දෙන්නට තිබුණි. පාසල යනු සමාජය තැනෙන කෝවය. එහි තැනේනනේ මෙවැනි අාකල්ප නම් ශ්‍රී ලංකාවට අබ සරණය.
කුලී වැඩ නතර කර පාසළට ආ මාපියන්ට විදුහල්පතිනිය මෙසේ කියා තිබේ:‘ මෙයාට වමනේ ගියා ‘ එවිට මව කියාා ඇත්තේ ඇය පාසල්උ ආවේ උදේට කන්නේ නැතුවයැයි කියාය. එවිට විදුහල්පතිනිය කියා ඇත්තේ ‘මෙයාට බබෙක් හම්බෙන්න ඉන්නේ, මෙයාට වමනේ ගියා. මෙයාව තියාගෙන්න බෑ‘ යනුවෙනි.
විදුහල්පතිනිය අකුරු නොදන්නා මාපියන්ගෙන් තමන් සිය දියණිය කැමැත්තෙන්ම පාසලින් අස්කර ගන්නා බවට ලියුමකට අත්සන් ගත්තාය.
අය ගැබ්බරද නැත් යන් සැකහැර දැනගැනීමට ඇය රෝහලකට ගෙන යන්නැයි මාපියන්ට බල කරන ලදී. ඇය වමනය දමා ඇත්තේ කුසගින්න නිසා සනාථ වුණි. ඇය ගැබ්බරද නැත්ද යන්න කාගේවත් ප්‍රශ්ක්ණයක් වන්නේ කොහොමද? දැන් එම දැරිය පමණක් නොව පවුලම සමාජී්ථය වශයෙන් අනාථ වන තත්වයක් ඇතිව තිබේ.
‘අපි හොදටම අසරණ වෙලා ඉන්නේ. ගමේ මිනිස්සුත් අනම් මනම් කියනවා. ගමෙන් පිට යන්න කිව්වා. අපි එච්චර අසරණ වෙලා ඉන්නේ‘ යැයි මව කිියා තිබුණි.
මේ තමා අප ජීවත් වන ලංකාවේ හැටි!
– සුනන්ද දේශප්‍රිය.