තව දින දෙසතියකින් අවසන් වන එජාප – ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුම මෙන්න

1165

එජාපය සහ ශ්‍රිලනිපය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මෙම මස 22වන දිනයෙන් අහෝසි වෙයි. ගිවිසුම දෙසැම්බර් 31වන දින දක්වා පවතින බවට ජනාධිපති සිරිසේන විසින් කරනු ලබන ප්‍රකාශයට  මෙම ගිවිසුමට අනුව වැරදිය.

ගිවිසුමෙහි අඩංඟු බොහෝ කරුණූ ඉටු නොවී ඇති බව එය කියැවීමෙන් තේරුම් ගත හැකිය.

ගිවිසුමෙහි මෙසේ සදහන් වේ.

(පහත සඳහන් ) මෙම අවබෝධතා ගිවිසුම වසර 2 කාලයක් වලංගුවන අතර දෙපාර්ශවයේ එකඟතාවය මත දීර්ඝ කළ හැක. මෙම ගිවිසුම පවතින කාලය තුල අදාල පක්ෂ දෙකේ ජනතා නියෝජිතියින්ට පක්ෂ දෙක අතර මාරු කිරීමට ඉඩ නොදීමට දෙපාර්ශවය එකඟ වේ.
2015 අගොස්තු මස 21 දින අත්සන් කරන ලදී.