Monday, May 20, 2024

රාජපක්ෂ මහබැංකු අධිපතිගේ නංගී සමඟ ආලෝසියස් හම්බ කල සැටි හෙළිවේ.

අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික‍්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස  2014 වර්ෂයේදී සේවය කළ බවත්  එම අවධියෙහි 400%ක ප‍්‍රාග්ධන ලාභයක් ලුබූ බවත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් 08 වන දින සාක්ෂි දෙමින් පවසා තිබේ.

පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටියේ ජනාධිපති රාජපක්ෂගේ අන්තේවාසකයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය. නාමල් රාජපක්ෂ සමඟ ලෝක සවාරි ගසමින් මුදල් කාබාසිනීයා කිරීම ගැන ඔහු ප්‍රසිද්ධියක් ලබා තිබුණි.

එවකට මහ බැංකු අධිපති වූ ඔහුගේ නැගණිය මහ බැංකුව සමඟ ගනුදෙනු කළ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් හොල්ඩින්ස් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටීම රවි කරුණානායක අර්ජූන් ඇලෝසියස්ගෙන් නිවසක් ලබා ගැනීමට සමාන නොවූවද එවැනිම ලැදියාවන් අතර ගැටුමකි.

මේ ගැන රාජපක්ෂවරු තවම නිහඬය.

 

Archive

Latest news

Related news