Tuesday, May 7, 2024

මා රාජපක්ෂ ආණ්ඩුවේ හොඳ කිව්වේ බයට – තමිල්සෙල්වම් බිරිඳ සසිරේගා

ජායාරූපය: සසිරේගා තමිල්සෙල්වම් ( පුස්තකාල ජායාරූපයකි)

තමා රාජපක්ෂ ආණ්ඩුවේ හොඳ කියමින් සිටියේ තමාට අනතුරක් කරනු ඇතැයි බිය පත්ව සිටි නිසා යැයි එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායක තමිල්සෙල්වම්ගේ බිරිඳ වූ සසිරේගා තමිල්සෙල්වම් කියයි. ඇය මේ බව ප්‍රකාශ කළේ අද එනම් සැප්තැමබර් 19වන දින මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය අතරතුර පැවැති සමාන්තර රුස්වීමකදී ය.
මේ විදේශගත වීමෙන් පසු ඇය විසින් කරන ලද ප්‍රථම ප්‍රකාශය යැයි සැළකේ. 2007 නොවැම්බර් 02 දින ගුවන් හමුදා ප්‍රහාරයකින් තමිල්සෙල්වම් මිය ගියේය. යුද්දාවසානයෙන් පසු සසිරේගා රාජපක්ෂ ආණ්ඩුවේ හොරණැවක් බවට පත් වූ අතර එලිටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පොරාවට විරුද්ධව ප්‍රචාරයන්හි නිරත විය.

යුද්ධයෙන් පසු සසිරේගා තමිල්සෙල්වම් රාජපක්ෂ රජයේ ගුණ ගායනා කරමින් නමුත් ඊට ප්‍රතිවිරුද්ධව යුද සමයේ සිදුවූ ඝාතන ගැන කතා කළ දෙමළ පිරිස් ද වූහ.

යුද්ධය අවසානවීමෙන් පසු යුද හමුදා බාරයට පත් තමා මරා දැමීමට සෙබල පිරිසක් සූදානම් වූ නමුත් ඒ අවස්ථාවෙහි බුද්ධි අංශ නිලධාරින් තමා බේරා ගත් බව අද දින ඇය කියා සිටියාය. දැන් ඇය දේශපාලන රැකවරණ ලබා බටහිර රටක ජිවත් වෙයි.

අද ජිනීවාහිදී කතා කරමින් ඇය කියා සිටියේ තමා එකල රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂව කී කිසිවක් විශ්වාස නොකරන ලෙසයි.

තමිල්සෙල්වමි 2016 මැයි 06දා කිළිනොච්චියේදී (c)s.deshapriya

අත්අඩංඟුවෙහි සිටියදී තමාට වධහිංසා පැමිණවීමක් හෝ වෙනත් කරදරයක් නොවු බව කී සසිරේගා එහිදි පැමිනුණු එකම කරදරය වූයේ කඳවුරු ගත කර සිටි පිරිස් ඔවුන් අමාරුවේ වැටුනේ සිය සැමියා වැනි පුද්ගලයින් නිසා බවට කළ චෝදනා බව කීවාය.

යුද්ධයෙන් පසු තමා මුහුණ දුන් තත්වය ගැන දීර්ඝ විස්තරයක් කළ ඇය කියා සිටියේ තමාට දැන ගන්නට ලැබුණු පරිදි මහින්ද රාජපක්ෂ හොඳ පුද්ගලයකු වූ බවත් දුෂ්ඨකම් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බවත්ය. ඒ අනුව සිය මව ජනාධිපති රාජපක්ෂ වෙත ලිපියක් ලියා තමන් විඳින දුෂ්කරතාවයන් දැනුම් දුන් බවද ඇය කියා සිටියාය.

ඇයගේ කතාව අවසන් කිරීමට කාලවේලා මදි වූ බැවින් වෙනත් සමාන්තර රැස්වීමකදී සිය කතාවෙහි ඉතිරි කොටස කරන බව ඇය ප්‍රකාශ කළාය.

මෙම සමාන්තර රැස්වීම මෙහෙයවන ලද්දේ රටින් පිට පිහිටුවා ඇති දෙමළ ඊලාම් රාජ්‍ය යේ ඉන්දියානු සාමාජිකයකු වන ආචාර්ය පෝල් නිව්මාන් විසිනි.

සමාන්තර රැස්වීමේ ආරාධනාව ..

ඉදිරි දින කිහිපය තුළ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි සමාන්තර රැස්වීම් පහක් පැවැත්වීමට නියමිත අතර මේ සඳහා උතුරු පළාත් සභා මංත්‍රීවරුන් ඇතුළු විශාල කණ්ඩායමක් ජීනීවා වෙත පැමිණ සිටිති.

සසිරේගා කුඩා කළ කොලඹ ජීවත් වූ අතර ඇයගේ පියා ව්‍යාපාරිකයකු විය. 1983 දෙමළ විරෝධි ප්‍රචන්ඩක්‍රියා අතර තුර ඔහු ගේ වෙළද ව්‍යාපාරය ගිනි තබනු ලදුව පවුලම යාපනයේ පදිංචියට ගොස් තිබේ. පසුව ඇයගේ පියා ඇතුළු පවුලේ අය  යළි කොලඹ පැමිණි නමුත් යාපනයේ නතර වූ සසිරේගා භාරත නැටුම් හැදෑරුවාය.  ඇය තමිල්සල්වම්ට යෝජනා කරන ලද්දේ ඇගේ නෘත්‍ය සංදර්ශනයකින් පසු ඇන්ටන් බාලසිංහම් විසින් යැයි කියනු ලැබේ.

Archive

Latest news

Related news