Tuesday, July 16, 2024

අනුර බණ්ඩාරනයක බූදල් නඩුව: චන්ද්‍රිකාට සහ සුනේත්‍රාට රුපියල් 1,183,830,735.12ක් සහ තවත් දේපල.

අන්තිම කැමති පත්‍රයක් ලියා තබා නැති බණ්ඩාරනායක මහතා සතුව තිබු රුපියල් 1,183,830,735.12ක මුදලක් හා තවත් බූදල් වත්කම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ  පවසමින් ‍සුනේත්‍රා බණ්ඩාරනායක අතර බෙදී යන සේ අධිකරණය තීරණය කර තිබේ. මේ අනුව එම මුදල් සහ අනෙක් වත්කම් ලබා ගැනීම පිනිස එම  සහෝදරිියන් දෙදෙනා ඊයේ අධිකරණය වෙත පැමිණි බව ජනමාධ්‍ය වාර්තා කරයි. කොළඹ දිසා අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා හමුවී එම වත්කම් ලබා ගැනීම ඔවුන් දෙදෙනා විසින් සාකච්ජා කරන ලදී.

මෙම නඩුව එම සහෝදරියන් දෙදෙනා විසින් පවරන ලද්දේ 2008 මාර්තු 16දාය.

2008 මාර්තු 16 දින මියගිය අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ එකම උරුමක්කරුවන් තමන් හා තම සහෝදරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බව පවසමින් ‍සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය මෙම නඩුව පවරන ලදී.

මෙම දෙදෙනාම අද විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සහ අර්ධ රාජ්‍ය සංවිධාන දෙකක නායකත්වය දරති.

බණ්ඩාරනායක මහතාගේ රියදුරු ආරක්ෂක ඇතුළු සමීපව කටයුතු කළ පුද්ගලයින් සිව්දෙනෙක් බූදලයට උරුමකම් කියමින් මැදිහත් පෙත්සම් ගොනු කරමින් කියා සිටියේ මෙම බූදලය තමන්ට ලැබෙන සේ අනුර බණ්ඩාරනායක අන්තිම කැමැති පත්‍රයක් ලියූ බවයි. ඔවහු එහි ජායාස්ථ පිටපතක් ද ඉදරිපත් කළහ.

එවැනි  අන්තිම කැමති පත්‍රය යැයි කියන ලේඛනයක් තිබූ බව පිළිගත් සුනේත්‍රා බණ්ඩාරනායක කියා සිටියේ එය අනුර බණ්මඩාරනායක ජීවත්ව සිටියදීම විනාශ කළ බවය. එම ලේඛනයේ පිටපතක් චන්ද්‍රිකා හෝ සුනේත්‍රා අධිකරණයට ඉදිරිපත් කළේ නැත.

2009 ජූලි මාසයේදී නඩුවේ විමසීම ආරම්භ කළ දිසා අධිකරණය අතරමැදි පෙත්සම්කරුවන්ගේ ඡායාස්ථ පිටපත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කෙළේය.

එසේ නමුත් එය විනාශ කරන ලද්දේ හෝ විනාශ වූයේ කෙසේදැයි දන්නා කෙනෙක් ද නැත.

දැන් බණ්ඩාරනායක සහෝදරියන් දෙදෙනා ප්‍රකොටිපතිනියන්ය‍.

(ජනමාධ්‍ය වාර්තාද ඇසුරින් සකස් කරන ලදී.)

 

Archive

Latest news

Related news