Monday, May 20, 2024

උමා ඔය හර්තාලයෙන් පස්සේ මේ ඇමති අනු කමිටුවත් ජනතාවට කොකා පෙන්නනවා

කීර්ති තෙන්නකෝන්.
 
විජිතමුණි හා මහින්ද අමරවීර දෙනවා කියූ ඉඩම්, නිවාසජල බව්සර්රජයේ නිල නිවාස එකම සහනයක්වත් බණ්ඩාරවෙලට තවම ලැබී නෑ
 
උමා ඔය හර්තාලයෙන් දින 20 ක් ගත වී ඇතත් රජය දෙනවා යැයි කියූ කිසිදු සහනක් තවමත් බණ්ඩාරවෙල ජනතාවට නම් ලැබී නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.  මේ මොහොත වෙනකල් (ජූලි 18 සවස 2) අමතරව දෙනවා යැයි කියූ එකම වතුර බවුසරයක් බණ්ඩාරවෙලට නම් ඇවිත් නෑ. එකම විකල්ප බිම් අගලක් ජනතාවට බෙදා දීලා නෑ.  මිලියන 300 ක් දෙනවා කිව්වාට එකම රුපියලක් රජයේ ගිණුමෙන් ජනතාවට බෙදා දීලා නෑ.  මහියංගනයෙන්-ඔහියෙන් වතුර ගේනවා කිව්වා.  එකම වතුර බාල්දියක් තවම ගෙනත් නෑ.  රූපවාහිනී සාකච්ඡාවල විජිතමුණි – අමරවීර කිව්ව කථා එකක් වත් ඉහළ ඌවේ මහපොළොවේ නම් නෑග
අතිරේක වතුර බව්සර් දෙනවා කියලා ඇමතිවරු කිව්වා. ජනාධිපතිතුමා කිව්වා.  දැන් දෙනවා කිව්වා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බව්සර් හතරක් දෙනවා කිව්වා.  අලුත්ම වතුර බව්සර් කොළඹ තියාගෙන ඉන්නවා.  උත්සව තියන්න. 
 
පහුගිය ජනවාරි 9 දා ක්‍රේග් වත්තෙන් ඉඩම් අත්පත් කරගෙන දෙන්න කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය දුන්නා.  ජූලි 9 ඉඩම පරවාගන්නවා කියලා ජනාධිපතිතුමා හිටපු රැස්වීමේ දී කිව්වා.  ජූලි 16 ඉඩම මනිනවා කිව්වා.  පට්ටපල් බොරු.  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය තවම ඉඩම පවරා ගැනීමේන් පසුව ඉඩම් අමාත්‍යාංශයට ඒ බව දැනුම් දීලා වත් නෑ.  කැබිනට් තීරණ සාකච්ඡාවේ දී ගිය සතියේ ඉඩම් බෙදුවා.  ඒත්ඉඩම් අමාත්‍යාංශයේ අනුමැතිය නැතිව  බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට 2 වගන්තිය යටතේ නිවේදනය නිකුත් කරන්න බෑ.  අඩුම ගානේ ඒක වත් වෙලා නෑ.  ඉතින් රටේ කොයි නීතිය යටතේ ද ඉඩම් මනින්නේ? තක්සේරු කරන්නේ? 
 
රුපියල් මිලියන 300 ක් රජයෙන් දෙනවා කිව්වට බදුල්ල කච්චේරියෙන් කියනවා තවම එකම රුපියලක් මිනිස්සුන්ට දුන්නේ නෑ කියලා.  ජනාධිපති-විජිතමුණි-අමරවීර ඇමතිවරු කාවද මේ රවට්ටන්නේ?
පහුගිය දින 20 ට නිවාස වන්දි දුන්න එක මිනිහෙක් ගේ නමක් කියන්න කියලා මම විජිතමුණි ඇමතිවරයාට අභියෝග කරනවා.  වගා සහන ගෙවපු එක ගොවියෙක් ගේ නමක් කියන්න කියලා අමරවීර ඇමතිවරයාට කියනවා.  හර්තාලයෙන් පස්සේ ගෙවී ගිය දවස් 20 පුරාම උමා ඔය සහන ගැන ඇමතිවරු කියන්නේ චේතිය ඝණයේ පච!
 
දැන් දවසෙන් දවස ඉවත් කළ යුතු නිවාස සංඛ්‍යාව වැඩි වෙනවා.  ඇල්ල දික්අරාවේ ගෙවල් 5 ක් ඉවත් කලා.  හැබැයි ඒ මිනිස්සු වැටුනේ මහ පාරට.  රජයේ නිල නිවාස 53 ක් දෙනවා කිව්වා.  දැන් මාස 6 යි. පලාත් මහ ඇමතිතුමා නිවාස 3 ක් නිදහස් කලා.  එච්චරයි.  මිනිස්සුන්ට දෙන්න නිල නිවාස අලුත්වැඩියාවට අනුමැතිය ගන්න මාස 5 ගියා.  පරණ අවුරුද්ද දවසේ පරිසර වාර්තාවට අනුමැතිය දීලා මේ හෙන ගෙඩිය ජනතාව මත පතිත කරපු බලධාරීන් අද ගෙවල් අනුමැතියට මාස 5 ක් ගන්නවා.  තවත් නිවාස 28 ක් ජීවත් වෙන්න බැරි බව හදුණාගෙන තියෙනවා.  මිනිස්සු කොහාටද යන්නේ.  ගෙවල් කුලී ගියලා දෙන්නේ රු. 15,000 යි.   එකෙන් දැන් බණ්ඩාරවෙල හරක් මඩුවක්වත් ගන්න බෑ.
 
බදුල්ල දිසාපතිවරයාට බලතල දුන්නා කිව්වා.  සහන කාර්යාලයට බලතල දුන්නා කිව්වා.  කොන්ත්‍රාත් සමාගමෙන් නම් වතුර ටැංකියක් වත් දුන්නා.  හැබැයිතවම ආණ්ඩුව නම් ඒකවත් කළේ නෑ.
 
කිණිගම, හීල්ඔයබිදුණුවැව විතරයක් නොවෙයි දැන් දෝව ත් හිදිලා.  කුඹල්වෙල හිදෙන්න පටන් අරං.  දෙමෝදර දක්වා වතුර අඩු වෙලා තියෙනවා.   දැන් වතුර ගලාගෙන යන්නේ මුහුදු මට්ටමෙන් මීටර් 218 ක් උඩින් තියෙන උමං කටින්.  මේ උච්චත්වයට ජලය හිදෙයි කියලා දැන් බියක් තියෙනවා.  දෙමෝදර දක්වා සමෝච්ච රේඛාවක තියෙන ලිං දැන් ටික ටික හිදෙනවා.
 
අපිට තියෙන එකම බලාපොරොත්තුව දේශීය විදේශීය විශේෂඥයින් එකතුවෙලා මේ ජල කාන්දුව නවතා දමන්නට පුළුවන් වෙයි කියන එක විතරයි.  අදටත් තප්පරයට ජලය ලීටර් 765 ක් උමග තුලින් කාන්දු වෙනවා.  උමා ඔය දුක දෙවියන්ටවත් කියලා වැඩක් නෑ.  පන්සල් පල්ලි 23 ක් එක්ක බදුල්ලේ ලොකුම පිං කැටේ දෝව පන්සලට‘ දැන් වතුර පොදක්වත් නෑ.

Archive

Latest news

Related news