Friday, March 29, 2024

සිවලෝගනාදන් විද්‍යා නඩුව වාර්තාකරණය ගැන පුරවැසි ඉල්ලීමක්

ජායාරූපය: ජනමාධ්‍යවේදීන් අනෙකාගේ අයිතිය ගරු කිරීමට ඉගෙන ගත යුතුය. වින්දිතයින්ට හිරහැර වන ලෙස ජායාරූපකරණය හෝ වාර්තාකරණය නොකළ යුතුය.

“සිවලෝගනාදන් විද්‍යා” නැමති පාසල් ශිෂ්‍යාව 2015 වසරේ මරා දැමීම සම්බන්ධයෙන් වන නඩු විභාගය යාපනය මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සම්බන්ධයෙන් ආචාර ධර්මශීලී මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් පුරවැසි කන්ඩායමක් ඉල්ලීමක් කර තිබේ.

එම වාර්තාකරණයේදී   මියගිය විද්‍යාටත්, ඇයගේ පවුලේ අයටත්, සමස්ත මහජනතාවටත් කුමන අන්දමේ බලපෑමක් ඇති කර තිබෙන්නේද යන්නත් ඔවුන්ගේ ගරුත්වයට සහ පුද්ගලිකත්වයට මෙයින් විය හැකි බලපෑම පිළිබඳවත් සිතා බලා මෙම තොරතුරු වාර්තා කර තිබෙන්නේ නම් පමණක් අපට සතුටු විය හැකි වුවද එවැන්නක් සිදුව නොමැති බව සිය අදහස බව එම කන්ඩායම කියා සිටී.

විද්‍යාගේ මිනීමැරුම් නඩු විභාගය සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තාවලට අනුව ඇය කුමනාකාරයෙන් ලිංගික අපයෝජනයට ලක්ව ඝාතනය වී තිබෙන්නේද යන්න “අමු අමුවේ” කියා පෑමට බොහෝ මාධ්‍ය ආයතන කටයුතු කර තිබීම මෙම පුරවැසි කන්ඩායම හෙළා දකී. එමඟින් සිදුව ඇත්තේ ලිංගික අතවරයට ලක්ව මිය ගිය විද්‍යා දැරිය ඔබ මාධ්‍යයන්හි පළවන වාර්තා තුළින් නැවත දුෂණයට ලක් කිරීමක් බව ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

කාන්තාවකට සිදු වූ අසාධාරණයක් හෙළිදරව් කරනවාය යන අදහසින් විද්‍යා මුහුණ දුන් බේදනීය තත්ත්වය, මාධ්‍ය ආයතනයන් විසින් වාර්තා කිරීමේදී ඇයටද, ඇයගේ පවුලේ ඥාතී මිත්‍රාදීන්ටද සිදුව ඇත්තේ අසාධාරණයක් බව සිය හැඟීම බව ප්‍රකාශ කරන එම පිරිස  මෙම සිදුවීමට අදාළ තොරතුරු වාර්තාකරණයේදී නඩු විභාගයට අදාළ සංක්ෂිප්ත තොරතුරු පමණක් වාර්තා කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටි. එසේම විද්‍යාට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශයට පත් නොකරන මෙන්ද  ඉල්ලා සිටී.

මෙම මාධ්‍ය නිවේදනයට පහත සඳහන් පුරවැසියන් අත්සන් කොට තිබේ.
ස්තූතියි
මෙයට විශ්වාසී,
1. V.Weerasingham
2. M.C. M Razmin
3. Kamani Jinadasa
4. Samitha Sugathimala
5. Kumari Kumaragamage
6. Kumarawel Ragu
7. Niroshan
8. K Pranawan
9. V.Poobalasingham
10. Kumarawel Dhayanithababu
11. S.Suresh
12. G prakaash
13. B.NarenKumar
14. S.Madhusan
15. I.Theeban
16. R,Krishnakumar
17. Ransuthamalar
18. S.Thushitha
19. R Sangakkaara
20. Shehan De Alwiz
21. Sharmila Ibraheem
22. Udeni Thewaraperuma
23. Kumari Hidamegama
24. Ramani Jayasundara
25. Saama Rajakaruna
26. Indika Dayarathne
27. Bimali Amarasekara
28. Jayani Abeysekara,
29. Ruvini ayesha Biyagama,
30. Aditha Ekmal

Archive

Latest news

Related news