Friday, April 26, 2024

පොලිස් අවනීතිය: පොඩි මැණිකේ වන මම දිව්රුම් දී කියා සිටන්නේ……

මහිංගනයේ ජීවත්වන හේරත් මුදියන්සේලාගේ පොඩි කුමාරිහාමි දිර්ඝ කාලයක් ජීවත්ව ඇති ඉඩම බලයෙන් අල්ලා ගැනිම පිනිස මහියංගන පොලිස් නිලධාරීන් පිරිිසක් දිගින් දිගටම උත්සාහ දරන බව ප්‍රකාශ කරන ආසියානු මානව හිමිකම් කොමිසම පසුගිය 15දා පොලීසිය ඇයට පහරදී ඇති බව වාර්තා කරයි. පොඩි මැණිකේගේ මානව හිමිකම් රැකදීම උදෙසා ආසියානු මානව හිමිකම් කොමිසම දීර්ඝ ව්‍යාපාරයක නිරත වී සිටි.

පසුගිය 15දා සිදුවීම සමබන්ධයෙන් පොඩි කුමාරිහාමි විසින් ඉදරිපත් කරන ලද දිව්රුම් පෙත්සම පහත පළවේ.

දිව්රුම් ප්‍රකාශයයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගනය, පූජා නගරය, 237 දරණ ස්ථානයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ පොඩි කුමාරිහාමි වන මම බෞද්ධාගමිකයකු වශයෙන් සත්‍යවත් අවංකවත් ප්‍රතිඥා දී ප්‍රකාශ කර සිටින්නේ,

01. ඉහත නම් සඳහන් ප්‍රතිඥා ප්‍රකාශිකාව මම වෙමි.

02. මා රැකියාව වශයෙන් මහියංගනය රජමහා විහාරය තොරණ අසල තහඩු වලින් සාදන ලද කඩයක රටකජු, බුලත්විට, බඩ ඉරිඟු, තැඹිලි ආදිය විකිණීමේ නිරත වන බව මා ප්‍රකාශ කර සිටිමි.

03්. මා පුතුන් තිදෙනෙකුගේ හා දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර වැඩිමහල් පිරිමි දරුවා හා තෙවැනි දියණියන් විවාහ වී වෙන් ව වාසය කරන බව මා ප්‍රකාශ කර සිටිමි.

04. වයස අවුරුදු 16 ක් වන සිව්වන පුත්‍රයා සහ වයස අවුරුදු 11 ක් වන බාලම පුත්‍රයා මහියංගනය, පූජා නගරය, 237 දරණ ස්ථානයේ මා සමඟ පදිංචිව සිටින අතර මාගේ සැමියා වන ගොඩපලතැන්නේගෙදර විමලරත්න වෙනත් කාන්තාවත් සමඟ වෙන්ව ජීවත් වන බවත් මා ප්‍රකාශ කර සිටිමි.

05. 2015.08.15 වන දින උදෑසන 11.00 ට පමණ නඩුවකට වරෙන්තු වී ඇති බව පවසමින් මහියංගනය පොලීසියේ නිළධාරීන් පිරිසක් මා අත්අඩංගුවට ගැනීමට මාගේ නිවසට පැමිණි අතර කාන්තා පොලිස් නිලධාරිණියක් ඒ  සමඟ නොපැමිණීම ගැන පොලිස් නිළධාරීන්ට මාගේ විරුද්ධත්වය මා පල කිරීම හේතුවෙන් පොලිස් නිළධාරීන් මා හට පහරදෙමින් මා බලහත්කාරයෙන්
රැගෙන යාමට තැත් කළ බව මා ප්‍රකාශ කර සිටිමි.

06. එම අවස්ථාවේදී මාගේ දියණියගේ සැමියා වන අසංක දිල්ෂාන් කුමාර යන අය තමන් මිදුලේ වැඩ කරමින් සිටි උදැල්ල ද රැගෙන අප වෙත පැමිණි අතර පොලිස් නිළධාරීන් උරණ වී ඔහුටද පහර දුන් බව මා ප්‍රකාශ කර සිටිමි.

07. අනතුරුව මා හා මාගේ දියණියගේ සැමියා වන අසංක දිල්ෂාන් කුමාර යන අය පොලිස් නිළධාරීන් දෙදෙනෙකු විසින් සවස 06.30 පමණ වන තෙක් මිදුලේ රඳවාගෙන සිටි අතර මාගේ නිවස ද මාගේ දියණියගේ නිවස ද පොලිස් නිළධාරීන් විසින් අත්පත් කරගෙන සිටි බව මා ප්‍රකාශ කර සිටිමි.

08. සවස 06.30 ට පමණ බදුල්ල පොලිස් ස්ථානයෙන් නිළධාරීන් පස් හය දෙනෙකු සහ මහියංගනය පොලිසියේ නිළධාරීන් කිහිපදෙනෙකු පොලිස් ජීප් රථ දෙකකින් පොලිස් නිළ සුනඛයකු ද රැගෙන පැමිණ මාගේ දියණියගේ නිවස සෝදිසි කිරීමට පටන් ගත් බව මා ප්‍රකාශ කර සිටිමි.

