Monday, May 20, 2024

බැදුම්කර වංචාවෙන් 2016දී පර්පෙචුවල් පලිසේනට ලක්ෂ 1,000 පාරිතෝශික!

ජායාරූපය: පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඒ වාසනාවන්තයාය.

එදිනෙදා ජීවිතය සරිකර ගැනිමට  නොහැකිව ලතැවෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇති රටක එක් පුද්ගලයකුට වසරක 2016 වසරෙහිදී පාරිතෝශික දිමනා වශයෙන් පමණක් රුපියල් කෝටි 10ක් හෙවත් ලක්ස 1,000ක් ගෙවා ඇති බව අද බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළි වී තිබේ. එම පුද්ගලයා අන් කවරකුවත් නොව  අර්ජුන් ඇලොසියස්ගේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනය.

එක් පුද්ගලයකුට කෝටි 10ක  පාරිතෝශක දීමනාවක් ගෙනව ලද්දේ බැදුම්කර වංචාවෙන් උපයන ලද අති විශාල ධනස්කන්දයෙන් බවට තතුදත් අංශ සැක පහල කරති. මෙම මහා වංචාව පිළිබද පරීක්ෂන නොමග යැවීමට රනිල් වික්‍රමසිංහ විසින් දරන ලද ප්‍රයත්න අසාර්ථක වීමෙන් පසු ජනාධිපති සිරිසේන විසින් විිශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති), ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරු හමුවෙහි වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමේ මෙම පරීක්ෂණය සිදු වෙයි.

එමෙන්ම  පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ‘ලිට්ල් ජෝන්ලා’ යනුවෙන් හඳුන්වන තවත් පිරිසකට   පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ‘සංතෝෂම්’ ගෙවා ඇති බවත් ඔවුන්  වෙනත් ආයතනවල ප‍්‍රථමික ගැනුම්කරුවන් බව පිළිගෙන තිබේ. නමුත් ඔහු මෙම ලිට්ල් ජෝන්ලා කව්රැන්දැයි හෙළි කිරිමෙන් වැලකී සිටියේය.

 

 

 

Archive

Latest news

Related news