Friday, May 3, 2024

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නේ නැහැ; දෙමළ සන්ධානය රට අවුල් කරනවා- එජාප ඇමැති රුවන් විජේවර්ධන

ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමැති දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කරන දෙමළ ජාතික සන්ධානයට දෙහි කැපූ බවත් ඔවුන් ඉල්ලා සිටන කිසිදු සිරකරුවකු නඩු නොවිමසා නිදහස් නොකරන බව ප්‍රකාශ කළ බවත් ආණ්ඩුවේ හොරනෑවක් වන ඩේලි නිව්ස් පුවත් පත වාර්තා කර තිබේ.

රැවන් විජේවර්ධන අගමැති රනිල් වික්‍රමසිංහගේ ළගම ඥාතියෙකු වේ.  ඔහු  මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ ජන්ද කොට්ඨාශය වන බියගම පාසළක පැවැති උත්සවයකදී ඔක්තෝබර් 15දිනය.

මෙරට දේශපාලන සිරකරුවන්යැයි කොටසක් නැතැයි කියා ඇති රැවන් විජේවර්ධන කියා ඇත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස හර්තාල් කරන්නේ යටුකූට්ටු දේශපාලන අරමුණූ උදෙසා බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීම පනත අහෝසි කරන බවට දිව්රා පොරොන්දු වී බලයට පැමිණ වසර දෙකහමාරක් ගතවි ඇතත් තවම සියයකට ආසන්න දෙමළ තරුණයින් එම පනත යටතේ ආණ්ඩුව රඳවාගෙන සිටී, මෙම සිරකරුවන් නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්, සම්බන්දන් ජනාධිපති සිරිසේනට සැර ලියුමක් යෑවූයේ ගිය සතියේය. මෙම ප්‍රශ්ණය උඩම පසුගිය සෙනසුරාදා ජනාධිපති සිරිසේන සහභාගි වූ යාපනයේ හින්දු විද්‍යාලයේ පැවැති දෙමළ භාෂා දින උත්සවය දෙමළ සන්ධානය වර්ජනය කළේය.

දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණය දැන් මෙරට දෙමළ සමාජය කැකෑරවන කරුණක් බවට පත්ව ඇති අතර ආණ්ඩුවේ වක්‍ර හවුල්කරුවන් වන දෙමළ සන්ධානය මේ ප්‍රශ්ණය මතම අප්‍රසාදයට පත් වෙමින් තිබේ.

එජාපයේ මෙම ප්‍රකාශය අනුව දැන් දෙමළ සන්ධානයට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැතිවන තත්වයක් ඇතිව තිබේ. එම හිඩැස දෙමළ සමාජයෙහි පුරවනු ඇත්තේ වඩා රුඩිකල් සහ සාකච්ජා විරෝධී පිරිස් විසින් විසින් බව මැදිහත් දෙමළ අංශ ප්‍රකාශ කරති.

Archive

Latest news

Related news