රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල සිරදඬුවම් අද ( සැප්07) යම විය. මෙම වංචාව කරන ලද්දේ 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ජයග්‍රහණය කරවනු පිණිසය. මෙම තීරණය දෙන ලදදේ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසිනි.
මීට අමතරව එක් අයකුට ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මිලියන 50 ක වන්දියක් ද විදුලි සංදේශන නියාමන කොමිසමට ගෙවන ලෙසද නියම කරන ලද අතර දඩ මුදල නොගෙවනනේ නම් ඒ වෙනුවට සිර දඩුවම් කාලය දික්වනු ඇත.
රාජපක්ෂ සමයෙහි කරන ලද මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන දෙන ලද ප්‍රථම නඩු තීන්දුව මෙයවන අතර දේශපාලනඥයින් වෙනුවෙන් දූෂණ වංචාවන්ට සම්බන්ධ වන නිලධාරින්ට මෙය හොඳ පාඩමක් වනු ඇති බව මානව හිමිකම් අංශ ප්‍රකාශ කරති.
මේ අතර නිවේදනයක් නිකුත් කරන කැෆේ ප්‍රධානී රජිත් කිර්ති තෙන්නකෝන් මෙසේ කියයි.
‘මැතිවරණ දෙපාර්තමේන්තුවට, අප සමග එක්ම සටන් කළ පැෆරල්, CMEV, ට්‍රාන්ස්පේරන්සි ඇතුලු මැතිවරණ නිරීක්ෂන සංවිධාන, දැනට වසා දමා ඇති දුෂණ විමර්ශන ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, තුසිත් මුදලිගේ, ජවිපෙ වසන්ත සමරසිංහ ඇතුළු සියලු දෙනා ට ස්තුතියි. 2015 ජනාධිපතිවරණයේ දී අප මහජන දේපල අයථා පරිහරණය ගැන කටයුතු කළේ අතිශයින් දුෂ්කර පරිසරයක ය. අධිකරණය පිළිබද ජනතා විශ්වාසය රැකුණු නඩු තීන්දුවක ගෞරවය ගිහාන් කුලතුංග විනිසුරුවරයාට හිමි විය යුතුය. මෙම නඩු තීන්දුව දුෂිත හිස උදුම්මාගත් රාජ්‍ය නිලධාරීන්ට අනාගතයේ කිසිදු දිනයක ‘මහජන දේපල අයථා පරිහරණය, දේපල අවභාවිතය සිදු නොකිරීමට පාඩමකි. දුෂිතයන් රැකීමට අවරණය ලබාදීම වෙනුවෙන් ගෙවන්නට සිදු වූ වන්දියකි‘