09. එම අවස්ථාවේ දී මාගෙන් දැනට වෙන් වී වෙනත් නිවසක වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වන මාගේ ස්වාමිපුරුෂයා ද ත්‍රී රෝද රථයකින් එම ස්ථානයට පැමිණි අතර මාගේ දියණියගේ නිවස තුළ ඇති කුඩු හා ගංජා සොයා දෙන ලෙස පොලිස් නිළධාරීන් ඔහුටද පවසන ලද බව මා ප්‍රකාශ කර සිටිමි.

10. අනතුරුව පොලිස් නිළධාරීන් විසින් මාගේ දියණියගේ නිවසේ තිබුණේ යැයි පවසමින දියණියගේ නිවසේ තිබූ අල්මාරියෙන් හෙරොයින් සහ ගංජා එළියට ගන්නා ලද බව මා ප්‍රකාශ කරමි.

11. මාගේ දියණියගේ නිවස සෝදිසි කිරීමෙන් පසු ඒ අසළම පිහිටි මාගේ නිවස ද පොලිස් නිළධාරීන් විසින් පරීක්‍ෂා කරන ලද බව මා ප්‍රකාශ කරමි.

12. රාත්‍රි 11.30 හෝ 12.00 ට ආසන්න කාලයකදී පොලිස් නිළධාරීන් විසින් මාගෙන් කට උත්තර ආදිය ද රැගෙන මාගේ දියණියගේ සැමියා වන අසංක දිල්ෂාන් කුමාර යන අයව අත්අඩංගුවට ගෙන රැගෙන යන ලද බව මා ප්‍රකාශ කර සිටිමි.

13. 2017.08.16 වන දින අසංක දිල්ෂාන් කුමාර යන අය බැලීම සඳහා මාගේ දියණිය සහ මම මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට යන ලද අතර ඔහුව රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට නියම වූ බැවින් බන්ධනාගාර බස් රථය අධිකරණ භූමියෙන් පිටව යන තෙක් අධිකරණ භූමියේ රැඳි සිට සවස 05.00 ට පමණ නැවතත් නිවස බලා පැමිණි බව මා ප්‍රකාශ කර සිටිමි.

14. 2017.08.17 වන දින මාගේ වැඩිමහල් දියණිය වන දිල්හානි කුමාරිගේ සැමියා වන කරුණාරත්න සහ චමිලා මල්කාන්ති යන අය අසංක දිල්ෂාන් කුමාරව බැලීම සඳහා අළුයම 05.00 ට පමණ නිවසින් පිටව යන ලද බව මා ප්‍රකාශ කර සිටිමි.

15. දහවල් එකට පමණ ඔවුන් නැවත නිවසට පැමිණි අතර දහවල් 02.00 ට පමණ මහියංගනය පොලීසියේ ජීප් රථයකින් හා යතුරුපැදි දෙකකින් පොලිස් නිළධාරීන් මාගේ නිවස අසලට පැමිණි අතර ඒ වනවිට මා සහ මාගේ දියණිය වන චමිලා මල්කාන්ති මිදුලේ සිටි බව මා ප්‍රකාශ කර සිටිමි.

16. එම නිළධාරීන් අතරින් කාන්තා පොලිස් නිළධාරිණියක චමිලා මල්කාන්තිව අල්ලා ගැනීමට උත්සාහ කළ අතර ඇය ඉන් මිදී යාමට තැත් කළ විට පොලිස් නිළධාරීන් ඇයට පහරදී අල්ලාගෙන ගොස් ජීප් රථයට දමන ලද බව මා දුටු බව මා ප්‍රකාශ කර සිටිමි.

17. ඒ වන විට සවස 02.30 පමණ වූ බවත් එම නිළධාරීන් සමඟ මා බහින් බස් වූ බවත් එවිට මහියංගනය පොලීසියේ ස්ථානාධිපතිතුමා මා හට කම්මුලට පහරක් ගසන ලද බවත් මා ප්‍රකාශ කර සිටිමි.

18. එම පහර හේතූවෙන් බිම ඇද වැටුණු මා හට මහියංනය පොලිස් ස්ථානාධිපතිතුමා දිගින් දිගටම අතින් පයින් පහර දෙන ලද බව මා ප්‍රකාශ කර සිටිමි.

19. අනතුරුව දෙපයින් සිටගත් මා හට මහියංගනය පොලීසියේ විමලරත්න මහතා කොණ්ඩයෙන් ඇද තල්ලු කරන ලද අතර එවිට මාගේ හිස අසල තිබූ බිත්තියේ වද්දවන ලද බව මා ප්‍රකාශ කර සිටිමි.

20. එම පොලිස් නිළධාරීන් අතර සිටි කලු මහත්තයා මා හට “කතා කරොත් වෙඩි තියනවා” යනුවෙන් තර්ජනය කළ බව ද මා ප්‍රකාශ කර සිටිමි.

Archive

Latest news

Related news