Tuesday, July 16, 2024

සිය දිවි නසා ගන්නා සැටි දිවයින පත්තරය යළි කියා දෙයි.

අසෝක ජයවර්ධන විසිනි.

පහත පළවන්නේ ඔක්තෝබර් 05දා දිවයින පුවත්පත සිය දිවි නසා ගැනිමක් වාර්තා කර තිබූ අන්දමය.

“සියල්ල අවසන්ව යන තැනකි” කියා මුහුණු පොතේ සටහනක්‌ තබා යුවතියක්‌ ගෙල වැලලාගෙන සිය දිවි නසා ගැනීමේ පුවතක්‌ මාලබේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්වී ඇත්තේ මාලබේ – කහන්තොට පාර පදිංචිව සිටි XXXXX XXXXX  XXXX XXXX  XXXXX නැමැති 30 හැවිරිදි ජාත්‍යන්තර පාසලක ගුරුවරියකි.

පෙරේදා (03 දා) අළුයම සිය නිවසේ උඩුමහලේ බැල්කනියේ සාරි පොටකින් ගෙල වැලලාගෙන සිටි ඇයගේ සිරුර පොලිසියට හමුවූ අතර මියයාමට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැති බව පැවසේ. මෙම යුවතිය මීට දින 05 කට ප්‍රථම තමා සේවය කළ ජාත්‍යන්තර පාසලෙන් ඉල්ලා අස්‌වී ඇති අතර එහි වැඩ වැඩි බව ඇය පවසා ඇත.

සිය දිවි නසා ගන්නා පුද්ගලයින්ගේ පුද්නගලිකත්වය ආරක්ෂා කිරීම පිනිස නම් ගම්  පළ නොකළ යුතුය යනවෙන් ඇති ආචාර ධර්මීය මඟ පෙන්වීම මෙම පුවත් පත සළකන්නේම නැත.  ඇයගේ  සම්පූර්ණ නමම වාර්තාවට ඇතුළත්ය.

මෙවැනි වාර්තාවක තිබිය යුත්තේ සිය දිවි නසා ගැනීම වළක්වන ආකාරයේ උදෘත වුවත් මෙම වාර්තාව  එම මඟ පෙන්විමද නොසළකා හරී.

මෙම පුවතෙහි එන සියල්ලටම වඩා භයානක වාර්තාකරනය නම් සිය දිවි නසා ගත හැකි ආකාරය ඉතා පැහැදිලිව මෙම වාර්තාවේ අඩංඟු විමයි. එවැනි විස්තර පළ කිරීම කිසිසේත්ම අවශ්‍ය නැති නමුත් මෙම පුවත්පත  දිවිනසා ගැනිම් ද සළකන්නේ අමුවෙන්ම විකිණිය හැකි පුවත් ලෙසය.

මෙය මහජනයාට ලැදි මාධ්‍ය භාවිතයක් නොව හුදු වෙළදාමක් පමණි. ජනමාධ්‍ය  ව්‍යාපාර වශයෙන් පවත්වාගෙන ගියද ඒවා හුදෙක්  වෙළද භාන්ඩ නොවන බව දිවයින කතුවරයා නොදන්නේද?

මෙවැනි මාධ්‍ය අවභාවිතයන් ගැන මෙරට ජනමාධ්‍ය සංවිධානවලට කල හැකි දෙයක් ඇත්තේම නැද්ද?

 

Archive

Latest news

Related news