Monday, May 20, 2024

රාජපක්ෂට රෙදි නැතිව කඩේ ගිය දිසාපතිවරයකුගේ උමා ඔය භූමිකාව

රජිත් කීර්ති තෙන්නකෝන්.

උමා ඔය විනාශය ‘ව්‍යසනයක් – ඛෙදවාචකයක්‘ බවට පත් කළ රාජ්‍ය සේවයේ ‘කළු පොත්‘ කණ්ඩායම

උමා ඔය පළමු ප්‍ර‍ධාන දිය කාන්දුව වාර්තා වූයේ 2014 දෙසැම්බර් 24 වන දින මාධ්‍ය රාත්‍රීයේ ය. රටම ජනාධිපතිවරණ උණුසුමින් රත්වන තිබූ විට දෙසැම්බර් 30 බණ්ඩාරවෙල නගරයේ උද්ඝෝෂණයක් තිබුණි. එදා බදුල්ල දිසාපතිවරයා රෝහණ දිසානායක මහතා ය. ඔහු ජනවාරි 15 වන විට නිවාස අහිමි පුද්ගලයින්ට රු. 15,000 ක දීමානාවක් දුන්නේය. එදා දෛනික ජල අවශ්‍යතාව බව්සර් මගින් සැපයීම් ඇරඹීය. ගොවීන් වගා සහන දීමේ වැඩ සටහන් සැලසුම් කිරීම ඇරඹිණි. ජනාධිපතිවරණයේ තේරීම්භාර නිලධාරි භුමිකාව ද කරන අතර තුර සහන සැලසීම ඇරඹීමට දිසානායක මහතා ට ගත වූයේ දින 15 ක් පමණී.

[alert type=”success or warning or info or danger”]ජනාධිපතිවරණ සමයේ පොලොන්නරුව දිසාපතිවරයා වූයේ නිමල් අබේසිරි මහතා ය. තමාට අයත් නැති රාජකාරි පවා සිදු කරමින් ඔහු එදා ‘ගිණි කසයා‘ ලෙස වැඩ කළේය. ඌව පළාත් සභා මැතිවරණයේ ශෂින්ද්‍ර‍ රාජපක්ෂ දිනවන්නට රු. 2500 අරගෙන මොණරාගල ද ගියේය. ඒ රාජකාරියෙන් පරිබාහිරව තිබූ කැපවීම නිසාය. ජනාධිපතිවරණයේ දී රාජ්‍ය සේවකයින්ට මෝටර් බයිසිකල් බෙදමින් මහින්ද රාජපක්ෂ මහතාට රාජ්‍ය සේවකයින් ඡන්දය දිය යුත්තේ ඇයි?‘ කියා කවි කිව්වේ ද තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි ය. විටෙක ඔහු රැස්වීම් 11 ක දිනකට කවි කියා ඇත.[/alert]

එදා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්වරයා ඊ.එම්.එස්.බී.ජයසුන්දර ය. සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරින්, තාක්ෂණික සේවයේ නිලධාරීන් එක්ව ජනතාවගේ ගැටළු විසදීමට සැකසූ වැඩ පිළිවෙල සාර්ථක විය. ජනතාවට දුක් අදෝනා තිබුණි. නමුත්, ඒවාට රාජ්‍ය සේවය ඉක්මනින් මැදිහත් විය.

ජනාධිපතිවරණ සමයේ පොලොන්නරුව දිසාපතිවරයා වූයේ නිමල් අබේසිරි මහතා ය. තමාට අයත් නැති රාජකාරි පවා සිදු කරමින් ඔහු එදා ‘ගිණි කසයා‘ ලෙස වැඩ කළේය. ඌව පළාත් සභා මැතිවරණයේ ශෂින්ද්‍ර‍ රාජපක්ෂ දිනවන්නට රු. 2500 අරගෙන මොණරාගල ද ගියේය. ඒ රාජකාරියෙන් පරිබාහිරව තිබූ කැපවීම නිසාය.

ජනාධිපතිවරණයේ දී රාජ්‍ය සේවකයින්ට මෝටර් බයිසිකල් බෙදමින් මහින්ද රාජපක්ෂ මහතාට රාජ්‍ය සේවකයින් ඡන්දය දිය යුත්තේ ඇයි?‘ කියා කවි කිව්වේ ද තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි ය. විටෙක ඔහු රැස්වීම් 11 ක දිනකට කවි කියා ඇත.

