Friday, May 3, 2024

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට වාමාශික පෙරමුණෙන් ආරාධනා

තමන් සමාජවාදය ගොඩනැගීම කෙරෙහි විශ්වාස කරන නමුත් අද අවශ්‍යතාවය වන පුළුල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා එක්වන්නැයි එක්සත් වාමාංශික පෙරමුණ අද ප්‍රසිද්ධ ආයාචනයක් කලේය.

මෙම ආයාචනය කරන ලද්දේ මැතිවරණ කොමිසම විසින් සිය පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් පිළිගැනීමෙන්ම පසු ප්‍රථම පුවත්පත් සාකච්ජාවට එක්වූ එහි ප්‍රධානීන් වන අධිනීතිඥ ලාල් විජේනායක, පාර්ලිමේන්තු මංත්‍රී ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සහ විජයකුමාර් ඇතුළු සහෝදරවරුන් විසිනි.

මෙවැනි ව්‍යාපරයක් සඳහා සංවිධානාත්මක කම්කරු පංතිය මෙන්ම පුළුල් පිරිස් එක්කර ගැනීමට තමන් කටයුතු කරන බව පැවසූ ලාල් විජේනායක සිය දේශපාලන අරමුණූ ඉටු කර ගැනීම සඳහා මැතිවරණ මෙන්ම වෙනත් අරගල ක්‍රමද යොදා ගන්නා බව කියා සිටියේ ය.

ලාල් විජේනායක අදහස් දක්වයි

නව ව්‍යවස්ථාවක් ගොඩ නැගීම පිළිබදව අදහස් දැක්වු ලාල් විජේනායක කියා සිටියේ තමන් රට පුරා කරන ලද මහජන අදහස් විමසීම්වලදී කිසිම අයකු ව්‍යවස්ථාවෙන් බුදු දහමට ලැබී ඇති තැන අහෝසි කරන ලෙස ඉල්ලා නොසිටි බවත් මේ සම්බන්ධයෙන් ජාතිවාදී කොටස් ගෙන යන ප්‍රචාර අමූලික බොරු බවත් ප්‍රකාශ කළේය.

තමා ප්‍රධානත්වය ගත් එම මහජන අදහස් විමසීමෙහි ප්‍රතිපළයක් වශයෙන් ඉතා විස්තීර්ණ මානව හිමිකම් පරිච්ජේදයක් එහි ඇතුළත්ව ඇති බවත් එමගින් මෙරට සෑම පුරවැසියකුගේම අයිතීන් සුරැකෙනු ඇති බවත් කියා සිටියේ ය.

‘ අද ව්‍යවස්ථා කෙටුම්පත් සකස්ව තිබෙන බවත් ඒ ගැන ප්‍රසිද්ධියේ යමක් කීමට මෙය අවස්ථාව නොවෙයි. නමුත් අද බලය බෙදීමට ජවිපෙ එකඟ වී තිබෙනවා. ඒකීය රට යන සංකල්පය තුළ බලය බෙදා ගැනීමට දෙමළ ජාතික සන්ධානය එකඟ වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබෙනවා. නමුත් මහජනයාගේ අදහස් නොවිමසා ව්‍යවස්ථාවක් සම්මත කීරීම හරි නැහැ. මහජනයාගේ කැමැත්ත විමසීමට විරුද්ධ වන හේතුව මට නම් තේරෙන්නේ නැහැ’ යැයි ප්‍රකාශ කළ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මෙම අවස්ථාව පැහැර නොහැරිය යුතු බව ප්‍රකාශ කළේය.

ජයම්පතී වික්‍රමරත්න පුවත්පත් සාකච්ජාව අමතයි

සයිටම් ප්‍රශ්ණය පිළිබඳ පැන නැගුණූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ රාජ්‍ය යටතේ නිදහස් අධ්‍යාපනය පුළුල් කිරීමට සහ රාජ්‍ය ආදායමෙන් සියයට 06ක් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින අතරම අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන්ද තමන් පෙනී සිටින බවයි. පුද්ගලික අංශය මගින් අධ්‍යාපන ආයතන පවත්වා ගැනීමට තමන් පක්ෂ බව ද ඔහු සදහන් කළේය.

Archive

Latest news

Related news