Saturday, July 20, 2024

අගමැතිතුමනි, ඔබේ 40 වසර සැමැරීමට මහජන මුදල් සහ ආයතන යොදා ගන්න එපා!

ජායාරූපය: නොපෙනෙන බලවේගයන්ට බයෙන් ගැහෙන රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ කොවිලකදී ( හින්දුස්තාන් ටයිම්ස් ජායාරෑපයකි)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පොදු ජන සේවයේ වසර 40ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් අගෝස්තු 3 වන දින සිට උත්සව රාශියක් පවත්වන ලෙස දන්වමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ජුලි 27 වන දින සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමු කර ඇති බවට සඳහන් වන වාර්තා පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය දැඩි කනස්සල්ලට පත්ව ඇත.

එම ලිපියේ අඩංගු උපදෙස් පිළිපැදීමට නම් පොදු ආයතනයන්හි සම්පත් රාශියක් ඒ සඳහා වැය කළ යුතුවේ. ලිපියේ සඳහන් කර ඇති පරිදි දිවයින පුරා බෝධි පුජා 1300 කට අධික ප්‍රමාණයක් පැවැත්වීමට අමතරව සියලු ආගම් නියෝජනය වන පරිදි තවත් උත්සව රාශියක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් විසින් සංවිධානය කළ යුතුව තිබේ. මෙය මෙම ආයතනයන්හි ප්‍රමුඛ කාර්යභාර්ය වන මහජන සේවයට පටහැනි වියදමක් බව අමතක නොකළ යුතුය.

පොදු ජන සේවය අගය කළ යුතු නමුත්, සංවිධානය කර ඇති උත්සවයන්හි පරිමාණය සලකා බලා එම උත්සව නැවත්වීමට පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා ගෙන් TISL ආයතනය කාරුණිකව ඉල්ලා සිටිති. විකල්පයක් ලෙස එම උත්සව මානව හා භෞතික යන දෙයාකාරයේම පොදු සම්පත් භාවිතයෙන් තොරව පැවැත්විය යුතුය.

පෞද්ගලික හෝ දේශපාලනමය වාසි ලබා ගැනීම සඳහා පොදු සම්පත් භාවිතා කිරීම දුෂිත ක්‍රියාමාර්ගයක් වන බවත් එය යහපාලනයේ මුලධර්මයන්ට සපුරා පටහැනි බවත් අදාල බලධාරීන් නැවත සිහි කර ගත යුතුය.

Archive

Latest news

Related news