ජනාධිපතිවරණයෙන් මහින්ද රාපක්ෂ ජයග්‍ර‍හණය කළේ නම් නිමල් අබේසිරි බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලන්නේය. ඔහුට අවශ්‍ය වුනේ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ බලකොටුව වූ පොළොන්නරුවට තරග කිරීමය. මහින්ද රාජපක්ෂ මහතා ට අවශ්‍ය වූවේ ඔහු තංගල්ල දමා මහින්ද අමරවීර පරද්දන්නටය. බැසිල් රාජපක්ෂ ට අවශ්‍ය වූයේ ඔහු රත්ගම අපේක්ෂකයා කරන්නටය. මහින්ද රාජපක්ෂ මහතා සමග මැතිවරණ ප්‍ර‍තිඑල අසා පරාජයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා බදාගෙන අඩා අරලියගහ මන්දිරයෙන් පිටත් වී මෛත්‍රීපාල සිරිසේන මහතා ලග ජනාධිපති ලේකම් ධූරයේ වැඩ බාරගත් පී.බී.අබේකෝන් මහතා, විශ්‍රාම ගිය අබේසිරි මහතා ට සේවා දිගුවක් ද දුන්නේය. ඒ පරණ යාලු කමට විතරක් නොව උමා ඔයට කාර්යක්ෂමව සහන සලසන්නට කියා සටහනක් ද තබමිනි.

අද බදුල්ල දිසාපති අන්න ඒ නිමල් අබේසිරි ම ය. රාජ්‍ය සේවකයින්ට 2015 ජනාධිපතිවරණයේ අල්ලස් ලබාදීමේ වැඩසටහනේ කවි කථිකයා වූ නිමල් අබේසිරි මය.

ජනයා ගිලා බස්සවන උමා ඔය විනාශය

ඌව වෙල්ලස්ස කැරැල්ලට වැඩි විනාශයක් දැන් උමා ඔය බදුල්ලට සිදු කර අවසන්ය. ප්‍රාදේශීය ලේකම්වරු බදුල්ලට හැදූ සහන වැඩ පිළිවෙල රෝහණ දිසානායක දිසාපතිවරයා ඇරඹි වැඩසටහන විනාශ කළේ ද 2015 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තු යන්නට සිටි නිමල් අබේසිරි ය.

බණ්ඩාරවෙල, ඇල්ල හා වැලිමඩට පානීය ජලය සැපයීම අද උමා ඔය විපතට පත් වූ ජනතාවගේ ප්‍ර‍මුඛ අවශ්‍යතාවය යි. ඒ සදහා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා කටයුතු යෙදීමට ජූලි 10 ජනාධිපතිවරයා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා බදුල්ලට යැවීය. (ඒ වන විට කොන්ත්‍රාත් සමාගම බවුසර 48 ක් යොදවා තිබුණි) අතිරේක අවශ්‍යතාව බවුසර් 20 කි. එයින් බවුසර් 4 ක් පසුගිය 17 බණ්ඩාරවෙලට ගිය බව ජනාධිපතිවරයාට යැවූ ප්‍ර‍ගති වාර්තාවල දැක්වේ. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ය. ජූලි 19 (ඊයේ) සවසත් අලුතෙන් බවුසර් බණ්ඩාරවෙලට ගොස් තිබුණේ නැත!

පරිපාලන සේවයේ වදකාගාරය යැයි රාජ්‍ය සේවයින් කියන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් ගංවතුර වෙලාවේ ටී ෂර්ට් ගහන්නට, බෑග් මහන්නට දැක්වූ උනන්දුවෙන්, කාර්යක්ෂමතාවයෙන් දශමයක් බණ්ඩාරවෙල ට වතුර බෙදන්නට නැත. දවස් හයක් (6) මේ බවුසර් කොළඹ නිකං තිබුණේය.

ජනාධිපතිවරණයේ දී අම්පාර තේරීම් භාර නිලධාරිවරයා ලෙස කටයුතු කළ නීල් ද අල්විස් ඡන්ද අපේක්ෂක මහින්ද රාජපක්ෂ ට බුලත් අතක් ද රැගෙන ගොස් වැද වැටී ආචාර කළේ .. හෝටලයේ දී ය. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටි නිල නොවන ඡන්ද ප්‍ර‍තිඑල කිහිපයකට ඔහු තම බිරිද ද සමග ප්‍රීතියෙන් අප්පුඩි ගැසුවේ තේරිම් භාර නිලධාරි ලෙස රාජකාරි කරන අතරමය. ඒ පිළිබද මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි අංශයට ලැබුණු පැමිණිලි අංකය 68 ය.

2015 ජනාධිපතිවරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍ර‍හණය කළේ නම් මහා මැතිවරණයට ගාල්ලේ බද්දේගමින් නීල් ද අල්විස් ඡන්දය ඉල්ලන්නේය. එය හොදින්ම දන්නේ එදා ශ්‍රීලනිප යේ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාමය.

නිමල් අබේසිරි ත්, නීල් ද අල්විස් දෙදෙනාම ඔය පුටුවල වාඩි කළේ හිටපු ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් ය. මංගල සමරවීර ඇමතිතුමාගේ කළු පොතේ වැඩිම වාරයක් නම සදහන් වූ පස් දෙනාගෙන් මුල්ම තුන් දෙනා ඒ අයම මිස වෙනත් කිසිවෙකුත් නොවේ.

