Tuesday, July 16, 2024

පළාත් සභා ජන්ද කල් දැමීමේ සහ බලය බෙදීම අහෝසි කැරෙන ගැසට් පත්‍රය මෙන්න!

ජායාරූපය: වසර ගණනනාවකට වසා දැමිය හැකි මැතිවරණ කොමිසමේ කාර්යාලය.

සැප්තැම්බර් මාසයේදී කාලය අවසන් වීමට  නියමිත සබරගමුව, නැගෙනහිර සහ උතුරුමැද පලාත් සභාවන්හි කාලය 2019 දක්වා කල් තැබීම පිණිස අගමැති රනිල් වික්‍රමසංහ විසින් ඉදිරිපත් කරනු ලදුව කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරන ලද  යෝජනාව දැන් ගැසට් පත්‍රයක් ලෙස එළි දක්වා තිබේ.

මෙය සඳහන් වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය ලෙසය.

එම ගැසට් පත්‍රයෙහි මේසේ සඳහන් වෙයි.

154ඈඈ. සියලුම පළාත් සභාවලට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම එකම දිනයක පවතව්න ලැබිය යතු අතර, සියලුම පළාත් සභා විසිරෙන දිනය පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේ ය.
එසේ වුව ද, ඒ නිශ්චිත දිනය, අවසානයට සංස්ථාපනය කරන ලද පළාත් සභාවේ ධුර කාලය ඉකුත් වන දිනයට පසු දිනයක් නො විය යුත්තේ ය.”.

මෙම ගැසට් පත්‍රයෙහි එන තවත් භයානක වගන්තියක්  වන්නේ කවර හෝ හේතුවක් ( මැතිවරණ පෙත්සමක් උඩ හෝ)  පළාත් සභාවක් විසිර ගියහොත් එහි බලතල පාර්ලිමේන්තුව විසින් පවරා ගනු ලැබීමය. මෙමගින් බලය බෙදීමේ සංකල්පය පුස්සක් බවට පත්වෙයි.

154ඉඉ. 154ආ ව්‍යවස්ථාවේ (8) වන අනුව්‍යවස්ථාවේ (ඇ) ඡේදයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ හේතුව නිසා හෝ යම් නීතියක නිශ්චිතව දක්වා ඇති වෙනත් යම් හේතුවක් නිසා යම් පළාත් සභාවක් විසුරුවා හරිනු ලබන අවස්ථාවක දී, ඒ පළාත් සභාවේ බලතල, නිශ්චිත දිනය තෙක් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු අතර, 154ඔ සහ 154ඕ ව්‍යවස්ථාවල සඳහන් විධිවිධාන, අවශ්‍ය වෙනසක්ම් සහතිව පළාත්  සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.”.

ගැසට් පත්‍රය පහත දැක්වේ:

Archive

Latest news

Related news