උමා ඔය විපතට පත් වූවන් සම්බන්ධයෙන් රජය 2015 ජනවාරි 9 කැබිනට් පත්‍රිකාවකින් ගත් තීරණ එකක් හෝ 2017 ජූනි 28 බණ්ඩාරවෙල හර්තාලය තෙක් ඉටු කරන්නට නිමල් අබේසිරි දිසාපති කටයුතු කළේ නැත. මාස 6 කට ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ නිවේදනය නිකුත් කිරීමට ඔහුට හැකි වූයේ නැත. ඊයේ මේ ක්‍රියාව හෙළිදරව් කිරීමෙන් පසුව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ අර්බුදය පැය ගණනික් විසදුවේය. දින තුනකින් ඉඩම් කට්ටි කළ හැකි වනු ඇත.

පසුගිය ජුලි 10 පරිසර හා මහවැලි අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ත්, ස්වදේශ කටයුතු ලේකම් නීල් ද අල්විස් මහතා ත් බදුල්ලට ගියේ දිසාපතිගෙන් නොකෙරන වැඩේ කරන්නට ජනාධිපතිවරයාගේ නියෝගය ද අරගෙන ය. දැන්, බදුල්ල දිසාපතිවරයා කරන්නේ ජලය, නිවාස, රජයේ නිල නිවාස, වන්දි, ඉඩම්, වගා සහන ගැන පට්ටපල් බොරු ලියා කොළඹට යොමු කිරීමය.

රජය රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමෙන් පසුවත් 2017 ජූලි 18 සවස 2 දක්වා එක් රුපියලක් රජයේ අරමුදලින් උමා ඔය විපතට පත්වූවන්ට ලබා දී නැත. රජයෙන් එක් වතුර බවුසරයක් දී නැත. හර්තාලයෙන් පසුව ගෙවී ගිය දින 20 තුල එකම නිවසක්, එකම නිල නිවසක් අලුත්වැඩියාවක්, නිවාස වන්දි එකම රුපියලක්, වගා සහන/වන්දි එකම සතයක් ගෙවා නැත. රජයේ අරමුදලින් එකම ටැංකියක්, පයිප්ප බටයක් දී නැත. ලංකා ඉතිහාසයේ මිනිසා විසින් ඇති කළ දැවැන්තම ව්‍යසනයට බදුල්ල දිසාපති ලබා දී ඇති දායකත්වය එසේය.
මේ දිසාපතිවරයා ලියා දුන් වාර්තා කියවූ මහින්ද අමරවීර හා විජිතමුණි සොයිසා අමාත්‍යවරුන් ද, ඒ වාර්තා විශ්වාස කරන ජනාධිපති ලේකම්තුමා හා ජනාධිපතිතුමා ගැන ද ඉහළ ඌවේ ජනතාවට ඇත්තේ කණගාටුවක් නොව කෝපයකි.

හර්තාලයෙන් පසුව ෆරාබ් සමාගම බණ්ඩාරවෙල පවුල් 4 කට රු. 15,000 බැගින් ගෙවල් කුලී ගෙවා ඇත.
ෆරාම් සමාගම ජූලි 14 දින බණ්ඩාරවෙල ප්‍රා.ලේ. කොට්ඨාශයේ පවුල් 4 කට නිවාස වන්දි ලෙස රු. 12,813,000.00 ක් ද, ඇල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයේ නිවාස 3 කට රු. 7,630,000.00 ක් ද ගෙවා ඇත. ජල ටැංකි 5000 ක් ද, ජල නල මීටර් 18,000 ක් ද ලබා දී ඇත. ඒ සියල්ල කොන්ත්‍රාත්කරුගේ ගිණුමේ මුදල් මිස රජයේ මුදල් නොවේ.

උමා ඔය නිසා බදුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7 කට බලපෑම් සිදුවෙමින් ඇත. 2017 ජූලි 18 දක්වා මේ ජනතාවට සහනයක් ලැබුණා නම් ඒ කොන්ත්‍රාත් සමාගම ලබා දුන් දේම පමණක් ය. වතුරට, ටැංකි, ගොවි සහන, නිවාස වන්දි සියල්ලටම බිල් ගෙව්වේ කොන්ත්‍රාත්කාර සමාගමය.

බදුල්ල දිසාපති ගිණුමේ රු. මිලියන 300ක් ගිණුමේ තැම්පත් කොට එය මත සැතපීම ඉහළ ඌව ජනතාවගේ පාපය විය නොහැකිය.

මේ රටේ ජනාධිපති පුටුවේ මෛත්‍රී, රනිල් හෝ මහින්ද හිටියාට මට කමක් නැත. නමුත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ සිටියා නම් නීල් ද අල්විස් ‘දැයට කිරුළු‘ පැලදූ වේගයෙන් බණ්ඩාරවෙලට ජල බවුසර් සපයනු ඇත්තේය. නිමල් අබේසිරි දිනකට රැස්වීම් 11 ක කවි කථා පැවැත්වූ වේගයටත් වඩා ජවයකින් ඉගිලෙමින් පැද්දෙමින් ජනතාවට සහන සපයනු ඇති බව නම් සහතිකය.

Archive

Latest news

Related news